Sunday, 08 October 2017 07:48

ලන්ඩනයේ පදිකයන් මතට මෝටර් රථයක්

ලන්ඩන් නුවර දකුණු කෙන්සිංටන් හි පදිකයන් පිරිසක් මතට මෝටර් රථයක් පැදවීම හේතුවෙන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව බ්‍රිතාන්‍ය පොලිසිය පවසයි. බ්‍රිතාන්‍ය වේලාවෙන් පස්වරු 2.20ට පමණ මෙය සිදුවී ඇත්තේ ලන්ඩනයේ ප්‍රසිද්ධ කෞතුකාගාරයක් වන (Natural History Museum) ඉදිරිපිට දී ය.

පොලිසිය විසින් පුද්ගලයෙකු බිම දමා මෙල්ල කරන ආකාරය ට්විටර් ජාලයට එක්කර ඇති වීඩියෝ පටයක දැක්වෙයි. බරපතළ තුවාල සිදුවූ කිසිවෙකු නොවන බව පොලිසිය විසින් එම ස්ථානයට ගිය බීබීසී වාර්තාකරුට පවසන ලදී.

මෙම සිදුවීම පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලිසිය පවසයි. බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ට මේ පිළිබඳව දැනුම් දී ඇති බව අග්‍රාමාත්‍ය නිල නිවසේ ප්‍රකාශකයෙකු බීබීසීයට ප්‍රකාශ කළේය.

බ්‍රිතාන්‍ය තුළ පවතින ත්‍රස්ත අවදානම "ඉතා බරපතළ" බව රජය නිවේදනය කර තිබුණි. දැනට ප්‍රකාශයට පත් කර ඇත්තේ දෙවැනි ඉහළම අවදානම් මට්ටමයි.

සිද්ධිය වූ ස්ථානයේ මේවන විට සන්නද්ධ ආරක්ෂක භටයන් යොදවා තිබේ. මෙය සංචාරකයන්ගෙන් ගහන මාවතකි.

වෙඩි හඬක් ඇසුණු මොහොතේ කලබල වී අවට බලන විට මෝටර් රථයක් පදික වේදිකාව මතට පදවාගෙන පැමිණෙන ආකාරය දුටු බව සිද්ධිය ඇසින් දුටුවෙකු පැවසීය.

World News

Stats

There are 28593 listings, 821 categories and 101 owners in our website