Sunday, 08 October 2017 08:00

ශ්‍රී ලංකා පළමු ඉනිම 482යි

ශ්‍රි ලංකාව - පකිස්ථානය අතර පැවති දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා කණ්ඩායම සියලූ දෙනා දැවී ලකුණු 482ක් ලබාගැනීමට මීට සුළු මෙහොතනට පෙර සමත් විය.

ඒ අනුව පන්දුවට පහරදීමේ දී දිමුත් කරුණාරත්න අගනා පිතිහරඹයක නිරතවෙමින් ලකුණු 196ක් හඹා ගියේය.

දිනේෂ් චන්දිමාල් ලකුණු 62යි.

විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ දිමුත් කරුණාරත්න ද්විත්ව ශතකය පෙනි පෙනී ලකුණු 196කට දැවී ගියේය.

දිමුත් පන්දු 405කදී හතරේ පහර 19ක් සහ හයේ පහර 1ක් සමගින් ලකුණු 196 ලබා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේ දී පකිස්ථාන ක්‍රීඩක යසීර් ෂා කඩුළු 06ක් ලබා ගත්තේය.

Sports News

Stats

There are 28593 listings, 821 categories and 101 owners in our website