Sports News

ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීමේ අංශයේ දුර්වලතා ඉදිරි කාලයේදී සකසාගත යුතු බව ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පවසයි. නවක මුහුණු රැසකින් සමන්විත වූ ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් තිදෙනකු හැර අන් සියලු දෙනා දිවා - රාත්‍රී තරග දෙක තුනක් පමණක් ක්‍රීඩා කළ ක්‍රීඩකයන් බවද ධනුෂ්ක ගුණතිලක සඳහන් කළේය. දෙවැනි එක්දින තරගය නිමාවීමෙන් අනතුරුව පෙරේදා පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවැසීය.

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 5ක තියුණු ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (02) රාත‍්‍රියේ සමත්වුණා.

බදාදා, 02 ඔක්තෝබර් 2019 08:22

IPL වෙන්දේසිය දෙසැම්බර් 19 වැනිදා

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයින් වෙන්දේසි කිරීම ලබන දෙසැම්බර් මස 19 වැනිදා සිදුකිරීමට නියමිතයි.

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවති දෙවන එක්දින කි‍්‍රකට් තරගයෙන් ලකුණු 67ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (30) සමත් වුණා.

සෙනසුරාදා, 28 සැප්තැම්බර් 2019 10:45

ආසියානු රග්බි කොළඹ තරගාවලිය අද සහ හෙට

වසරකට වරක් ආසියාවේ විශිෂ්ටතම සත් සාමාජික කණ්ඩායම තෝරාගන්නා ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ තුන්වැනි හා අවසන් අදිරේ තරගාවලිය අද (28) සහ හෙට (29) කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වෙයි.

අඟහරුවාදා, 24 සැප්තැම්බර් 2019 10:33

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අද පාකිස්තානයට

එක්දින තරග 3කට සහ විස්සයි20 තරග 3කට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (24) පාකිස්තානය බලා පිටත්ව යයි. ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක් ආරක්ෂාව පිළිබඳ ඇතිකරගත් විවිධ මත හේතුවෙන් මේ සංචාරයෙන් ඉවත්වී සිටින බැවින් හෙට ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය බලා පිටත්ව යන්නේ ළහිරු තිරිමාන්නගේ එක්දින තරග නායකත්වයෙන් සහ දසුන් ශානකගේ විස්සයි20 පිලේ නායකත්වයෙනි.

සෙනසුරාදා, 21 සැප්තැම්බර් 2019 09:59

රග්බි ලෝක කුසලානයේ පළමු ජය ජපානයට

2019 ලෝක කුසලාන රග්බි තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට සත්කාරක ජපානය සමත් වුණා. ඒ, රුසියානු කණ්ඩායම ලකුණු 30 ට 10 ක් ලෙස පරාජයට පත් කරමින්.

සිකුරාදා, 20 සැප්තැම්බර් 2019 10:04

අකිල ධනංජයට වසරක තහනමක්

ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු තුරුම්පුව වන අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව් නීතිවිරෝධී බවට යළිත් තහවුරු වීම නිසා ඔහුට වසරක තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත. අයි.සී.සී.යේ නියමය පරිදි ඔවුන්ගේ වියදමෙන් පසුගියදා ඉන්දියාවේ චෙන්නායි නුවර ශ්‍රී රාමචන්ද්‍ර වෛද්‍ය විද්‍යාලයේදී අකිලගේ පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂණයට භාජනය කරනු ලැබූවේ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බවට නවසීලන්තයට එරෙහිව ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගය අතරතුර විනිසුරුවරුන් විසින් පැමිණිලි කරනු ලැබීමෙන් පසුවය.

තායිලන්තයේදී පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලිමේ තරගාවලියේදී නව ශී‍්‍ර ලංකා වාර්තා දෙකක් පිහිටුවීමට හංසනී ගෝමස් සමත් වුණා.

මේ මස 27 වැනිදා ඇරැඹෙන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පාකිස්තාන සංචාරයට තරග නිලධාරීන් පත් කිරීමට පෙර එරට ආරක්ෂක තත්ත්වය නිරීක්ෂණය කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

Sports News

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website