Education News

රුධිරය , එන්නත් ආදී හදිසියේ අවශ්‍ය වන සෞඛ්‍ය පහසුකම් ලබාදීමේදී ඩ්‍රෝන තාක්ෂණය භාවිත කළ හැකි බව වෛද්‍ය විශේෂඥයෝ පවසති. කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පෙන්වා දෙන්නේ කොළඹින් බැහැර ප්‍රදේශ වෙත රුධිරය, එන්නත් ආදී හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සැපයීමේදී ප්‍රායෝගික දුෂ්කරතා රැසක් මතුව ඇති බවයි. පසුගිය පාස්කු බෝම්බ ප්‍රහාරය අවස්ථාවේ දිවයිනේ රෝහල් කිහිපයකටම හදිසියේ රුධිරය සහ එන්නත් ආදිය අවශ්‍ය වූ බවත්, එවැනි අවස්ථාවකදී ඉක්මනින් රුධිරය, ඖෂධ සහ එන්නත් ආදිය සැපයීමට ඩ්‍රෝන තාක්ෂණය යොදා ගත හැකි බව හෙතෙම පෙන්වා දුන්නේය.

ඉවතලන පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරිම සඳහා පියරොලයිසිස් යන්ත්‍රයක්  අත්තනගල්ල පෙතියාකන්ද කාබනික පොහොර අංගනයේ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

සෙනසුරාදා, 01 ජූනි 2019 02:18

සමාජ මාධ්‍ය පාලනයට නව පනතක් - SLTC

සයිබර් ආරක්ෂණය මුවාවෙන් සමාජ මාධ්‍ය පාලනයට ආණ්ඩුව නව පනතක් ගෙන ඒමේ සූදානමක් ඇතැයි ශ්‍රී ලංකා පරිවර්තන සමූහය (sltc) සඳහන් කරයි.

පසුගිය සතියේ එක්සත් රාජධානිය විසින් චීනයේ Huawei සමාගමට පනවා තිබූ සම්බාධක තාවකාලිකව ලිහිල් කිරීමත් සමඟ පසුගිය අඟහරුවාදා වන විට ගෝලීය කොටස් වෙළෙඳපොළේ වර්ධනයක් දක්නට ලැබිණි.

ශ්‍රී ලාංකීය විද්යුත් උපකරණ වෙළෙඳ පොළෙහි ප්‍රමුඛතම විද්යුත් උපාංග නිෂ්පාදන ආයතනයක් වන Orange Electric මඟින් හඳුන්වා දෙනු ලැබූ නවතම ආරක්‍ෂිත modular switch නිෂ්පාදන පෙළ සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිති සහතිකය (SLS) හිමි කර ගැනීමට සමත්ව ඇත.

අමෙරිකාව විසින් හුවාවේ සමාගමට පනවා ඇති තහනම හේතුවෙන් ලොව පුරා බිලියන ගණනක පාරිභෝගිකයින්ට බලපෑම් එල්ල විය හැකි බව හුවාවේ සමාගම පවසා සිටියි.

ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම මෙරට ප්‍රමුඛත ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාරික අධ්‍යාපන පරිශ්‍රයක්වන ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) ආයතනය විසින් සංවිධානය කරන ලද Trailblazers 2019 වෘත්තීය මාර්ගෝපදේශන උළෙල සාර්ථකව පැවැත්වුණු අතර ඒ සඳහා දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල් නියෝජනය කරමින් සිසුහු 200කට අධික පිරිසක් සහභාගී වූහ.

2018 වර්ෂයේ ජාතික ශිෂ්‍ය භට බලකාය මගින් පැවැති සමස්ත ලංකා ද සොයිසා කුසලාන තරගාවලියේ දී ලකුණු 2285.67ක් ලබා ගත් මහනුවර උසස් බාලිකා විදුහල සිය 140 වසරක ඉතිහාසය තුළ ප්‍රථම වරට සමස්ත ලංකා ශිෂ්‍ය භට බාලිකා  ද සොයිසා කුසලානය හිමි කර ගැනීමට සමත් විය.

කෘෂිකාර්මික කටයුතු, වනාන්තර සහ ආපදා කළමනාකරණයට අදාළ දත්ත ලබාගැනීම සඳහා ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාවක් සාර්ථක ලෙස අභ්‍යවකාශ ගතකර ඇත. එම චන්ද්‍රිකාව නම්කර තිබෙන්නේ ආර්.අයි.එස්.ඒ.ටී - ටූ.බී. යනුවෙනි.

අති නවීන තාක්ෂණයෙන් යුත් උමං මාර්ග පද්ධතියක ඉදිකිරීම් කටයුතු මාස දෙකක කාලයක් තුළ ආරම්භ කරන බව අමෙරිකාවේ ජනප්‍රිය ව්‍යාපාරික එලන් මස්ක් අනාවරණය කර ඇත.

Education News

කඩදාසි පැළවෙයි...

නොවැම්බර් 19 2019
Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website