Education News

පෘථිවියේ ආදි ජීවය පිළිබඳ ඉපැරණි සාධක සොයාගැනීමට, විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා.

වසර කෝටි 420කට වඩා එම පොසිල පැරණි බව, ඔවුන් පෙන්වා දෙන්නේ. කැනඩාවේ ගල් ආශ්‍රිතව සිදුකරන ලද කැණීම්වලදී, මේ බව අනාවරණය කරගෙන තිබෙනවා.

එම ගල් අතර තිබී කුඩා සත්ව නාල ආදී පොසිල සොයාගැනීමටයි, විද්‍යාඥයින් සමත්ව ඇත්තේ. ක්විබෙක් ප්‍රදේශයෙන් සොයාගැනුණු ශුද්‍ර ජීවී කොටස් මිනිස් සිරුරේ කෙස්ගසකින් දහයෙන් එක් පංගුවක් පමණ වන බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ.

පාෂාණ අතර තිබී ඒවා සොයාගැනුණා. ජීවයේ සම්භවය පිළිබඳ නව මානයන්, මෙම අනාවරණයත් සමග විවර වන බවයි, විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

_රූපවාහිනි

බ්‍රහස්පතින්දා, 02 මාර්තු 2017 10:17

2018 දී සඳ වටා සංචාරයක්

සඳවටා චාරිකාවක යෙදීමේ අපේක්ෂාවෙන් පෞද්ගලික සංචාරකයන් දෙදෙනෙකු මේ වනවිටත් ඒ සඳහා මුදල් ගෙවා ඇති බව ඇමරිකාවේ පෞද්ගලික අභ්‍යවකාශ යානා සමාගමක් වන ස්පේස් එක්ස් (SpaceX) පවසයි.

2018 වසර අවසානයේ ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම්කර ඇති මෙම සඳවටා චාරිකාව සඳහා නියමිත ගාස්තුවෙන් විශාල කොටසක් එම පුද්ගලයින් විසින් ගෙවනු ලැබ ඇති බව ස්පේස් එක්ස් (SpaceX) සමාගමේ එලන් මස්ක් පැවසීය.

මේ අනුව වසර 45 කට පසු පළමු වතාවට මිනිසෙකුට ඈත අභ්‍යාවකාශය වෙත යෑමේ අවස්ථාව හිමි වන බව ඔහු ප්‍රකාශ කළේය.

නම හෙළි නොකළ එම පුද්ගලයින් දෙදෙනා රැගෙන යාමට නියමිත අභ්‍යවකාශ යානය, මේ වසර අවසානයේදී එහි පළමු මිනිසුන් රහිත පරීක්ෂණ අභ්‍යවකාශ ගමනේ යෙදීමට නියමිතව තිබේ.

එලන් මස්ක් ප්‍රකාශ කළේ ඇමරිකාවේ නාසා ආයතනයේ සහයෝගය මත අදාළ සැලසුම සාර්ථක කර ගැනීමට හැකිවී ඇති බවය.
"මින් පෙර කිසිවකු ගමන් කර නැති වේගයකින් මෙන්ම වෙනත් අයෙකු සෞරග්‍රහ ග්‍රහ මණ්ඩලයේ නොගිය දුරකට මොවුන් යාවි" යැයි ද ඔහු සඳහන් කළේය.

එසේ අභ්‍යාවකාශ ගතවන ප්‍රථම සංචාරකයන් දෙදෙනාගේ නම් සඳහන් කිරීම ප්‍රතික්‍ෂේප කළ මස්ක් පැවසුවේ ඔවුන් දෙදෙනා එකිනෙකා හඳුනන, හොලිවුඩ් සිනමාවට සම්බන්ධ නොවූවන් බවය.

ඇපොලෝ එකොළහ යානයේ අභ්‍යවකාශගාමීන් මෙන්ම මේ පුද්ගලයන් දෙදෙනාද නව සොයාගැනීම් පිලිබඳ මානවීය අභිලාෂයෙන් යුතුව සමස්ත මානව ප්‍රජාවේ බලාපොරොත්තු සහ සිහින රැගෙන සංචාරයේ යෙදෙනු ඇති බව ඔහු අවධාරණය කළේය.

මේ වසර අවසානයේදී ඔවුන්ගේ සෞඛ්‍යසම්පන්න බව සහ ගමන සඳහා යෝග්‍යතාව පරීක්ෂාවට ලක් කරන අතර අදාළ පුහුණුව ලබාදීමද සිදුකෙරෙන බව ඔහු සඳහන් කළේය.
පළමු ගමන මිනිසුන් රහිතව සිදුවනු ඇති අතර ඊළඟ වාරය කාර්යමණ්ඩලයක්ද සමග 2018 වසරේ දෙවන කාර්තුවේදී සිදුවනු ඇති බව ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන එලන් මස්ක් පැවසීය.

මෙම සංචාරකයන් මේ ගමනේ අනතුරුදායක බව පිළිබඳ අවබෝධයෙන් යුතුව ගමනට එක්වී සිටින අතර එම අනතුරුදායක බව අවම කිරීමට හැකි සෑමක්‍රියාමාර්ගයක්ම ගෙන ඇති බව ඔහු අවධාරණය කළේය.

මෙම සංචාරකයන් දෙදෙනා සඳ වටා කක්ෂයක ගමන් කිරීමට නියමිතව ඇති අතර ඔවුන්ට සඳේ මතුපිට සමීපව නිරීක්ෂණය කිරීමට අවස්ථාව උදාවන බවද ඔහු පැවසීය.
මෙහිදී සඳ මත පා තැබීමක් සිදුනොවේ.

1970 දශකයේ මුල් භාගයෙන් පසු ඇමරිකාව අභ්‍යාවකාශගාමීන් සඳ වෙත යවා නැත.

(BBC)

සජීවී තත්වය නිරුපනය කරන අතත්‍ය උපකරණ වලට ඇස සහ කණ බොහෝ සේ රැවටිය හැක. එනම් අප භාවිතා කරන ශ්‍රව්‍ය හා ද්‍රශ්‍ය උපකරණ වන තිරය හා ශබ්ද විකාසන යන්ත්‍ර ඇතුළු උපකරණ තුළින් රූප සහ ශබ්ද සත්‍ය ලෙස දැකීමටත් ඇසීමටත් හැකියාව තිබේ. ඒආකාරයෙන්ම මිනිසාගේ අනෙක් ඉන්ද්‍රියන්ද රැවටිය හැකි අතත්‍ය උපකරණ ළගදීම එළිදකිනු ඇත. විවිධ දේශගුණික තත්ව සජීවීව අතත්‍ය ලෝකයේදී දැනවීමට හැකි උපකරණ නිර්මාණය කිරීමට සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලාංකිකයකු වන නිමේෂ් රණසිංහ සමත් වී ඇති බව වාර්තා වේ.

Virtual Reality (VR ) නම් සජීවී අතත්‍ය අත්දැකීම් උපරිම කිරීමේ උත්සහයක යෙදෙන නිමේෂ් මින් පෙර ඉලෙක්ට්‍රොඩ මගින් පැණි රස අතත්‍ය ලෙස විදීමට සලස්වන ලදී. හිරු රශ්මිය සහ සුළං වේගය ශරීරයට අතත්‍ය ලෙස දැනීමට සලස්වන ඔහුගේ නවතම නිර්මාණය Ambiotherm නම් වේ.

වර්තමානයේ භාවිතා කරන සජීවී අතත්‍ය උපකරණයක් වූ ව’චුවල් රියලිටි හෙඩ්සෙට් (Virtual Reality Headset) ට සම්බන්ධ කළ උපාංග දෙකක් මගින් Ambiothermනිර්මාණය කර තිබේ. සුළං මොඩියුලය නම් මුල් උපාංගය ලෙස VR Headset ට කුඩා විදුලි පංකා දෙකක් සවිකිරීමෙන් නරඹන්නාට සුළං වේගය දැනීමට සලස්වා ඇත. එනම් කන්දක් මුදුනක සිට පහලට වැටෙන වැනි දර්ශනයකදී එය සත්‍ය ලෙස සිදුවන බව අවබෝධ කර ගැනීමට අවශ්‍ය රූප හා ශබ්ද වලට අමතරව දැනිය යුතු සුළගේ වේගය මෙම කුඩා විදුලි පංකා දෙක මගින් ලබාදේ. උෂ්ණත්ව මොඩියුලය වූ දෙවැනි උපාංගය බෙල්ල පිටුපසට සම්බන්ධ වී කාන්තාරයක ගමන් කරද්දී ඇතිවන තද උණුසුමෙහි බලපෑම නරඹන්නාට අත්විදීමට සලස්වයි.

මෙම නව උපාංග නිර්මාණය කිරීමේදී යොදාගෙන ඇති ක්‍රමවේදය පැසසිය යුතු බවද වාර්තා වේ. උණුසුම හෝ සුළග මුළු ශරීරයට දැනීම සදහා අවශ්‍ය වූ ශරීරයේ එක් එක් ප්‍රධාන ශරීරාංගයක් හදුනාගෙන මෙම නව උපාංග එම ස්ථාන උද්දීපනයට ක්‍රියා කරවා ඇත. එනම් බෙල්ලට දැනෙන ලෙස උෂ්ණත්වය ක්‍රමානුකුලව වැඩි කළ විට මුළු ශරීරයම ගිනයම් වන බවත් උගුරැ දණ්ඩ ප්‍රදේශයට සුළං වේගය ලබා දුන් විට මුළු ශරීරයම සුළගට අසුවූ බවක් දැනෙන බවත් යන මෙම කණ්ඩායමේ පර්යේෂණ මගින් ලද නිරීක්ෂණයන් මේ සදහා භාවිතා කර තිබේ.

-අන්තර්ජාලයේ තොරතුරු ඇසුරෙණි.-vidathanet

දිඹුලාගල ආරාණ්‍ය සේනාසනය පිහිටි දිඹුලාගල කන්දට 27 වෙනිදා අළුයම 1.00ට පමණ අහසින් ආ ආලෝක ධාරා රැසක් පහත් වූ බව ප්‍රදේශයේ කුඹුරු රැකීමට ගොස් සිටි ඇසින් දුටු ගොවීහු පවසති.

විවිධ ආලෝක ධාරා විහිදුවමින් අහසින් පැමිණි එම ලා නිල් හා කහ රන් වර්ණ විහිදුවන එම එළි ජාලාව දිඹුලාගල කන්දේ පිහිටා ඇති අහස් මාලිකාව දෙසට පහත් වී එක්වරම නොපෙනී ගිය බවද එම ඇසින් දුටු ගොවීහු සඳහන් කරති.

වන අලින්ගෙන් කුඹුරු රැකීමට ගිය සහ කුඹුරු වලට මුර ජලය හැරවීමට ගිය දිඹුලාගල නවමිල්ලැහ, නාමල් පොකුණ, දළුකාන ප්‍රදේශවල ගොවීහු කිහිප දෙනෙකුම එම ආලෝක ධාරාව දැක ඇත.

“අහස් මාලිගය දෙසට පහත් වූ මෙම ආලෝක ධාරාව පිළිබඳව දිඹුලාගල මහා කාශ්‍යප පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති මාදුරුඔය විජිනාලංකාර හිමියන් පැවසුවේ මෙවන් අදහසක්.

“දිඹුලාගල කන්ද කන්දේගම කන්දත් පිටසක්වල ජීවීන්ගේ නවතැන් පොලක් කියලා ජනවහරයේ කියවෙනවා. පිටසක්වල ජීවින් පොළවට පහත් වෙද්දී රාත්‍රී කාලයේ මේ ස්ථාන දෙකටම ආලෝක විහිදුවමින් පසුගිය කාලයේ පැමිණි බව අපත් දුටුවා. ඒ ජීවීන් රැඳී සිටින බවට සලකුණු රැසක් දිඹුලාගල කන්දේ පිහිටලා තියෙනවා. 27 වෙනිදා අළුයම දිඹුලාගල අහස්මාලිගාව ප්‍රදේශයට එම එළි පහත් වූ බව ගොවීන් දැක්ක බවට අපිට දැනුම් දුන්නා. අපි මේ බව තාරකා විද්‍යාඥයින් මීට පෙරත් දැනුවත් කළා. පසුගිය කාලයේ උල්කාපාත වර්ෂාව වගේම පිටසක්වල යානා, ජීවින් පැමිණි බවට සාධක තියෙනවා. දිඹුලාගල හාමුදුරුවරුන් ඒ ආලෝකධාරා දැක තිබෙනවා.

අප මේ සිද්ධිය පිළිබඳව තාරකා ජීව විද්‍යා ගවේෂක කීර්ති වික්‍රමරත්න මහතාගෙන් දුරකතනයෙන් කළ විමසීමක දී මෙසේ කීය.

“ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයටත් පසුගිය සති කිහිපයේදී නිරීක්ෂණය වෙලා තියෙනවා පිටසක්වල යානා පිළිබඳව. දිඹුලාගලට ඒ ආලෝකය සමග එන්න ඇත්තේ පිටසක්වල යානා හා ජීවීන් කියලා ඒ අනුව විශ්වාස කරන්න පුළුවන්. ලෝකයේ අලුත් දේවල් වගේම ග්‍රහ ලෝක සොයා ගැනීම් එක්ක ඉදිරියේ දී අද්භූත අරුම පුදුම සිද්ධින් වෙන්න ඉඩකඩ වැඩියි.

දිඹුලාගල කන්දට හා අහස්මාලිගාව දෙසට එක්වරම 27 වෙනිදා අළුයම පහත් වූ එම ආලෝක ධාරාවන් දුටු ගොවීහු සඳහන් කරන්නේ අදාල පරීක්ෂකයින් ඒ පිළිබඳව සොයා බලා ඉතිහාසය ලොවට කියා දෙන ලෙසයි.

-මනම්පිටිය නිමල් ජයරත්න_ලක්බිම

ජාතික පර්යේෂණ සභාවේ සාමාජිකයෝ, පසුගිය දා, ජාතික මූලික අධ්‍යයන ආයතනය සහ ලංකා බයෝ ෆර්ටිලයිසර්ස්‌ (පුද්) සමාගම සමග එක්‌ ව "ජෛව පටල ජෛව පොහොර" භාවිතයෙන් තම වගාවන් සිදු කරගෙන යන ගොවීන් හමු වීම සඳහා නුවරඑළිය නගරයේ ක්ෂේත්‍ර නිරීක්‌ෂණ චාරිකාවක නිරත විය. එහි දී ගොවීන් මේ හරහා රසායනික පොහොර භාවිතය අවම කිරීම, ස්‌වාභාවික පළිබෝධ හා රෝග පාලනය සහ පාංශු තත්ත්ව වැඩි දියුණු වීම, සහ ඉහළ ඵලදාවක්‌ ලබාගැනීමට හැකි වීම ඇතුළු ප්‍රතිලාභ රාශියක්‌ ලබා ඇති බව පැහැදිලි විය. ෙéAත්‍ර නිරීéණ චාරිකාවෙන් අනතුරුව "බයෝෆිල්ම් ජෛව පොහොර - හරිත ලංකාවක්‌ උදෙසා" නමින් ගොවීන් සඳහා අධ්‍යාපන වැඩසටහනක්‌ නුවරඑළිය දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවෙන් පමණක්‌ ලබාගන්නා අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරන, ජෛව පටල හෙවත් බයෝෆිල්ම් ජෛව පොහොර, පරිසර හිතකාමී, 100%ක්‌ ස්‌වාභාවික සහ රසායනික ද්‍රව්‍යවලින් තොර කාබනික නිෂ්පාදනයක්‌ වේ. උක්‌ත පර්යේෂණවල සාර්ථකත්වය මත ජාතික මූලික අධ්‍යයන ආයතනයේ සහයෝගීතාවෙන් බයෝෆිල්ම් ජෛව පොහොර වාණිජ වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහා ලංකා බයෝ ෆර්ටිලයිසර්ස්‌ (පුද්) සමාගම පිහිටුවන ලදි.

2013 වසරේ දී නිකුත් වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ එක්‌සත් ජාතීන් ගේ වාර්තාවන්ට අනුව, හෙක්‌ටයාර් එකකට වැඩියෙන් ම පළිබෝධ නාශක භාවිත කරන රට ශ්‍රී ලංකාවයි. එපමණක්‌ නො ව හෙක්‌ටයාර් එකකට රසායනික පොහොර වැඩියෙන් ම භාවිත කරන රටවලින් 8 වැනි ස්‌ථානයට ද ශ්‍රී ලංකාව පැමිණ ඇත. රසායනික පොහොර ආනයනය සදහා වසරකට රුපියල් බිලියන 50ක්‌ පමණ ශ්‍රී ලංකාව වැය කරන අතර ඉන් රුපියල් බිලියන 40ක්‌ පොහොර සහනාධාර වශයෙන් රජය විසින් වැය කරනු ලබයිs. ජෛව විද්‍යාත්මකව සශ්‍රීක වූ පසක සාරවත් බවභෝග සදහා අතීතයේ කීර්තියට පත් රටක්‌ වූ ශ්‍රී ලංකාවේ, පසුගිය වසර 60ක කාලය පුරා රසායනික පොහොර අධික වශයෙන් භාවිත කිරීම නිසා පස දූෂණය වීමෙන් වගාවන්ට සහ ජන ජීවිතයට අභියෝගාත්මක තත්ත්වයක්‌ උදා විය.

මේ තත්ත්වය හමුවේ නැවුම් බලාපොරොත්තු දල්වමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පර්යේෂණ ආයතනයක්‌ වන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ (National Institute of Fundamental Studies - NIFS) විද්‍යාඥයන් කණ්‌ඩායමක්‌ වසර 10කට අධික කාලයක්‌ පුරා ජාතික පර්යේෂණ සභාවේ (National Research Council - NRC) මූල්‍යමය ප්‍රතිපාදන යටතේ සිදු කළ පර්යේෂණවල ප්‍රතිඵලයක්‌ ලෙස පරිසර හිතකාමී ජෛව පොහොර නිෂ්පාදන තාක්‍ෂණයක්‌ සොයාගන්නා ලදි. ලොව ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දී නිෂ්පාදනය කළ මේ පේටන්ට්‌ සහතික ලත් ජෛව පොහොර මගින් රසායනික පොහොර භාවිතය 50%කින් අඩු කළ හැකි අතර ප්‍රධාන වාණිජ වගාවන්හි ඵලදාව 20-30% අතර ප්‍රමාණයකින් වැඩි කිරීමටට ද හැකියාව ඇති බව පෙනී ගොස්‌ ඇත.

"වස විස නැති රටක්‌" ජාතික වැඩසටහන සඳහා ද බයෝෆිල්ම් ජෛව පොහොර දැනටමත් ඇතුළත් කර ඇත. ජනාධිපතිවරයා ගේ පොළොන්නරුව ලක්‌ෂඋයන පිහිටි වෙල්යායෙහි ද 2016 යල කන්නයෙහි ඉතා සාර්ථකව කාබනිකව වී වගා කරන ලදි. එමෙන් ම, "වස විස නැති රටක්‌" ජාතික වැඩසටහනට අනුබද්ධව මෙවර 2016/17 මහ කන්නයේ දී වී අක්‌කර 7500ක ද, 2016 වර්ෂයේ දී එළවළු සහ තේ අක්‌කර 10,000කට වඩා වැඩි භූමි ප්‍රමාණයක ද සාර්ථකව බයෝෆිල්ම් ජෛව පොහොර භාවිත කරන ලදි.

බයෝෆිල්ම් ජෛව පොහොර පිළිබඳ වැඩිදුර විස්‌තර මහාචාර්ය ගාමිණි සෙනෙවිරත්න මහතා (ජාතික මූලික අධ්‍යයන ආයතනය - 077 622 6977, සමුදිත කුමාරසිංහ මහතා 077 208 3707 යන දුරකථන අංකවලින් ලබාගත හැකි ය.

-vidusara

Windows 10 මෙහෙයුම් පද්ධතිය මගින් බලගැන්වෙන Galaxy TabPro S ටැබ්ලට් උපාංගය පහසුවෙන් අගුලු හැරිය හැකි ආරක්ෂිත ක්‍රමයක් ඊට ඇතුළත් කර ඇති බව සැම්සන්ග් සමාගම පවසයි. එනම්, පසුගිය වසරේ ඇන්ඩ්‍රොයිඩ් සඳහා භාවිතා වූ Flow යෙදුම භාවිතයෙන් එය සිදුකළ හැක.

මෙහිදී ඔබට කිරීමට ඇත්තේ ‍ෆින්ගර්ප්‍රින්ට් සෙන්සරය සහිත ඔබේ ගැලැක්සි ස්මාට්ෆෝනය, ඔබේ ඇඟිලි සලකුණ භාවිතා කොට අගුලු හැරීම පමණි. එවිට TabPro S ටැබ්ලට් උපාංගයද ස්වයංක්‍රීයවම අගුලු හැරෙනු ඇත.

මෙම හැකියාව ඉදිරියේදී පැමිණීමට නියමිත Windows 10 Creators යාවත්කාලීනය සමග ලැබෙනු ඇතැයි පැවසෙන අතර, එම යාවත්කාලීනය අප්‍රේල් මාසයේදී පමණ එළිදැක්වෙනු ඇතැයි පැවසේ. එසේම යම් විටක වෙනත් Windows 10 මතින් ධාවනය වන උපාංගයන් වෙතද මෙම පහසුකම ඉදිරියේදී ලබාදෙනු ඇතැයි යන අනුමානයන්ද ඇසෙමින් පවතී.

-ada

අලි - මිනිස් ගැටුම නිතරම අපට අසන්න දකින්න ලැබේ. මිනිසා විසින් අලින්ගේ නිජබිම් ආක්‍රමණය කිරීම වෙනුවෙන්... මෙම සද්දන්තයන් ඔවුන්ට එරෙහි වන මිනිසාට විරෝධය පෑමට ගම්වලට කඩා වැදී දේපොළ බවබෝග පමණක් නොව මිනිස් ජීවිතද බිල්ලට ගෙන නැවත කැලෑවදිති. නොවිසඳෙන ගැටලුවක් ලෙස ඔඩුදුවා ඇති මේ ගැටලුවට විසඳුම් සෙවීමට බලධාරීන්ද මැළිවී ඇති යුගයක... කුඩා සිසුවකු අපූරු නිර්මාණයකට අත ගැසීය. ගම්වදින අලින් පලවා හැරීමට වනජීවී නිලධාරීන් විසින් සපයන අලි වෙඩිල්ලට අලියා මෙල්ල නොවී ගම්වැදී ගම දෙවනත් කර ජීවිත දෙක තුනකට වන්දි ගෙවන කල මේ අලි - මිනිස් ගැටුමට විසඳුමක් ලබාදීමට මේ කුඩා සිසුවා සමත් විය.

අලින් පලවා හැරීමට සුදුසු නව උපකරණයක් ඔහු තවත් සහෝදර සිසුවකු සමඟ නිර්මාණය කළේය. අලි වෙඩිල්ලට වඩා වැඩි ශබ්දයක් මෙම නව නිපැයුමෙන් නිකුත් වෙයි. අලි වෙඩිල්ල දහනයෙන් වායු දූෂණයක් සිදුවුවද මෙම නව උපකරණය දහනයෙන් එලෙස වායුගෝලයට විස වායූන් මුදා නොහරියි.

අපේ පුංචි නිර්මාණකරුවාගේ විශිෂ්ට නව සොයා ගැනීම පිළිබඳ සටහනකි මේ.

ඔහු මාතර රාහුල මහා විද්‍යාලයේ දීප්තිමත් සිසුවෙකි. ජේ.ඒ. සංජුල ගත්සර නම් මේ පුංචි නිර්මාණකරුවා මේ නිර්මාණය එළිදක්වන විට ඔහුට වයස අවුරුදු 14කි. මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටියි.

ගම්වදින අලින්ට විදුලි වැට යෙදුවද පලක් වූයේ නැත. වෙඩිල්ලටද අවනත නොවී අලි ගම් වදිති. නිතර දෙවෙලේ මේ පුවත රූපවාහිනියෙන් දුටු සංජුල කෙසේ හෝ මේ අලි - මිනිස් ගැටුමට විසඳුමක් ලෙසින් අලි වෙඩිල්ලට සමාන උපකරණයක් නිර්මාණය කළේය. සංජුලට ඒ සඳහා තම මිත්‍රයා වන එච්.ඩබ්. නඳුන් නවාංජන ගෙන් නොමඳ සහායක් ලැබිණි.

දවසක් මම ගෙදර ඉන්න වෙලාවක හයිඩ්‍රජන් යොදාගෙන පර්යේෂණයක නිතර වෙලා හිටියා. හිටි සැටියේම හයිඩ්‍රජන් පරීක්‍ෂණ ඇටවුම පුපුරලා ගියා. හයිඩ්‍රජන් පුපුරන කොට ලොකු ශබ්දයක් එයින් නිකුත් වුණා. ඒ මොහොතෙම මගේ හිතට පුංචි අදහසක් ආවා. හයිඩ්‍රජන් මේ විදියට කුඩා බෝතලයකට අසුරා ගතහොත් ඒ හයිඩ්‍රජන් දහනය කළොත් ලොකු ශබ්දයක් ලබා ගන්න පුළුවන් කියලා.

මේ පුංචි හපනා සිය දස්කම් ගැන 'මව්බිම' හා කතාබහට එක් වුණේ නව නිර්මාණය ගැන කෙටි හඳුන්වා දීමක්ද සිදු කරමිනි. අලි වෙඩිල්ලට වඩා වැඩි ශබ්දයක් මේ උපකරණය මඟින් නිකුත් කරනවා. හයිඩ්‍රජන් දහනයෙන් වායුගෝලයට කිසිදු හානියක් සිදුවෙන්නේ නැහැ. ශබ්දයත් වැඩියි. මුලින්ම මම ප්ලාස්ටික් බෝතලයකට හයිඩ්‍රජන් වායුව පුරවලා අත්හදා බැලීම් කිහිපයක්ම කළා... ඒ සියල්ලම සාර්ථකව ඉටු වුණා.සිය නිර්මාණය ගැන පැහැදිලි කරන සංජුල මෙසේද අපට පැවැසීය.

අද ලංකාවේ භාවිත කරන අලි වෙඩි සඳහා අධික මුදලක් දැරීමට සිදු වෙනවා. ඒ වගේම මේ අලි වෙඩි අනාරක්‍ෂිතයි. භාවිත කරන පුද්ගලයා වගේම සතාටත් ඉන් හානියක් වෙන්න පුළුවන්. අලි වෙඩිල්ල දහනයේදී කාබන් ඩයොක්සයිඩ් කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රජන් ඩයෝක්සයිඩ් වැනි විස වායුන් වායුගෝලයට මුදා හරිනවා... ඇත්තටම ඒ නිසා පරිසරයටත් සිදුවන හානිය වැඩියි.

මගේ උපකරණ භාවිත කරන පුද්ගලයාට වගේම සතාටත් කිසිම හානියක් නැහැ. දහනයේදී විස වායු නිකුත් වෙන්නේ නැහැ. හයිඩ්‍රජන් වායුව දහනයේදී සිදු වෙන්නෙ ජලවාෂ්ප හැදෙන එකයි. ජල වාෂ්ප තමයි මේ නිර්මාණයෙන් වායු ගෝලයට මුදා හරින්නේ.

මෙම කුඩා නිමවුම්කරුවා පුංචි සන්දියේ ඉඳලම විවිධ දේ අත්හදා බලන්නෙක්. දෙමුහුන් ආකාරයට ආහාර වියළන යන්ත්‍රයක් සකස් කරලා ලංකාවෙන්ම නව නිපැයුම් තරගයට ඉදිරිපත් කරලා තුන් වැනි ස්ථානය හිමි කර ගත්තා. එතැනින් නොනැවතුණද මේ කුඩා විද්‍යාඥයා ලංකාවේ දැනට බහුලවම පවතින මදුරු මර්ධනයට විසඳුමක් හෙව්වා.

මදුරුවන්ගේ කීට අවධියේදීම ඔවුන්ගේ පැවැත්ම සම්පූර්ණයෙන්ම පාලනය කරන උපකරණයක් සකස් කරලා රුහුණ විශ්වවිද්‍යාලයේ නව නිපැයුම් තරගයට ඉදිරිපත් කරලා කුසලතා සම්මානයක් ලබා ගත්තා. මේ හැම නිර්මාණයක්ම ඉදිරිපත් කරන කොට වයස අවුරුදු 12යි. මෙම කුඩා නිර්මාණකරුට 2016 වසරේ මගේ මේ නව නිර්මාණය කොළඹ විශ්වවිද්‍යාලයෙන් පවත්වන ලද සමස්ත ලංකා පාසල් නව නිපැයුම් තරගයට ඉදිරිපත් කරලා මෙවර ප්‍රථම ස්ථානය මම හිමි කර ගත්තා. මහාචාර්ය ජයරත්න මහතා තමයි මෙම නව නිර්මාණ තරගයෙහි නිරීක්‍ෂකයන් වුණේ. 10 සහ 11 ශේ‍ර්ණි කාණ්ඩ යටතේ තමයි මේ තරගය පැවැත්වූයේ. මෙතනදී මගේ නිර්මාණයට රන් පදක්කම හිමි වීමත් සමඟ මම තවත් දිරිමත් වුණා.

මගේ මීළඟ ඉලක්කය 2017 වසරේ නව නිපැයුම් ජනාධිපති සම්මාන සඳහා ඉදිරිපත් වෙලා... ඉන් ජයග්‍රහණය ලබාගෙන මෙම නිර්මාණය ගැන මුළු ලෝකයම දැනුවත් කරන්න. අපේ රටේ මිනිසුන්ට දැනෙන ප්‍රමාණයක් අලි - මිනිස් ගැටුම ඒ වගේම තවත් රටක පුරවැසියන්ටත් මේ ගැටලුව පොදු කාරණයක් වෙන්න පුළුවන්.

දැනටමත් මගේ නිර්මාණය සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට ඉල්ලුම් කරලා තියෙන්නේ. නව අත්හදා බැලීම් කරන්න මම හුඟක් කැමැතියි. මේ හැම දෙයක්ම කරන්නේ පාසල් කාල වේලාවෙන් පසුවයි. මගේ අධ්‍යාපන කටයුතුවලට කිසිම බාධාවක් නැහැ. හැම වෙලාවකටම අලුත් දෙයක් ගැන හිතනවා. අන්තර්ජාලයට අමතරව පොත්පත් මඟින් සෑම අවස්ථාවකම මගේ දැනීම වැඩි කර ගන්නවා. මට විවේකය ලැබෙන හැම මොහොතකම මම රැඳෙන්නේ අලුත් දෙයක් එක්ක.

මේ නව නිර්මාණ වඩාත් දියුණු කරන්න මම මේ දිනවල ඒ සම්බන්ධව පර්යේෂණ සිදු කරමින් ඉන්නේ. මේ උපකරණ තවත් වැඩි දියුණු කරනවා.

ඒ අනුව අලියා ආවට පස්සේ කුඩා කැමැරාවකින් සතා හොඳින් හඳුනාගෙන ක්‍ෂණිකවම මේ උපකරණය ක්‍රියාත්මක වෙලා, ගම්මානයේ වැසියන්ගෙ ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් යනවා, අලියා ගමට ආවා ආරක්‍ෂාකාරී වෙන්න කියලා. මේ පණිවුඩය යනවාත් එක්කම හයිඩ්‍රජන් වායුවත් එක්ක සංවේදිතාව ගොඩනඟා ගත් ඒ උපකරණය ක්‍රියාත්මක වෙලා ඉන් පිටවන දැඩි ශබ්දයට අලියා ඒ ස්ථානයෙන් ඉවත් වෙනවා.

මෙවැනි පර්යේෂණ කටයුතු සිදු කරනකොට අවදානමක් හෙම නැද්ද මා මේ පුංචි නිර්මාණකරුවාගෙන් විමසා සිටියා. අවදානමක් තිබෙන්න පුළුවන්. මට අවස්ථා කිහිපයකදීම විදුලි සැර වැදිලා තියෙනවා. නමුත් ඒ විදුලි සැර ජීවිත හානියක් කරන්න තරම් වේගවත් නැහැ. ඒ වගේම පිලිස්සීම සීරිම වැනි අත්දැකීම්වලට මම මුහුණ දීලා තියෙනවා. නමුත් මම කිසිම දෙයකින් ආපස්සට යන්නේ නැහැ. හැම විටම උත්සාහ කරන්නේ මගේ නිර්මාණ කටයුත්ත සාර්ථක කර ගන්න.

මගේ මෙම උපකරණය වන අඩවියක අත්හදා බැලීම් කරන්න අවශ්‍යයි. ඒ නිසා අලි ගැවසෙන ප්‍රදේශයක මේ උපකරණය ක්‍රියාත්මක කරන්න වනජීවී එකෙන් අවසරය ලබා දෙනවා නම් මම හිතනවා මගේ නිර්මාණය සාර්ථකව අත්හදා බලන්න හොඳ අවස්ථාවක් කියලා.

මට මේ ගමන එන්න බොහෝ දෙනෙක් උදවු කළා. රාහුල විද්‍යාලයේ නව නිපැයුම් භාර ඩබ්.කේ. රමනි ගුරු මහත්මිය, විදුහල්පති ෆැන්සිස් වෙලගේ, මගේ දයාබර මවුපියන්, සහෝදර මිතුරු කැල ඇතුළු බොහෝ දෙනෙක් මේ ගමන එන්න උදවු කළා.

මම කැමැතියි උසස් පෙළ ගණිතයෙන් පෙනී සිටිමින් නවීන ලෝකයට අවශ්‍ය නව නිපැයුම් තවදුරටත් නිර්මාණය කරන්න. ඒ වගේම ඒ පිළිබඳ පර්යේෂණ කරන්න. වත්මන් ලෝකය බොහොම ශීඝ්‍රයෙන් නවීන තාක්‍ෂණයත් එක්ක ගනුදෙනු කරනවා. එවැනි යුගය මම කියන්න කැමැතියි ශ්‍රී ලාංකිකයන් වන අප සැම ලෝකයේ දියුණු රටවල කරන සොයා ගැනීමට තරගයක් දෙන්න ඕනෑ. අපේ නංගිලා මල්ලිලා මේ හැමෝම අලුත් විදියට හිතන්න ඕනෑ. අපි හැම දෙනාටම පිහිටලා තියෙන කුඩා මොළයෙන් උපරිම වැඩ ගන්න කියලා මම හැම දෙනාගෙන්ම අවසන් වශයෙන් ඉල්ලා සිටිනවා.

_මව්බිම

වර්තමානය වන විට පරිගණකයක් යනු ජනගහණයෙන් වැඩි ප්‍රමාණයකට අමුතු දෙයක් නොවන්නා සේම, අන්තර්ජාලය යනුද අමුතු යමක් නොවේ.

කෙසේ නමුත් අන්තර්ජාලය භාවිතා කරනා සෑම දෙනෙකුටම පාහේ යම් කිසි වෙබ් අඩවියකට සෘජුවම පිවිසෙන අවස්ථාවකදී හැරෙන්නට, තමන්ට අවශ්‍ය යම් කිසිවක් සොයා ගැනීම සඳහා සෙවුම් යන්ත්‍ර භාවිතා කිරීමට සිදුවනු ඇත.

මෙම සෙවුම් යන්ත්‍රයන් මගින් කෙරෙන්නේ ඔබට සොයා ගැනීමට අවශ්‍ය යම් කරුණකට, විෂයකට අදාළ වන විස්තර අඩංගු වෙබ් අඩවි ලැයිස්තුවක් ලබාදීමයි.

සෙවුම් යන්ත්‍ර සම්බන්ධයෙන් කථා කිරීමේදී බොහෝ දෙනා භාවිතා කරන්නේ Google වුවත්, එයට අමතරව Yahoo, Bing, TorSearch වැනි වෙනත් බොහෝ සෙවුම් යන්ත්‍ර අන්තර්ජාලයේ තිබේ. හඳුන්වා දුන් මුල් අවධියේදී සෙවුම් යන්ත්‍රයක් ලෙසින්ද හඳුන්වා දුන් Wolfram Alpha යනු සැබවින්ම සෙවුම් යන්ත්‍රයකට වඩා දැනුම් යන්ත්‍රයක් ලෙසින් හැඳින්වීම යෝග්‍ය වේ.

එසේත් නැතිනම් එය ගණනය කිරීම් හරහා ඔබ සෙවුම් කරනා යම් කිසිවක් සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙන සේවාවක් ලෙසින් හැඳින්විය හැක. සැබවින්ම ඇපල් ස්මාට්ෆෝන් සමගින් එන සිරී තත්‍යාසන්න සහකරු තමන්ගේ ප්‍රතිචාරයන්ගෙන් 25% ක ප්‍රමාණයක් ලබාදීම සඳහා භාවිතා කරන්නේද Wolfram Alpha අඩවියයි.

ඔබට Wolfram Alpha සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීමේ හොඳම මාර්ගය එය භාවිතා කර බැලීම සහ ඔබේ අත්දැකීම හා එය සංසන්දනය කිරීමයි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම් ඔබට Google සෙවුම් යන්ත්‍රය හරහා ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන සෙවුම් කළ හැක. එහිදී ඔබට ලැබෙනු ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් වන නවතම ප්‍රවෘත්ති අඩංගු වෙබ් අඩවි කිහිපයක් වෙත යාමට සබැඳි, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විකිපීඩියා පි‍ටුව, ඔහුගේ ට්විටර්, ෆේස්බුක් ගිණුම් වෙත යාමට ඇති සබැඳි සහ එතැනින් එහාට ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් ලියැවුණු විවිධ අන්තර්ජාල ලිපි වෙත යාමට ඇති සබැඳියන් වේ. සැබවින්ම බොහෝ විට ඔබට අවශ්‍ය වන්නේද එයයි.

කෙසේ නමුත් ඔබ Wolfram Alpha වෙත පිවිස ඩොනල්ඩ් ට්‍රම්ප් නමින් සෙවුම් කර බැලූ විට ඔබට ලැබෙනු ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් අත්දැකීමක් වනු ඇත. Wolfram Alpha මගින් ඔබට ලබාදෙනු ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් යනු කවුද යන වග, ඔහුගේ සම්පූර්ණ නම, උපන්දිනය ඇතුළු මූලික තොරතුරු, ඔහුගේ උස, බර වැනි භෞතික තොරතුරු, ඔහුගේ ජීවිතය කාලරේඛාවක් මත කෙසේ වේද යන්න, ඔහු සම්බන්ධ වැදගත් තොරතුරු ලැයිස්තුවක් ලෙසින් සහ ඔහුගේ ආර්ථිකමය, සමාජමය දත්ත වනු ඇත. මෙම සෑම දත්තයක් සමගින්ම හයිපර්ලින්ක් දකින්නට ලැබෙන අතර, ඔබ එම හයිපර් ලින්කුවක් මත ක්ලික් කළ විට, Wolfram Alpha අඩවිය ඔස්සේම එම අදාළ කාරණය සම්බන්ධයෙන්ද ඉහත ලෙසින්ම දත්ත සමුදායක් ඔබ වෙත ලබාදෙනු ඇත.

කෙසේ නමුත් මෙහිදී මතුවන ගැටළුව වන්නේ මෙවැනි ආකාරයකට දත්ත ලබාදෙන Wolfram Alpha වෙබ් අඩවිය පරිශීලනය කරන්නේ කවුරුන්ද යන්නයි. මෙයට ඇත්තේ සරල පිළිතුරකි. යම් කිසි විෂයයක් හෝ මාතෘකාවක් සම්බන්ධයෙන් තොරතුරු නොව නිරවද්‍ය දත්ත ලබාගැනීමට අපේක්ෂා කරන්නෙකු පරිශීලනය කරන්නේ Wolfram Alpha අඩවියයි. ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි අයෙකු සම්බන්ධයෙන් Google සෙවුමක් කළ විට ලැබෙනා වෙබ් අඩවි තුළ ඇති තොරතුරු වල නිරවද්‍යතාවය සම්බන්ධයෙන් එතරම් ගැටළු ඇතිකරගත යුතු නොවේ. එනමුත් එසේ නොවන වෙනත් යම් යම් විෂයයන් සම්බන්ධයෙන් අන්තර්ජාලය තුල ඇති දැනුම සෑම විටම සියයට සියයක් නිරවද්‍ය නොවේ.

උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම් තාරකා විද්‍යාව වැනි විෂයක් සම්බන්ධයෙන් වුවත් සාමාන්‍ය ආකාරයෙන් සෙවුම් කළ විට, නිරවද්‍යතාව සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී අන්තර්ගතයන් අන්තර්ජාලය තුළ ඕනෑ තරම් සම්භවනු ඇත. කෙසේ නමුත් Wolfram Alpha වෙබ් අඩවිය මෙහිදී සුවිශේෂී වන්නේ, එය සිය ගණනයන් සඳහා යොදාගන්නේ හැකි තාක් විශ්වාසය තැබිය හැකි මූලාශ්‍රයන් වන වීමයි. එබැවින් එයින් ලබාදෙන ප්‍රතිඵලයන්ගේ නිරවද්‍යතාවය සාපේක්ෂව ඉහළ මට්ටමක පවත්නා බැව් කිව හැක.

කෙසේ නමුත් Wolfram Alpha මගින් ගණනයන් නොවන දත්ත ‍රැස් කිරීම් සඳහා ‘CIA's The World Factbook’, ‘the United States Geological Survey’, විශ්වවිද්‍යාලයන් මගින් එළිදක්වන ප්‍රකාශනයන්, ‘Chambers Biographical Dictionary’, ‘Dow Jones’, ‘the Catalogue of Life, ‘CrunchBase’, ‘Best Buy’, FAA වැනි මූලාශ්‍රයන් අතරතුරදීම යම් විටක විකිපීඩියා පි‍ටුද යොදාගන්නා බව මෙහිදී සඳහන් කළ යුතුවේ! කෙසේ නමුත් ඔබ නොසිතනා බොහෝ කරුණු සඳහා Wolfram Alpha අතිශයින්ම ප්‍රයෝජනවත් මෙවලමක් වනු ඇත.

උදාහරණයක් ලෙසින් ගත් විට ඔබට යම් වෙබ් අඩවියක් සම්බන්ධයෙන් එහි දිනකට පිවිසෙන්නන් සංඛ්‍යාව, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම, හිට්ස් ප්‍රමාණය වැනි තාක්ෂණික දත්ත අවශ්‍ය විටක පහසුවෙන්ම එය Wolfram Alpha හරහා නම සෙවුම් කර ලබාගත හැක. එසේම යම් ආහාරයක අඩංගු පෝෂ්‍ය සංඝටක, දත්ත ලබාගැනීම සඳහාද සරල සෙවුම් කිරීමක් ප්‍රමාණවත් වනු ඇත. එසේම ගූගල් කැල්කියුලේටරය හෝ වෙනත් එවැනි ඔන්ලයින් කැල්කියුලේටරයකට විසඳීමට නොහැකි ආකාරයේ සංකීර්ණ ගණනය කිරීම් සඳහාද සුදුසුම ස්ථානය වන්නේ Wolfram Alpha අඩවියයි. ඒ මගින් ඔබට පිළිතුරු පමණක් නොව, ඒ සම්බන්ධ ප්‍රස්ථාරික විස්තර කිරීම්ද සපයා දෙනු ඇත.

එසේම ඔබට බොහෝ විට සුවිශේෂී ඔන්ලයින් සේවාවක් භාවිතා කර ලබාගැනීමට සිදුවන සේවාවන්, ක්‍රියාකාරකම් එකම තැනකින් සිදුකර ගැනීමටද Wolfram Alpha භාවිතා කළ හැක. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම් ඔබ Wolfram Alpha හි ‘10 character password’ ලෙසින් සෙවුම් කල විට, ඔබට අහඹු ලෙසින් ජනනය කළ, වෙනත් පාර්ශවයකට අනුමාන කිරීමට හෝ බිඳීමට අපහසු අකුරු/අංක/සංඥා 10 ක මුරපදයක් Wolfram Alpha මගින් ලබාදෙනු ඇත. එසේම ඔබට අද දිනයේ හෝ පසුගිය වසර පුරා කාලගුණය සම්බන්ධයෙන් දැනගැනීමට අවශ්‍ය නම් එම දත්තද Wolfram Alpha මගින් ලබාදෙනු ඇත.

මෙසේ බැලූ විට Wolfram Alpha සම්බන්ධයෙන් කිව හැක්කේ එය සෙවුම් යන්ත්‍රයක් හෝ කැල්කියුලේටරයක් හෝ විශ්ව කෝෂයක් නොව, එම සියල්ලේම එකතුවක් ලෙසයි. ආරම්භයේදී Google වැනි සෙවුම් යන්ත්‍ර වෙත හුරුවී සිටිනා ඔබට Wolfram Alpha භාවිතා කිරීම එතරම් පරිශීලක මිත්‍රශීලී අත්දැකීමක් ලබා නොදෙන්නේ යැයි හැඟුණද, Wolfram Alpha වෙත හුරු වූ විට අවබෝධ වනු ඇත්තේ ඔබට අන්තර්ජාලය හරහා නිරවද්‍ය දත්තමය ප්‍රතිඵලයන් ලබාගැනීමට මෙය අනගි ඔන්ලයින් සහායකයෙකු බවයි.

www.wolframalpha.com

( පැතුම් පුංචිහේවා_අද )

ගොවිතැනටත්, ජන ජීවිතයටත්, පසටත් අහිතකර බලපෑම් රැසක් එල්ල කළ රසායනික පොහොර සඳහා විකල්ප ක්‍රමෝපායක් සොයා වසර 10ක් තිස්සේ සිදුකළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස පරිසර හිතකාමී ජෛව පොහොර නිෂ්පාදන තාක්ෂණය සොයාගෙන ඇත. මේ තාක්ෂණයෙන් නිපදවන පොහොර බයෝෆිල්ම් ජෛව පොහොර ලෙස නම් කර තිබේ.

ලොව ප්‍රථමවරට ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කළ මෙම පොහොර වර්ගය සඳහා පේටන්ට් සහතිකයද හිමිව තිබේ. මේ පොහොර නිසා රසායනික පොහොර භාවිතය 50%කින් අඩු කළ හැකි අතර ප්‍රධාන වාණිජ වගාවන්ගේ පලදාව 20-30% අතර ප්‍රමාණයකින් වැඩිකර ගත හැකි වේ.

ශ්‍රී ලංකාවෙන් පමණක් ලබා ගන්නා අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කර බයෝෆිල්ම් ජෛව පොහොර, රසායනික ද්‍රව්‍යයන් තොර 100%ක්ම ස්වාභාවික සහ පරිසර හිතකාමී කාබනික නිෂ්පාදනයක් වේ.

මෙම අභියෝගාත්මක තත්ත්වයෙන් මිදීම සඳහා පරිසරය පිළිබඳ උනන්දු වූ බොහෝ විද්‍යාඥයන්, පර්යේෂකයන් රසායනික පොහොර වෙනුවට විකල්ප ක්‍රමෝපායන් පිළිබඳ අවධානය යොමුකර ඇත.

ඒ අනුව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලකාවේ ප්‍රමුඛ පර්යේෂණ ආයතනයක් වන මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ (National Institute of Fundamentel Studies -NIFS) මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න ප්‍රමුඛ විද්‍යාඥයන් කණ්ඩායමක් වසර 10කට අධික කාලයක් පුරා ජාතික පර්යේෂණ සභාවේ (National Research Council-NRC) මූල්‍යමය ප්‍රතිපාදන යටතේ සිදුකළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම පරිසර හිතකාමී ජෛව පොහොර නිෂ්පාදනය තාක්ෂණය සොයාගෙන ඇත.

-හර්ෂණී අර්සකුලරත්න_මව්බිම

බ්‍රහස්පතින්දා, 23 පෙබරවාරි 2017 07:45

අලුත් ග්‍රහ ලෝක 7ක් - 3ක් මිනිස් වාසයට සුදුසුයි

තනි තරුවක් වටා පරිභ්‍රමණය වන පෘථිවියට සමාන ග්‍රහ ලෝක 7ක් සොයා ගැනීමට නාසා ආයතනයේ තාරකා විද්‍යාඥයින් සමත්වී තිබේ.

එහෙත් ඒ අතුරින් මිනිස් වාසයට වඩා සුදුසු ග්‍රහ ලෝක ඇත්තේ තුනක් පමණක් බව විද්‍යාඥයින්ගේ අදහස වන බව විදෙස් පුවත් වාර්තා උපුටා දක්වයි.

මෙම පර්යේෂණයට එක්වූ බෙල්ජියම් හි ලීග් විශ්වවිද්‍යාලයේ මිෂෙල් ගිලන් විසින් බී.බී.සී මාධ්‍යයට අදහස් දක්වමින් පවසා ඇත්තේ බ්‍රහස්පති ග්‍රහයා වන චන්ද්‍රයන් පිහිටා ඇති පරිද්දෙන් මෙම ග්‍රහ ලෝක එකිනෙකට සමීපව පිහිටා ඇති බවයි.

මෙම ග්‍රහලෝක හතම ප්‍රමාණාත්මකව කුඩා වන මෙන්ම සිසිල් ගතියක් පෙන්වන බැවින් එහි ජලය මෙන්ම යහපත් දේශගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කළ හැකි බව හෙතෙම පෙන්වාදී තිබේ.

_දෙරණ

Education News

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website