Education News

රූපවාහිනියෙන්, ගුවන්විදුලියෙන් හෝ පුවත්පත්වලින් ළමා කාලය පිළිබඳව කතා බහ කර බොහෝ දෙනකු සිය ළමා කාලය සිහිපත් කරන අතරතුර නොවරදවා කරන එක්‌ ප්‍රකාශයක්‌ තිබේ. එය නම් "අපේ කාලයේ තිබුණ සෙල්ලම් කරන්න මේ දරුවන්ට වාසනාවක්‌ නැහැ නේ" යන්නයි. කුරුම්බැට්‌ටි මැෂිමෙන් ඇඳුම් මැසූ හැටි, පොල්පිති ගොනුන් ඇදගෙන ගිය හැටි ඔවුහු සිහි කරති. එසේ ම අද දරුවන් ද ඒ සෙල්ලම්වලට යොමු විය යුතු යුතු යෑයි ඔවුහු විශ්වාස කරති.

පළාත් පාලන අමාත්‍යාංශය සංවිධානය කරන පළාත් පාලන ආයතන අතර කළමනාකරණ තරගයෙන් මෙවර මහනුවර මහ නගර සභාව ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර, ගත වූ වසර වනවිට නගර සභාවට වසර 150 ක් සම්පූර්ණ වීමද තවත් අවස්ථාවකි. එම සිදුවීම් දෙකම අළලා ලද ජයග්‍රහණ සම්බන්ධයෙන් එහි නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතා සමග 'අද' කරන සංවාදයකි මේ.

ගෘහණියක් වැඩියෙන්ම අවධානය යොමු කරන තැන තමයි මුළුතැනගෙය. ඒ එක්කම බැඳිලා තියෙන තව දේ තියෙනවා. ඒ තමයි මුළුතැන්ගේ ඉදෙන රස මසවුළු පිළිගන්වන කෑම මේසය වගේම කෑම කාමරය. පිරිසුදුකම, අලංකාරය යන දෙකම වැදගත් ලෙස සලකන ගෘහණියන්, මේ ස්ථාන දෙක ම පිරිසුදුව වගේම ආකර්ෂණීය ලෙස සකස් කරගන්න උනන්දු වෙනවා. එයාලටයි මේ පලතුරු කූඩය පිළිගන්වන්න යන්නේ.

මෙම වසරේ නිකුත් වන බවට නිල දැනුම්දීම් සිදුකර ඇති ස්මාට්ෆෝන් අතර Asus Zenfone AR උපාංගය ඉතා ඉහළින් වැජඹෙන්නේ එහි අඩංගු නව තාක්ෂණය නිසාම බව කිව යුතුවේ. ද්විත්ව සිම්පත් ඇතුළු කළ හැකි ලෙස නිමාවී ඇති මෙම ස්මාට්ෆෝනය Super AMOLED capacitive touch screen තිරයකින් සන්නද්ධ වන අතර, එහි තිර ප්‍රමාණය අඟල් 5.7 ක් වේ. එයට Corning Gorilla Glass 4 තිර ආරක්ෂණ වීදුරුවකින් ආරක්ෂාව ලැබේ.

ඉන්දුනීසියාවේ ජීවත්වන ලොව වයස්ගතම පුද්ගලයා වන ම්බා ගොතො සිය 146 වැනි උපන් දිනය සමරා දින කිහිපයක් ගතවෙද්දී 105 වැනි වියේ පසුවන ප්‍රංශ ජාතික රොබට් මාර්චාන්ඩ් පැයක් තුළ සැතපුම් දහාහතරක් සිය පාපැදිය ධාවනය කරමින් වාර්තාවක් පිහිටුවීය.

පරම්පරාවෙන් පරම්පරාවට දරුවන්ගේ විනෝදාස්වාද ක්‍රියාකාරකම් වෙනස් වීම වැළැකිය නොහැකියි. තමන්ගෙන් පසු පරම්පරාවේ ක්‍රියාකාරකම් පිළිගැනීමට හෝ හුරුවීමට පවතින පරම්පරාව නම්‍යශීලී නොවීමත් වැළැකිය නොහැකියි.

මිලේනියල්ස්, සිංහලෙන් නම් සහශ්‍රකයන් යනුවෙන් පොදු වහරේ හැඳින්වෙන්නේ 21 වැනි ශතවර්ෂය නැත්නම් 2 වැනි සහශ්‍රයේ යෞවනත්වයට පත්වූවන්. සෙල්ෆි ගැනීම ඔවුන්ගේ ප්‍රියතම ක්‍රියාකාරකමක් බව සමාජයට රහසක් නොවේ.

දකුණු කොරියාව විසින් මේ දිනවල ශබ්දයේ වේගයට සමාන වේගයෙන් ගමන් කළ හැකි අධිවේගී දුම්රියක් නිර්මාණයෙහි නිරතවෙමින් පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දොඩම් ලෙලි ආහාරයට එක්‌ කර ගැනීමෙන් හෘද රෝග, පිළිකා, කොලෙස්‌ටරොල්, අධි රුධිර පීඩනය ඇතුළු රෝග ගණනාවක්‌ මඟ හරවා ගත හැකි බව බටහිර වෛද්‍ය පර්යේෂණවලින් අනාවරණය වී තිබේ.

ෆ්ලෑෂ් ඩ්‍රයිව් ලාංකේය භාවිත කරන්නන් අතරේ ව්‍යවහාර වන්නේ පෙන් ඩ්‍රයිව්, තම්බ් ඩ්‍රයිව්, මෙමරි ස්ටික් නැතහොත් යූ එස් බී ඩ්‍රයිව් යන නම්වලින්. මුල් කාලයේ 4, 8, 16 මෙගා බයිට් ධාරිතාවලින් අප හමුවට ආ ෆ්ලෑෂ් ඩ්‍රයිව් වර්තමානයේ ගිගා බයිට් ධාරිතාවලින් භාවිත කරන්නන් අතර සුලබව ගැවසෙනවා.

Education News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website