Sports News

ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන්ගේ සම්පත් දායකත්වයෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩා හැකියා සංවර්ධන වැඩසටහන ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ට බාර දී එම කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය සහය ලබාදීම දේශපාලන නායකත්වයේ කාර්යභාරය බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මගපෙන්වීම අනුව ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින්, ක්‍රිකට් පුහුණුකරුවන් සහ උපදේශකවරුන්, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමින්විතව පිහිටුවන ලද කමිටුව විසින් සකස්කරන ලද පාසල් ක්‍රිකට් ජාතික මෙහෙයුම් සැලැස්ම 2018-2020 මගින් ඉදිරිපත් කර තිබූ යෝජනා ද සැලකිල්ලට ගනිමිනි.

මෙහිදී සිදත් වෙත්තමුණි මහතා පාසල් තරග සිට පළමු පෙළ තරග දක්වා පිතිකරණ කලාව යන මැයෙන් ද මහේල ජයවර්ධන මහතා තරුණ ක්‍රීඩකයින් සංවර්ධනය කිරීම යන මැයෙන් ද රුචිර පල්ලියගුරු මහතා ක්‍රිකට් ක්‍රීඩාවේ අවංකභාවය, විනය සහ නායකත්ව භූමිකාව යන මැයෙන් ද දේශන හා සාකච්ඡා පවත්වන ලදී. මීට අමතරව ජයන්ත සෙනෙවිරත්න මහතා පාසල් ක්‍රිකට් පුහුණුකිරීම් සම්බන්ධ අත්දැකීම් පිළිබඳව ද ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පිළිබඳව ද වැඩසටහනේදී අදහස් ඉදිරිපත් කරන ලදී.

LIN

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති ශේරු ක්ලැසික් කායවර්ධන තරගාවලියේ දී රන් පදක්කමක් හිමිකරගත් අමිල මුණසිංහ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු විය.

ලොව ප්‍රධාන පෙලේ IFBB කායවර්ධන ශුරතා තරගාවලියක් වූ ශේරු ක්ලැසික් 2018 තරගාවලිය පසුගිය ජූලි 20 වනදා සිට 22 වන දා දක්වා නවදිල්ලි නුවරදී පැවැත්විණි.

රටවල් 162 ක තරගකරුවන් අභිබවමින් 85 Kg බර පන්තියේ ලෝක ශුරතාව දිනාගැනීමට අමිල මුණසිංහ මහතා එහිදී සමත්විය. 

LIN

ලෝක ප්‍රවීණයින්ගේ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගීවන විදේශගත ශ්‍රමිකයෙක් වන පැට්‍රීසියා පෙරේරා ඩොරින් ගෝමස් මහත්මියට විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් ප්‍රදානය කළේය.

මේ වන විට මාලදිවයිනේ රැකියාවක් කරමින් සිටින පැට්‍රිෂියා පෙරේරා ඩොරීන් ගෝමස් දිගු දුර ධාවන ශූරියක් ලෙස සිය දක්ෂතා වර්ධනය කරගෙන තිබෙන්නේ මාලදිවයිනේ රැකියාව කරමින් සිටියදීය. මාලදිවයිනේ ජාතික වාර්තා අවස්ථා කිහිපයකදීම බිද දමා ඇති ඇය මාලදිවයිනේ සිටින දක්ෂතම දිගු දුර ධාවන ශූරියක වූවාය. පසුගිය වසරේදී ඕස්ට්‍රේලියාවේ පැවති ලෝක ප්‍රවීණයින්ගේ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගීවීමට ඇය සුදුසුකම් ලබා තිබුණත් අනුග්‍රාහකයෙක් නොමැතිවීම නිසා ඇයට තරගාවලියට සහභාගීවීමට නොහැකි විය.

නමුත් ඇය දිරාගෝ නම් ජංගම දුරකථන සමාගම වසරකට වරක් පවත්වන තරඟයට ඉදිරිපත්වූ ඇය දෙවන වසරේ සිව්වන තැන ද,තෙවන වසරේ තෙවන තැන ද දිනාගෙන තිබේ. පසුව ඇය  මාල දිවයින දුර දුවන සංගමයේ සාමාජිකාව වූවාය.කාලයේ ඇවෑමෙන් ඇය මාල දිවයින වටා පැවත්වෙන දුර තරඟ වයස් සීමාවන්ට සීමා නොවී ජයගන්නට විය.

මේක විගමණික ක්ෂේත්‍රයටම ලැබෙන බොහෝම වටිනා අවස්ථාවක් ලෙස සලකා ඇයට ලබාදිය යුතු උපරිම සහයෝගය ලබාදීමට තීරණය කළා. ස්පාඤ්ඤය බලා ගමන් කරලා සුභ පණිවුඩයක් රැගෙන එනකොට අපි කටුනායක ගුවන්තොටුපලේදී ඔබව පිළිගන්න බලන් ඉන්නවා. ජයග්‍රාහීව පදක්කමක් රැගෙන එන්න කියලා අපි ඇයට සුභ පතනවා.

ශ්‍රී ලංකා සහ ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති තරගයෙන් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයින් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.  

පසුගිය ජූලි මස 15, 16, හා 17 යන දින වල පැවති ශ්‍රී ලංකා සහ ඉන්දියානු දෘෂ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියෙන් ප්‍රථම වරට ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම නව ලෝක වාර්තා 02 ක් ද පිහිටවනු ලැබීය.

ඒ අනුව දෘෂ්‍යාබාධිත ක්‍රීඩකයෙකු කඩුලූ ත්‍රිත්වයක් ලබාගනිමින් හා පූර්ණ දෘෂ්‍යාබාධිත ක්‍රීඩකයින් දෙදෙනෙකු විසින් ලකුණු 153 ක අඛණ්ඩ සබදතාවයක් ගොඩනගමින් මෙම ලෝක වාර්තා පිහිටුවා තිබේ.

ලෝකයම තනියායක් කළ විසි එක්වැනි දෙපා යුද්ධය අවසන් වුයේ ප්‍රංශයට දෙවැනි වරටත් පාපන්දු කිරුළ හිමිකර දෙමින් ය. මෙවර පාපන්දු ලෝක කුසලානයට එක් වූ කණ්ඩායම් පිළිබඳ කිසිවක් නොදැන සිටි බොහෝ දෙනකුට අනුව නම් ලෝක කුසලානයට ඉදිරිපත්ව සිටියේ ආර්ජන්ටිනාව, බ්‍රසීලය, පෘතුගාලය, පසුගිය ලෝක ශූරයන් (2014) වූ ජර්මනිය වැනි අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු කණ්ඩායම් ප්‍රමාණයකි. ක්‍රිඩකයන් වශයෙන් ගත් කළ ද ලියෙ‍ානල් මෙසි, නේමාර්, ක්‍රිස්ටියා‍නෝ, රොනල්ඩෝ හැර වෙනත් ක්‍රිඩකයන් පිළිබඳ වැඩි කතාබහක් ද නොවීය.

නමුත් පසුගිය ලෝක ශූර‍යන් වූ ජර්මනිය මුලික වටයෙන් ම ඉවතට විසි වූ අතර අවසන් පුර්ව වටයටවත් සුදුසුකම් නොලබා ආර්ජන්ටිනාව, බ්‍රසීලය, පෘතුගාලය වැනි ප්‍රබල කණ්ඩායම් එළියට විසි විය. ඒ අතර ප්‍රංශය සහ පාපන්දු ලෝක කුසලාන අවසාන මහා සංග්‍රාමයට කෝඩුකාරයන් වූ ක්‍රොයේෂියාව අවසන් තරගයට සිය ස්ථානය වෙන් කර ගැනීමට සමත්විය. එංගලන්තය සහ බෙල්ජියම තෙවැනි ස්ථානය සඳහා තරග වැදුණු ද අතර, එහිදී බෙල්ජියම ජය ගැනීමට සමත්විය. දෙපාවලට මැදි වූ පන්දුවක්, ගෝල් කනු දෙකක් අතර ගැට ගැසූ දැලක් අතර උපරිම විනාඩි 90 ක් තුළ කෙරෙන මෙකී යුද්ධය ඔලිම්පික් උලෙළට පමණක් දෙවැනි වන බවට සැක නැත. රටවල් 209 ක සාමාජිකයන් අතරින් තිස් එක් දෙනකු සුදුසුකම් ලබා ගැනිමේ තරගවලින් ජයගෙන මෙකි මහා මංගල්‍යයට එක්විය. මෙකී තරගාවලියට මහද්වීප අනුව කණ්ඩායම් බෙදා වෙන් කෙරෙන අතර එහිදි පාපන්දුවේ ගුණාත්මක භාවයට ප්‍රමුඛත්වය හිමිවෙයි.

මෙවර තරගාවලියට වැඩිම රටවල් සංඛ්‍යාවක් එක් වූයේ යුරෝපා මහද්වීපයෙනි. කාණ්ඩ අටක් නියෝජනය කරමින් රටවල් 32ක් එක් වූ අතර, මින් තිහකගේම බලාපොරොත්තු එකිනෙක බිඳ වැටෙන විට ප්‍රංශය සහ ක්‍රොයේෂියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. ක්‍රොයේෂියාව මෙවර අපරාජිතව ම අවසන් වටයට පිවිසි අතර, ඔවුන් පරාජය වුයේ ද ප්‍රංශයට පමණි. ප්‍රංශය මුලික වටයේ ඩෙන්මාර්කය සමඟ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. මෙවර තරගාවලියේ තවත් විශේෂත්වයක් වූයේ 2006 ට පසු යුරෝපා මහද්වීපය නියෝජනය කරමින් රටවල් හතරක් ම අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමයි.

ලෝක කුසලාන පහකට ඉදිරිපත් වී 1998 දී ප්‍රංශය අතින් අවසන් පුර්ව තරගයේදී පරාජයට පත්ව නෙදර්ලන්තය පරාජය කරමින් තෙවැනි ස්ථානය දිනා ගත් ක්‍රොයේෂියාව මෙවර ද අවසන් තරගයට පැමිණ ප්‍රංශය අතින් පරාජය විය. මෙවර තරගාවලිය පෙරලි රැසකින්ම සමන්විත විය. ඒ අතරින් වැඩිම අවධානයක් දිනා ගත්තේ 1958 පසුව මෙවර ඉතාලියට ලෝක කුසලාන වරම් අහිමි වීමයි.

මේ තරගාවලිය ඇරඹෙන විට ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථාන තුන පිළිවෙළින් ජර්මනිය, බ්‍රසීලය සහ බෙල්ජියම හිමිකර ගෙන තිබේ. ලෝක ශූරයන් වූ ප්‍රංශය හත්වැනි ස්ථානයත්, අනුශූරයන් වූ ක්‍රොයේෂියාව 20 වැනි ස්ථානයෙත් පසුවෙයි.ශ්‍රී ලංකාවට හිමි ව ඇත්තේ 200 වැනි ස්ථානයයි. ශ්‍රී ලංකා පාපන්දු පුහුණුකරු ප්‍රකාශ කරන්නේ අපට ලෝක කුසලාන තරගාවලියක සිහින දැකීමට පවා බොහෝ ඉවසිය යුතු බවයි. එහෙත් අපි දිනන කණ්ඩායම්වලට අත්පොළසන් නාදයක් දෙන්න එකතු වෙමු.

කිරුළ ප්‍රංශයට අප කොතැනද ?

‍ලෝකයම තනියායක් කළ විසි එක්වැනි දෙපා යුද්ධය අවසන් වුයේ ප්‍රංශයට දෙවැනි වරටත් පාපන්දු කිරුළ හිමිකර දෙමින් ය. මෙවර පාපන්දු ලෝක කුසලානයට එක් වූ කණ්ඩායම් පිළිබඳ කිසිවක් නොදැන සිටි බොහෝ දෙනකුට අනුව නම් ලෝක කුසලානයට ඉදිරිපත්ව සිටියේ ආර්ජන්ටිනාව, බ්‍රසීලය, පෘතුගාලය, පසුගිය ලෝක ශූරයන් (2014) වූ ජර්මනිය වැනි අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු කණ්ඩායම් ප්‍රමාණයකි. ක්‍රිඩකයන් වශයෙන් ගත් කළ ද ලියෙ‍ානල් මෙසි, නේමාර්, ක්‍රිස්ටියා‍නෝ, රොනල්ඩෝ හැර වෙනත් ක්‍රිඩකයන් පිළිබඳ වැඩි කතාබහක් ද නොවීය.

නමුත් පසුගිය ලෝක ශූර‍යන් වූ ජර්මනිය මුලික වටයෙන් ම ඉවතට විසි වූ අතර අවසන් පුර්ව වටයටවත් සුදුසුකම් නොලබා ආර්ජන්ටිනාව, බ්‍රසීලය, පෘතුගාලය වැනි ප්‍රබල කණ්ඩායම් එළියට විසි විය. ඒ අතර ප්‍රංශය සහ පාපන්දු ලෝක කුසලාන අවසාන මහා සංග්‍රාමයට කෝඩුකාරයන් වූ ක්‍රොයේෂියාව අවසන් තරගයට සිය ස්ථානය වෙන් කර ගැනීමට සමත්විය. එංගලන්තය සහ බෙල්ජියම තෙවැනි ස්ථානය සඳහා තරග වැදුණු ද අතර, එහිදී බෙල්ජියම ජය ගැනීමට සමත්විය. දෙපාවලට මැදි වූ පන්දුවක්, ගෝල් කනු දෙකක් අතර ගැට ගැසූ දැලක් අතර උපරිම විනාඩි 90 ක් තුළ කෙරෙන මෙකී යුද්ධය ඔලිම්පික් උලෙළට පමණක් දෙවැනි වන බවට සැක නැත. රටවල් 209 ක සාමාජිකයන් අතරින් තිස් එක් දෙනකු සුදුසුකම් ලබා ගැනිමේ තරගවලින් ජයගෙන මෙකි මහා මංගල්‍යයට එක්විය. මෙකී තරගාවලියට මහද්වීප අනුව කණ්ඩායම් බෙදා වෙන් කෙරෙන අතර එහිදි පාපන්දුවේ ගුණාත්මක භාවයට ප්‍රමුඛත්වය හිමිවෙයි.

මෙවර තරගාවලියට වැඩිම රටවල් සංඛ්‍යාවක් එක් වූයේ යුරෝපා මහද්වීපයෙනි. කාණ්ඩ අටක් නියෝජනය කරමින් රටවල් 32ක් එක් වූ අතර, මින් තිහකගේම බලාපොරොත්තු එකිනෙක බිඳ වැටෙන විට ප්‍රංශය සහ ක්‍රොයේෂියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. ක්‍රොයේෂියාව මෙවර අපරාජිතව ම අවසන් වටයට පිවිසි අතර, ඔවුන් පරාජය වුයේ ද ප්‍රංශයට පමණි. ප්‍රංශය මුලික වටයේ ඩෙන්මාර්කය සමඟ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. මෙවර තරගාවලියේ තවත් විශේෂත්වයක් වූයේ 2006 ට පසු යුරෝපා මහද්වීපය නියෝජනය කරමින් රටවල් හතරක් ම අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමයි.

ලෝක කුසලාන පහකට ඉදිරිපත් වී 1998 දී ප්‍රංශය අතින් අවසන් පුර්ව තරගයේදී පරාජයට පත්ව නෙදර්ලන්තය පරාජය කරමින් තෙවැනි ස්ථානය දිනා ගත් ක්‍රොයේෂියාව මෙවර ද අවසන් තරගයට පැමිණ ප්‍රංශය අතින් පරාජය විය. මෙවර තරගාවලිය පෙරලි රැසකින්ම සමන්විත විය. ඒ අතරින් වැඩිම අවධානයක් දිනා ගත්තේ 1958 පසුව මෙවර ඉතාලියට ලෝක කුසලාන වරම් අහිමි වීමයි.

මේ තරගාවලිය ඇරඹෙන විට ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථාන තුන පිළිවෙළින් ජර්මනිය, බ්‍රසීලය සහ බෙල්ජියම හිමිකර ගෙන තිබේ. ලෝක ශූරයන් වූ ප්‍රංශය හත්වැනි ස්ථානයත්, අනුශූරයන් වූ ක්‍රොයේෂියාව 20 වැනි ස්ථානයෙත් පසුවෙයි.ශ්‍රී ලංකාවට හිමි ව ඇත්තේ 200 වැනි ස්ථානයයි. ශ්‍රී ලංකා පාපන්දු පුහුණුකරු ප්‍රකාශ කරන්නේ අපට ලෝක කුසලාන තරගාවලියක සිහින දැකීමට පවා බොහෝ ඉවසිය යුතු බවයි. එහෙත් අපි දිනන කණ්ඩායම්වලට අත්පොළසන් නාදයක් දෙන්න එකතු වෙමු.

ලෝක ජනගහනයෙන් වැඩිම පිරිසක්‌ නරඹන මෙන්ම ලොව ජනප්‍රියම ක්‍රීඩාව බවට පත් වී ඇත්තේ පාපන්දු ක්‍රීඩාවයි (Foot Ball) මේ දිනවල FIFA ලෝක පාපන්දු තරගාවලිය 21 වැනි වරටත් රුසියාවේදී පැවැත්වේ. එදා මෙදා තුර ලෝක පාපන්දු තරගාවලිවලදී දස්‌කම් දැක්‌ වූ සුපිරි ක්‍රීඩකයෝ රැසක්‌ මේ වනවිට විශ්‍රාම සුව විඳිමින් සිටිති. එම ක්‍රීඩකයන් අතුරින් ක්‍රීඩා ලෝලීන්ගේ සදාතනික මතකයේ රැඳී සිටින ක්‍රීඩකයන් තුන් කට්‌ටුවක්‌ වේ. ඒ බ්‍රසීලයේ පේලේ, ආර්ජෙන්ටිනාවේ මැරඩෝනා සහ බ්‍රිතාන්‍යයේ ඩේවිඩ් බෙකම්ය. ලෝක කුසලාන පාපන්දු තරගාවලියක්‌ පවතින මොහොතකදී මේ ක්‍රීඩකයන්ගේ සුන්දර මතකයන් කෙසේ අමතක කළ හැකිද?

 පේලේ

1940 ඔක්‌තෝබර් මස 23 වැනිදා උපන් 'පේලේ' ගේ සම්පූර්ණ නම වනුයේ එඩ්සන් එරන්ටීස්‌ ඩි නසිමෙන්ටෝ ය. (Edson Arantes do Nascimento පෘතුගීසි භාෂාවෙනි) 'පේලේ' යන කෙටි නමින් ඔහුව හඳුන්වන අතර එහි තේරුම "හේබ්රෙව් භාෂාවෙන්" ප්‍රාතිහාර්යයක්‌ යනුයි. අඩි 5 යි අඟල් 8 ක්‌ උසැති 'පේලේ' නමේ තේරුම බ්‍රසීලයට පමණක්‌ නොව මුළු ලොවටම ප්‍රාතිහාර්යයකි.

වයස අවුරුදු 15 දී 'පේලේ' බ්‍රසීලයේ සැන්ටෝස්‌ සහ සෙලාන් පාපන්දු කණ්‌ඩායම් සඳහා ක්‍රීඩා කළේය. අංක 10 යටතේ බ්‍රසීල කණ්‌ඩායමට ක්‍රීඩා කළ ඔහු ඔහුගේ සහභාගිත්වය සහ පසුව නායකත්වය යටතේ 1958, 1962 සහ 1970 දී බ්‍රසීලය FIFA ලෝක කුසලානය තෙවරක්‌ දිනාගත්තේය. ක්‍රීඩා තරග 93 කදී ඔහු බ්‍රසීලය වෙනුවෙන් ගෝල 77 ක්‌ ලබාගෙන ඇත. 1977 දී ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු 'පේලේ' පාපන්දු ලෝක ව්‍යාප්ත තානාපතිවරයකු ලෙස කටයුතු කර ඇති අතර 2010 දී 'නිව්යෝර්ක්‌ කොස්‌මොස්‌'(Cosmos = විශ්වය) හි ගරු සභාපතිවරයා ලෙස ඔහුව නම් කළේය. ඔහු බ්‍රසීලයේදී පාපන්දු ක්‍රීඩා ජයග්‍රහණයේ ජාතික වීරයා ලෙස ද ලෝක මට්‌ටමේදී දිළින්දන්ගේ සමාජ තත්ත්වයන් වැඩිදියුණු කරන ප්‍රතිපත්තිවල උෙද්‍යාaගිමත් පුද්ගලයකු ලෙස ද ප්‍රසාදය දිනාගෙන ඇත. ඔහුගේ වෘත්තීය ජීවිතය පුරාවටම ඔහු තනි තනිව හා කණ්‌ඩායම් වශයෙන් සම්මාන රැසක්‌ ලබාගෙන ඇත. 'පේලේ' ලැබූ සම්මාන අතර 1958 දී FIFA ලෝක කුසලානයේදී හොඳම යෞවන ක්‍රීඩකයා 1970 දී FIFA ලෝක කුසලානයේදී හොඳම ක්‍රීඩකයා 2004 දී FIFA සංවත්සරයේදී ශත වර්ෂයේ හොඳම ක්‍රීඩකයා විශේෂ සම්මානය, 2005 දී බී. බී. සී. ස්‌පෝර්ට්‌ස්‌ සම්මානය 1999 දී රොයිටර් නිව්ස්‌ ඒජන්සිය 20 වැනි සියවසේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය යන සම්මාන ඔහුට හිමිව තිබේ. පාපන්දු තරග 1363 කට සහභාගි වී 'පේලේ' ගිනස්‌ වාර්තාවක්‌ ද තබා ඇත.

කිහිප වරක්‌ විවාහ වූ ඔහුගේ භාර්යාවන් වූයේ Rosemeri dos Reis Cholbi (1966 - 1982) Assiria Nascimento (1994 - 2008), Marcia Aoki (2016 සිට අද දක්‌වා) යන කාන්තාවන්ය. ඔහුගේ දරුවන් වූයේ Edson,Cholbi, Nascimento යන අයය.

මැරඩෝනා

1960 ඔක්‌තෝබර් මස 30 වැනිදා ආර්ජෙන්ටිනාවේ බුවනෝස්‌ අයර්ස්‌ නගරයේදී උපත ලද මැරඩෝනාගේ සම්පූර්ණ නම ඩියාගෝ ආමෙන්ඩො මැරඩෝනාය. (Diego Armando Maradona) අඩි 5 ක්‌ උසැති මැරඩෝනා ආර්ජන්ටිනාවේ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකේ. ඔහුගේ කුඩා ශරීරය භාවිත කරමින් ඔහු පන්දුවට පහරදෙන ආකාරය හා ඉරියව් නිතර වෙනස්‌ කරමින් වේගය පාලනය කරගැනීමේ හැකියාව පාපන්දු විචාරකයන්ගේ දැඩි අවධානයට ලක්‌ වූ ගුණාංග වේ. ඔහුගේ ක්‍රීඩා විලාසයේ තිබූ කලබලකාරී ලක්‍ෂණය නිසා ජීවිත කාලය පුරාම විචාරකයන් ඔහුට තබා තිබූ අන්වර්ථ නාමය වූයේ "ගෝල්ඩන් බෝයි" යන්නය.

1976 ඔක්‌තෝබර් 20 වැනිදා ඔහුගේ 16 වැනි උපන් දිනයට දින 10 කට පෙර 'ආර්ජිනොජන්ස්‌ ජූනියර්' ක්‍රීඩා සමාජය සමඟ ඔහුගේ වෘත්තීය පාපන්දු දිවිය ආරම්භ විය. ඉන්පසු ආර්ජන්ටිනා ජූඩෝස්‌, බොකො ජූනෝර්ස්‌, බාසිලෝනා, නැපෝලියෝ, සෙවිලා, නිව්වෙල් ඕල්ඩ් බෝයිස්‌ යන ක්‍රීඩා සමාජ සමඟ එක්‌ වූ ඔහු 1977 සිට 1994 දක්‌වා ආර්ජන්ටිනා ජාතික කණ්‌ඩායමට ක්‍රීඩා කළේය. පසු කාලයේදී කණ්‌ඩායම් කළමනාකරුවකු ලෙස මැන්ඩියු ඩි කොරිජන්ටෙස්‌ රේසිං සමාජය, අල්ව්සල්, ෆජයිරා යන ක්‍රීඩා සමාජවලට සේවය ලබාදුනි.

1986 දී මැරඩෝනාගේ නායකත්වය යටතේ ආර්ජන්ටිනාව FIFA ලෝක පාපන්දු කුසලානය දිනාගැනීම ඔහු ලැබූ විශාල ජයග්‍රහණයකි. 1982 වර්ෂය වනවිට මැරඩෝනා ලොව විශාලතම ක්‍රීඩා තරු අතරින් එකක්‌ බවට පත්විය.

මැරඩෝනාගේ බිරිඳ වූයේ Claudia Villafane ය (1984 - 2003). පසු 2003 දී ඔහු ඇගෙන් දික්‌කසාද විය. දරුවන් වූයේ Delma Nerea (1987) සහ Gianinna Dinorah (1989) ය.

වර්ෂ 2008 දී මැරඩෝනා ආර්ජන්ටිනා ජාතික කණ්‌ඩායමේ පුහුණුකරු බවට පත්විය. බොහෝ සම්මාන දිනාගත් ලෝක පූජිත මේ ක්‍රීඩකයා 1980 දශකයේදී කොකේන් මත්ද්‍රව්‍යවලට ද ඇබ්බැහි විය. පසුව මත්පැන්වලට ද ඇබ්බැහි වූ ඔහු 2007 සිට ඒ සියල්ල අත් හළේය. දෙවරක්‌ම ලෝක පාපන්දු ඉතිහාසයේ අංක එකේ ක්‍රීඩකයා බවට පත් වූ මැරඩෝනා ආර්ජන්ටිනා ජනතාවගේ අසහාය වීරයෙකි.

බෙකම්

1975 මැයි මස 2 වැනිදා එංගලන්තයේ ලන්ඩන් නගරයේ ලෙයිටන්ස්‌ටන්හි උපන් ඩේවිඩ් රොබට්‌ බෙකම් (David Robert Beckham) එංගලන්තයෙන් පහළ වූ අති දක්‍ෂ පාපන්දු ක්‍රීඩකයෙකි. තරුණ ක්‍රීඩකයකු වශයෙන් රි-වේ රෝවර්, ටොට්‌ටන්හැම් හොට්‌ස්‌පර්, බ්රිම්ඩ් රෝවර්, මැන්චෙස්‌ටර් යන ක්‍රීඩා සමාජ සමඟ එක්‌ වී ක්‍රීඩා කළ බෙකම් වෘත්තීය ජීවිතයේදී මැන්චෙස්‌ටර්, ප්රෙස්‌ටන් නෝර්ත්, රියල් මැඩ්රිඩ්, එල්. ඒ. ගැලැක්‌ස්‌ මිලාන් යන ක්‍රීඩා සමාජ යටතේ ක්‍රීඩා කළේය.

1992 සිට 2009 දක්‌වා එංගලන්ත ජාතික කණ්‌ඩායමට ක්‍රීඩා කළ බෙකම් එහි නායකයා බවට ද පත්විය. අඩි 6 ක්‌ උසැති බෙකම් එංගලන්තය, ස්‌පාඤ්ඤය, එක්‌සත් ජනපද හා ප්‍රංශය යන රටවලින් අනු ශූරතාව දිනාගත් ප්‍රථම ඉංග්‍රීසි ක්‍රීඩකයා විය.

ලොව ප්‍රධානතම පාපන්දු කුසලාන 19 ක්‌ දිනාගත් ඔහුට 2004 වසරේදී වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි විය. 2008 වසරේදී ක්‍රීඩාව සඳහා ගෝලීය තානාපති වශයෙන් බෙකම් නම් කරනු ලැබීය. 1992 දී මැන්චෙස්‌ටර් යුනයිටඩ් සමඟ ආරම්භ වූ බෙකම්ගේ වෘත්තිය දිවියේදී ඔහු එක්‌සත් රාජධානියේ ප්‍රිමියර් ලීග් ශූරතාව සය වරක්‌ ද ෙෆ්ස්‌බුක්‌ කුසලානය දෙවරක්‌ ද 1999 දී UFFA චැම්පියන් ලීගය එක්‌ වරක්‌ ද ජයග්‍රහණය කළේය. ඔහු වසර 6 ක්‌ම එංගලන්ත පාපන්දු පිලේ නායකයා විය. 2013 දී ලොව ඉහළම වැටුප් ලබන ක්‍රීඩකයා ලෙස ඔහු පත් වී සිටියේය. 1999 දී බොල්ටන් ඩිඕර් අනුශූරතාව ද වසරේ FIFA ලෝක ක්‍රීඩකයා රිදී සම්මානය ද 1999 සහ 2001 දී වසරේ හොඳම තරුණ ක්‍රීඩකයා ලෙස ද 2003 වසරේදී එංගලන්තයේ හොඳම ක්‍රීඩකයා ලෙස ද 1998 වසරේ UFFA පාපන්දු ක්‍රීඩකයා ලෙස ද 1992 - 93 දක්‌වාත්, 2001 - 2002 දක්‌වාත් ප්‍රිමියර් ලීග් Rතු සම්මාන ද 2001 දී බීබීසී ස්‌පෝර්ට්‌ සම්මානය ද 2010 දීත් දක්‍ෂම පාපන්දු ක්‍රීඩකයා සම්මානය ද 2004 දීත් හොඳම MLS ක්‍රීඩකයා සම්මානය ද ඇතුළු බොහෝ සම්මාන ගණනාවක්‌ බෙකම්ට හිමි වී තිබේ.

2005 දී බෙකම් ලන්ඩනයේ සහ ලොස්‌ ඇන්ජලීස්‌ යන ස්‌ථාන දෙකක ක්‍රියාත්මක වන 'ඩේවිඩ් බෙකම් ඇකඩමි' පාසල ආරම්භ කළේ පාපන්දු ශූරතා සඳහා ආධුනිකයන් පුහුණු කිරීමටය. වෘත්තීය පාපන්දු ක්‍රීඩකයකු ලෙස සිටි ලෝ පූජිත මේ පාපන්දු ශූරයා 2013 මැයි මාසයේදී පාපන්දු ක්‍රීඩාවෙන් විශ්‍රාම ලැබීය. බෙකම්ගේ බිරිඳ වූයේ කලක්‌ ලෝකයේ ජනප්‍රිය ගායක කණ්‌ඩායමක්‌ වූ 'ස්‌පයිස්‌ ගර්ල්ස්‌' ගායක කණ්‌ඩායමේ සාමාජිකාවක්‌ වූ Victoria Beckham ය. ඔහුගේ දරුවන් සතර දෙනා වනුයේ Brooklyn Beckham, Harper Seven Beckham, Romeo James Beckham සහ Cruz Beckham ය.

මේ සුපිරි ක්‍රීඩකයන් තිදෙනා ගැන ද ලොව පුරා සිටින කාටූන් ශිල්පීන් බොහෝ කාටූන් නිර්මාණය කර තිබුණි. මේ එම කාටූන් නිර්මාණවලින් කිහිපයකි.

2

1. 1966 වර්ෂයේදී රෝ අලියට්‌ (Roy Ullyett) විසින් නිර්මාණය කරන ලද කාටූනයේ දැක්‌වෙන්නේ එම වර්ෂයේදී ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී බ්‍රසීල කණ්‌ඩායම පසුබෑමකට ලක්‌ වූ පසු 'පේලේ' කනගාටුවෙන් පසුවන දර්ශනයකි. එහිදී එක්‌ අයෙක්‌ ඔහු සනසමින් "සන්සුන් වන්න පේලේ · බ්‍රසීලියානුවන් මිලියන 80 ක්‌ ඔබ දිනාගෙන ඇත" යනුවෙන් පවසයි. (Relex, Pele ! Only 80 Million Brazilians Are Dependings On You to Win) පැරදුණත් දිනුවත් බ්‍රසීලියානුවන්ගේ අසහාය වීරයා පේලේ බව කාටූන් ශිල්පියා මෙමගින් පෙන්වා දෙයි.

 

 3
2. ඕමාර් මොමනි (Omar Momani) ගේ කාටූන් නිර්මාණයේ දැක්‌වෙන්නේ පේලේගේ සහ වත්මන් ක්‍රීඩකයකු වූ ලයනල් මෙසීගේ හමුවීමකි. පේලේ අත චිත්‍රපට රීල් එකකි. මෙහිදී පේලේ මෙසීට "මේ මගේ හැකියාවන් පෙන්වන චිත්‍රපටයකි...මේ ඔබට බැලීමටයි" යනුවෙන් පවසයි. (This is my film to show you my skills) එවිට මෙසී "ඇයි ඔබ ඩී. වී. ඩී. භාවිත කරන්නේ නැත්තේ?" (Why Don't you use a DVD ? ) පේලේ පරණ ක්‍රීඩකයෙකි. මෙසී නවීන පරපුර නියෝජනය කරන ක්‍රීඩකයෙකි. පේලේගේ යුගයේදි චිත්‍රපට සෑදීමට භාවිත වූයේ රීල් ය. ඒවා නැරඹීමට ප්‍රොජෙක්‌ටරයක්‌ අවශ්‍යයි. වර්තමානයේ වැඩිපුර භාවිත වන්නේ DVD තැටි ය. ඒ මෙය පැරණි හා නවීන තාක්‍ෂණයේ හැලහැප්පීම් පෙන්වා දෙන කාටූනයකි.

4
 
3. මාරියෝ ඇල්බටෝ (Mario Alberto) විසින් වර්ෂ 2010 දී පේලේට වයස අවුරුදු 70 පිරුණු පසු කාටූනයක්‌ නිර්මාණය කළේය. මෙහි ප්ලේගේ හිස මතුපිට ඇත්තේ පාපන්දු බෝලයක්‌ සේ නිර්මාණය කරන ලද රත්රන් ඔටුන්නකි. එහි 70 යන ඉලක්‌කම සටහන් කර ඇත. එම ඔටුන්න හිස පැළඳි පේලේ සිනහමුසු මුහුණින් යුතුව සිටී. බ්‍රසීලයට පේලේ යනු ඔටුනු පළන් රජෙකි.

5
 
4. ඕමාර් මොමනි (Omar Momani) ගේ කාටූනයේ දැක්‌වෙන්නේ මෙසී (Messi) නම් ක්‍රීඩකයාගේ එක්‌ කකුලක්‌ බොලිවියා නමැති යදම්වලින් සිරකර සිටින ආකාරයයි. මෙය දකින මැරඩෝනා "බලන්න මම ආර්ජෙන්ටිනාවේ රජතුමා වගේනේ" (It looks like am gonna stay the king of Argentina!) යනුවෙන් පවසයි. සිනහසෙමින් මෙසේ කියන මැරඩෝනාගේ හිස මත රත්තරන් ඔටුන්නක්‌ ද ඇත. මැරඩෝනා ආජන්ටිනා ජනතාවගේ රාජකීය සැලකුම් ලබන ක්‍රීඩකයකු බව කාටූන් ශිල්පියා මෙමගින් පෙන්වා දෙයි.

6
 
5. හන්ගේරියන් ජාතික ෆල්මාස්‌ (Falmas) ගේ කාටූනය කොටස්‌ දෙකකි. එහි වම් පස කොටුවේ මැරඩෝනා පාපන්දුවක්‌ අතින් ගෙන සිටී. ඔහු මෙසේ කියයි, "පන්දුව අපවිත්‍ර වෙන්නේ නැත" (La Pelota No Se Mancha - ස්‌පාඤ්ඤ භාෂාවෙන්) කාටූනයේ දකුණු පස කොටුවේ මැරඩෝනා පාපන්දු ක්‍රීඩකයකුගේ "ටී - ෂර්ට්‌" එකක්‌ පෙන්වමින් සිටී. එහි කාගේදොa අත්ලක සටහනක්‌ ද ඇත. මැරඩෝනා මෙසේ කියයි, "ඒත් මේ 'ටී - ෂර්ට්‌' එක වගේ" (Pero Esta Camiseta Parece Que Si... - ස්‌පාඤ්ඤ භාෂාවෙනි) මැරඩෝනා කියන්නේ පන්දුව කිළිටි වන්නේ නෑ ක්‍රීඩකයාගේ ටී - ෂර්ට්‌ එක වගේ කියාය. මෙය පාපන්දු ක්‍රීඩකයන් ඔට්‌ටුකරුවන්ගේ ග්‍රහණයට අසු වී ඇති බවට කෙරෙන ඉඟියකි. ඔට්‌ටුකරුවන්ගේ ඉත්තන් බවට පත් වී ඇති ක්‍රීඩකයන්ගේ ඇඳුම් කිළිටිය. එහෙත් එසේ වූවාට ක්‍රීඩාවේ පන්දුව කිළිටි වී නොමැති බව මැරඩෝනා පවසයි.
 7
6. ආමන් ට්‍රොප් ක්‍රිස්‌ටෝපර් (Ammen Trop Christopher) ගේ කාටූනයේ දැක්‌වෙන්නේ ආර්ජන්ටිනා ජාතික පාපන්දු කණ්‌ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන මැරඩෝනාය. ආර්ජන්ටිනා ක්‍රීඩකයකු පාස්‌කර එවූ පන්දුවට තව ක්‍රීඩකයෙක්‌ උඩ පැන හිසෙන් පහරක්‌ එල්ල කිරීමට සැරසෙයි. ප්‍රතිවිරුද්ධ පිලේ ගෝල් රකින්නා ද මේ ගැටුමට එයි. මෙය දකින මැරඩෝනා "ඉලක්‌කය දෙවියන්ගේ අතේ" යනුවෙන් පවසයි. පාපන්දු ක්‍රීඩාවට මැරඩෝනා දක්‌වන භක්‌තිය කාටූන් ශිල්පියා මෙ කාටූනයෙන් අපට පෙන්වා දෙයි.

8
 
7. ඩේවිඩ් බෙකම් තම ඇඟේ පච්ච (Tattoos) කොටාගෙන සිටින්නෙකි. ඔහු තවත් පච්චයක්‌ කොටා ගැනීමට පච්ච කොටන තැනට පැමිණ ඇත. පච්ච කොටන්නා ඔහුගේ පිටේ පච්චයක්‌ කෙටීමට සැරසෙන විටම එක්‌ කාන්තාවක්‌ පැමිණ පච්ච කොටන්නාට යම් වචන වගයක්‌ ලියූ කොළයක්‌ පෙන්වයි. එහි ලියා ඇත්තේ 'හාපර් සෙවන්' (Happer Seven) යනුවෙනි. හාපර් සෙවන් යනු බෙකම්ගේ එක්‌ දියණියකගේ නමය. පච්ච කොටන්නාට එම නම බෙකම්ගේ පිටේ කොටන්නැයි අර කාන්තාව කියයි. මීට කලින් ද බෙකම් තම දරුවන් වන "Cruz Romeo" සහ " Brooklyn" යන දෙදෙනාගේ නම් ද පිටේ කොටාගෙන ඇත. මේ Happer Seven යන නම බෙකම්ගේ පිටේ කෙටිය යුතුමය. බෙකම්ගේ ක්‍රීඩා අංකය 7 ය. හාපර් සෙවන් ඉපදුණේ 7 වැනි මාසයේ 7 වැනිදාය. ඉපදෙන විට ඇගේ බර රාත්තල් 7 කි. මේ කරුණු දැනගත් පච්ච කොටන්නා "සුදුසුයි" (Passt! - ජර්මන් භාෂාවෙන්) යනුවෙන් පවසයි.

9
8. ස්‌ටික්‌ බිල් ග්‍රීන් හෙඩ් (Stik Bill Greenhead) නිර්මාණය කරන ලද කාටූනයේ දැක්‌වෙන්නේ ඩේවිඩ් බෙකම් වාර්තාකරුවකු ඉදිරිපිට සිට ප්‍රකාශයක්‌ කරන ආකාරයයි. ඉදිරියෙන් මයික්‍රොෆෝනය ඇත. බෙකම් කතා කරන අතර ඔහුගේ කොණ්‌ඩයේ ඉදිරි කොටස, කෙනෙක්‌ තමාගේ අත්ලේ අනිත් ඇඟිලි නවා දඹරැඟිල්ල සහ මැදඟිල්ල ඔසවා V අකුර වගේ ජයග්‍රාහී බව (Victor) පෙන්වන ආකාරයට සකසා ඇත. බෙකම් කරන ප්‍රකාශයේ අදහස වනුයේ "මගේ ක්‍රීඩා සහ මගේ විලාසිතා සඳහා මැක්‌ ක්‌ලේරන් මට මහත් බලපෑමක්‌ කර ඇති බව මම සිතන්නේ සාධාරණවයි" එම ප්‍රකාශය කාටූනයට පහළින් අච්චු අකුරින් සඳහන් කර ඇත. (මැක්‌ ක්‌ලේරන් යනු 1968 දී ආරම්භ කරන ලද බ්‍රිතාන්‍ය ෆෝමියුලා 1 රේසිං මෝටර් රථ කණ්‌ඩායමයි. ඔවුන් ජයග්‍රහණ රැසක්‌ ලබාගෙන ඇත) කාටූනයේ දැක්‌වෙන ප්‍රකාශය අනුව පෙනී යන්නේ බෙකම් මෝටර් රථ තරගයකදී වගේ වේගයෙන් තම ජයග්‍රහණ ලබාගෙන ඇති බවය.
 
 රුවන් තරස්‌වින් - දිවයින

උතුරු තායිලන්තයේ චින්ග් රායි පළාතේ ගල් ගුහා සංකීර්ණයක් තුළ සිරවූ ‘වයිල්ඩ් බෝ’ පාපන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනාට සහ ඔවුන්ගේ පුහුණුකරුට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ජානි ඉන්ෆන්තීනෝගෙන් ආරාධනාවක් ලැබී තිබේ.

ජූනි 23 වැනි දා ගල් ගුහාව තුළ සිරවූ මෙම දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු සොයා ගනු ලැබුවේ පසුගිය සතියේදීය. ඔවුන් සියලු දෙනා මුදා ගැනීමට මසකට ආසන්න කාලයක් ගතවනු ඇතැයි මුලින් පැවසුව ද දැවැන්ත මුදා ගැනීමේ මෙහෙයුමකින් පසුව මේ වනවිට දරුවන් 8 දෙනකු ගල් ගුහාවෙන් පිටතට රැගෙන ඒමට බලධාරීන්, කිමිදුම්කරුවන් ඇතුළු දැවැන්ත කණ්ඩායමක් සමත් වී තිබේ. 

බ්‍රිතාන්‍ය කිමිදුම්කරුවන් මෙම දරුවන් දොළොස් දෙනා සහ පුහුණුකරු සොයා ගන්නා විට, ඔවුන් දහතුන්දෙනා දින 13කට ආසන්න කාලයක් ගල් ගුහාව තුළ සිරවී සිට ඇතැයි පැවසේ. 

මෙම දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරුව ජූලි 15 වැනි දා පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට ‘අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ආරාධිතයන්’ ලෙස සහභාගී කරවාගැනීමට තමන් සූදානම් බව ජානි ඉන්ෆන්තීනෝ සඳහන් කරයි. 

ජූලි 15 වැනිදා ට පෙර දරුවන් සියලු දෙනා මුදා ගැනීමට හැකිවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද හෙතෙම කීය.  ජාත්‍යන්තර පාපන්දු පිටියේ ඉහළම පෙළේ ක්‍රීඩකයන් රැසක් ද මේ වනවිටත් මෙම ධෛර්යවන්ත දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරුට සහයෝගය පළ කර තිබේ. 

ඉන්ෆන්තීනෝ විසින් මේ වනවිටත් අදාළ ආරාධනාව සහිත ලිපියක් තායිලන්ත පාපන්දු සම්මේලනය ප්‍රධානීයාට එවනු ලැබ තිබේ.

“අපි සියලු දෙනාම බලාපොරොත්තු වන පරිදි  ඔවුන් ඉක්මණින් ඔවුන්ගේ පවුල් සමඟ එක්වේවි. ඔවුන්ට ගුවන් ගමනක යෙදෙන්න තරම් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් තිබෙනවා අපේ ආරාධිතයන් ලෙස ඔවුන් අවසාන මහ තරගය නැරඹීම සඳහා ගෙන්වා ගන්න අප සූදානම්” යනුවෙන් ඉන්ෆන්තීනෝ සඳහන් කර ඇත. 

(ලංකාදීප)

2018 ජූනි මාසයේදී ජපානයේ ජීෆු නගරයේ පැවති 2018 කණිෂ්ඨ ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් ලාභී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඇගයීමට ලක්විය.

මෙම ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 03 ක්. රීදි පදක්කමක් 04 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් හිමිකර ගැනීමට මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වූ අතර ඔවුන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඉදිරි ක්‍රීඩා දිවිය වෙනුවෙන් සිය ආශිර්වාදය ද පළ කළේය.

2018 කණිෂ්ඨ ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන් වන අකුරම්බොඩ, වීරකැප්පෙටිපොළ මධ්‍ය මහා විද්‍යාලයේ එස්.අරුණ දර්ශණ, කුරුණෑගල මලියදේව විද්‍යාලයේ පී.එම්.පී.එල්. කොඩිකාර, කොළඹ ශාන්ත ඛෙනඩික් විද්‍යාලයේ කේ.පී.ටී. ආර්. රවිශ්ක ඉන්ද්‍රජිත්, කොළඹ නාලන්දා විද්‍යාලයේ ජී.ඩී.කේ.කේ. පබසර, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පාරමී වසන්ති මාරිස්ටෙලා, වලල රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ කේ.ජී. දිල්ෂි කුමාරසිංහ, මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ අමාශා ද සිල්වා, වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සචිනි තාරකා දිව්‍යාංජලී, නුගේගොඩ ලියිසියම් ජාත්‍යන්තර පාසලේ රුමේෂා ඉෂාරා අත්තිඩිය යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මීට එක්ව සිටියහ.

2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන්ම සත්කාරක රුසියාව වාර්තා ගත ජයක් ලබා ගැනීම සමත්විය.

මෙම තරඟය සෞදි අරාබිය සමගින් පැවැති අතර එම  තරගයේදි ගෝල 5-0ක විශිෂ්ඨ ජයක් ලැබීමට රැසියාවට හැකිවිය.

සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ලීඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය (1 වැනිදා) සඳහා ක්‍රීඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 106 ක් ලබා සිටියේය.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම කඩුලු 8 ක් අතැතිව පාකිස්තානයට වඩා තවත් ලකුණු 68 ක් පසුපසින් සිටී. දිනය නිමාවන විට පන්දුවට පහරදෙමින් සිටි නායක ජෝ රූට් හතරේ පහර 5 ක් සමග ලකුණු 29 ක් ලබා සිටි අතර මුරකරු පිතිකරු ලෙස පිටියට පිවිසි ඩොමිනික් බේස් ලකුණු නොලබා කඩුල්ලේ රැදී සිටියේය.

මුලු ලකුණු සංඛ්‍යාව 53 ක් වන විට එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු කීටන් ජෙනින්ස් පිටියෙන් ඉවත් කිරීමට ෆාහීම් අෂ්රෆ් සමත් වූ අතර කඩුලු රකින ක්‍රීඩක සර්ෆරාස් අහමඞ් අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට ඔහු හතරේ පහර 5 ක් සමග ලකුණු 29 ක් ලබා සිටියේය.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් ජෝ රූට් සමග එක්ව ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ආරම්භක පිතිකරු ඇලිස්ටෙයාර් කුක්, අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේ හසන් අලීගේ පන්දුවක් හමුවේ සර්ෆරාස් අහමඞ් අතට උඩපන්දුවක් දෙමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 7 කින් සමන්විත විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 174 කට සීමා කිරීමට එංගලන්ත වේග පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී ස්ටුවට් බ්‍රෝඞ්, ජේම්ස් ඇන්ඩසන් සහ ක්‍රිස් වෝක්ස් කඩුලු 3 බැගින් දවාගනිමින් පාකිස්තාන ඉනිම සුනුවිසුණු කර දැමූහ.

මුලු ලකුණු සංඛ්‍යාව 17 ක් වන විට පාකිස්තාන කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම (අසාර් අලී සහ ඉමාම් උල්හක්) ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වූ ස්ටුවට් බ්‍රෝඞ්, ඉන් නොනැවතී උස්මාන් සලහුදීන්ගේ ඉනිමද ලකුණු 4 කට සීමා කළේය.

ඬේවිඞ් මැලන්ගේ සහ ඇලිස්ටෙයාර් කුක්ගේ සහයද ඇතිව හාරිස් සොහේල් (28) සහ අසාඞ් ෂෆීක් (27) දවාගත් ක්‍රිස් වෝක්ස්, එහිදී හසන් අලී පිටියෙන් ඉවත් කළේ තමගේ පන්දුවක් හමුවේ තමා වෙතටම පැමිණි උඩ පන්දුවක් රැකගනිමිනි.

නායක සර්ෆරාස් අහමඞ් ලකුණු 14 කට දවාගනිමින් පාකිස්තාන මැද පෙළ අඩපණ කළ ජේම්ස් ඇන්ඩසන්, වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩක් නොදෙමින් පසුපෙළ පිතිකරුවන් වූ ෆාහිම් අෂ්රෆ් (0) සහ මොහොමඞ් අමීර් (13) ද දවාගත්තේය.

පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ශඩාබ් ඛාන් (56), සිය තෙවැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 10 කින් අලංකාර කළේය. අර්ධ ශතකය ලබාගැනීමෙන් අනතුරුව කීටන් ජෙනින්ස් අතට උඩපන්දුවක් දෙමින් පාකිස්තාන ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ඔහු දැවී ගියේ සෑම් කරන්ගේ මංගල ටෙස්ට් කඩුල්ල බවටද පත්වෙමිනි.

පාකිස්තානය පළමු ඉනිම - සියලු දෙනා දැවී 174 
(හාරිස් සොහේල් 28, අසාද් ෂෆීක් 27, ශඩාබ් ඛාන් 56, හසන් අලී 24, ස්ටුවට් බ්‍රෝඞ් 38/3, ජේම්ස් ඇන්ඩසන් 43/3, ක්‍රිස් වෝක්ස් 55/3)

එංගලන්තය පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 106 
(ඇලිස්ටෙයාර් කුක් 46, කීටන් ජෙනින්ස් 29, ජෝ රූට් නොදැවී 29)

Page 1 of 34

Sports News

Stats

There are 28589 listings, 821 categories and 101 owners in our website