බදාදා, 19 පෙබරවාරි 2020 10:46

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එංගලන්තය පරදයි

පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ එංගලන්තයට එරෙහි තරගය කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

ඇඩිලේඩ්හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 9 ක් දැවී ලකුණු 122 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 12 යි පන්දු 3 ක් අවසානයේ ලකුණු 123 ක් ලබා තරගය ජය ගත්තා. නායකත්වයේ ඉනිමක් ක්‍රිඩා කළ චමරි අතපත්තු නොදැවී 78 යි.

(Aruna)

Sports News

Image

Stats

There are 28559 listings, 863 categories and 102 owners in our website