Sports News

එළඹෙන පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියෙන් පසුව ද තවදුරටත් තමන්ට ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේ රැඳී සිටීමට හැකි බව ශී‍්‍ර ලංකා සුපිරි කී‍්‍රඩක ලසිත් මාලිංග පවසනවා. කෙසේවෙතත් මීට පෙර ප‍්‍රකාශ වී තිබුණේ ලෝක කුසලානයෙන් පසු මාලිංග 20 යි 20 කි‍්‍රකට් පිටියෙන් ද සමුගනු ඇති බවයි.

කුසල් ජනිත් පෙරේරා දියත් කළ වේගවත් පිතිහරඹය හේතුවෙන් ඩුබායි දහයයි10 ක්‍රිකට් තරගාවලියේ තිසර පෙරේරා මෙහෙයවන බංග්ලා ටයිගර්ස් පිල සමග පැවැති 12 වැනි තරගයේ ලකුණු සම කරගැනීමට දිල්ලි බුල්ස් කණ්ඩායම සමත් විය.

පාකිස්තාන ටෙස්ට් තරග සංචාරයට එක්වීම සඳහා නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් ඇතුලු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කැමැත්ත පළ කර තිබෙනවා.

වසර දහයකට පසුව පාකිස්තානයට නැවත ටෙස්ට් තරග වසන්තය උදා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලබන දෙසැම්බරයේ රාවල්පිණ්ඩි සහ කරාච්චි නගරවලදි ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ටෙස්ට් තරගමාලාවකට ක්‍රීඩා කරයි.දෙපිල අතර පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් මස 11 සිට 15 දක්වා පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන අතර දෙවැනි ටෙස්ට් තරගය 19දා සිට 23 දක්වා ජාතික ක්‍රීඩාංගණයේදි පැවැත්වෙයි.

ජාත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණියේ නවතම වර්ගීකරණයට අනුව මුල් ස්ථාන 50 අතරට පැමිණි එකම ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට ලසිත් මාලිංග පත්ව තිබේ. ඒ අනුව මාලිංග එම ශ්‍රේණියේ 22 වැනි ස්ථානයේ පසුවේ.

නේපාලයේ කත්මන්ඩු නුවරදී ලබන මස 1 වැනිදා ආරම්භ වන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී දුනු විදීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවෙන් 16 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් නම් කර ඇත.

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ 1000 වැනි තරගය ලෙස ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පෙරේදා පැවැති තරගයෙන් අනතුරුව මෙතෙක් පැවැති ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් රටාවේ සුවිශේෂී සිදුවීම් 20ක් නම් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයුතු යොදා තිබිණි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මළල කී‍්‍රඩා තරගාවලියට එක්වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයන් කිහිප දෙනෙකු අද (05) දිවයිනෙන් පිටත්ව යනවා.

 

ඕවන් ෆෙරල් ඇතුළු එංගලන්ත ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තු බිඳ දැමූ සියා කොල්සිගේ නායකත්වයෙන් යුතු දකුණු අප්‍රිකානු කණ්ඩායම වසර 11කට පසුව ලෝක කුසලාන රග්බි තරගාවලියේ ශූරයන්ට පිරි නමන ‘වෙබ් එලිස්’ කුසලානය දිනා ගත්තේය.

මෙල්බර්න් නුවරදී ඊයේ නිමාවු තෙවැනි විස්සයි20 තරගයෙන් සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එරෙහිව කඩුලු 7ක ජයක් අත්කර ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියාව සමත් විය.

Sports News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website