Sports News

සාග් කී‍්‍රඩා උළල ඉතිහාසයේ පළමු වරට බැඞ්මින්ටන් කාන්තා යුගල ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව (06) සමත් වුණා. ඒ, ශී‍්‍ර ලංකාවේම කී‍්‍රඩිකාවන් දෙදෙනෙකු පරාජය කරමින් වීම විශේෂත්වයක්.

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ඊයේ (05) පස්වරුවේ පැවති පිහිනුම් ඉසව්වලින් රන් පදක්කම් 02 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ මැතිව් අබේසිංහ සමත් වුණා. ඒ, මීටර් 200 නිදහස් ආර සහ මීටර් 100 සමනළ ආර යන ඉසව්වලින්. මීටර් සියය නිදහස් ආර සහය පිහිනුම් ඉසව්වේද රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. මැතිව් අබේසිංහ එම සහය පිහිනුම් කණ්ඩායමේද සමාජිකයෙක්.

13 වන දකුණු ආසියානු කී‍්‍රඩා උළලේ බර ඉසිලීමේ තරග අද (05) ආරම්භ වනවා.

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක් දිනාදීමට එරංගා දිල්රුක්ෂි (03) සමත්වුණා. ඇය එම දක්ෂතාව දැක්වූයේ ද්විප්‍රයාම කාන්තා ඉසව්වේදීයි. මීටර් 100 පිරිමි ධාවන ඉසව්වට සහභාගී වූ හිමාෂ ඒෂාන් එහි රිදී පදක්කම දිනා ගත්තා. කෙසේවෙතත්, හිමාෂ ඒෂාන් මීට පෙර පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 100 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත් ක්‍රීඩකයායි. ඔහු දෙවන ස්ථානයට ඇද දමමින් මීටර් 100 ධාවන ඉසව්ව ජයගැනීමට මාලදිවයිනේ ක්‍රීඩකයෙකු මෙවර සමත් වුණා.

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම්වලින් රිදී ගිලිහෙයි

පාකිස්ථානය සමග ලබන 11 වනදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය සඳහා හිටපු නායක දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා සංචිතයට යළි කැඳවා තිබෙනවා. ඒ, මාස 09 කට පමණ පසුවයි.

නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ විශාලතම බලාපොරොත්තුවක් වූ මීටර් 800 ධාවන ශූරි නිමාලි ලියනාරච්චිට රිය අනතුරක් හේතුවෙන් ක්‍රීඩා උළෙල අහිමිවී තිබේ. මලල ක්‍රීඩා කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙසද නම් කර තිබූ ඇය ඊයේ (28) උදෑසන පුහුණුවීම් කටයුතු සඳහා යමින් සිටියදී ගමන්ගත් යතුරුපැදිය අනතුරට ලක්ව ඇති අතර ඒ හේතුවෙන් අතෙහි අස්ථි බිදීමක් සිදුව තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 දෙනෙකු දකුණු අසියානු ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගිවීමට සුදුසුකම් ලබා සිටිති. මේ තරගාවලියට සහභාගිවන ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග ඉසව් 20කට පමණ සහභාගි වීමට නියමිත අතර ඒ අතරින් ප්‍රධාන වශයෙන් මලල ක්‍රීඩා, දුනු විදීම, බොක්සිං, වෙරළ වොලිබෝල්, ක්‍රිකට්, පාපැදි, ජුඩෝ, වෙඩිතැබිම, වොලිබොල් සහ බර ඉසලීම ආදි තරග සඳහා සහභාගිවීමට නියමිතය.

ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩිකාවෝ හෙට තරග බිමට

තරග පාවාදීමේ චෝදනාවට ලක්ව සිටින අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා සහ දිල්හාර ලොකුහෙට්ටිගේ ජිනීවාහි කී‍්‍රඩා සඳහා වූ බේරුම්කරණ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, අදාළ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ බලධාරීන් මේ දක්වා කිසිදු විභාගයක් නොකිරීම හේතුවෙන්.

Sports News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website