Wednesday, 12 June 2019 09:47

මාලි රාජ්‍යයේ ගෝත්‍රික ගමක ප්‍රහාරයකින් 95ක් මිය‍ගිහින්

මාලි රාජ්‍යයේ ඩොගොන් ගෝත්‍රික ගම්මානයට රාත්‍රියක් පුරා එල්ල වූ ප්‍රහාරයෙන් අවම වශයෙන් 95 දෙනකු මිය‍ගොස් 19 දෙනකු අතුරුදන් වී ඇති බව වාර්තා වේ

.මේ සාමකාමී ගම්මානයට මරණීය ප්‍රහාරය එල්ල කර ඇත්තේ ත්‍රස්තවාදීන් බවට සැක කෙරෙන අවි ගත් පිරිසක් විසින් බව එරට රජය ප්‍රකාශ කරයි. ඔවුන් විසින් සතුන් පවා ඝාතනය කර ඇති අතර නි‍වාස ගිනි තබා ඇත. කාන්තාවන්, ළමයින් මෙන්ම වැඩිහිටියන් ද මෙසේ ඝාතනයට ලක් වී ඇති අතර මේ ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාරගෙන නොමැති බව සඳහන්ය.

(දිනමිණ)

World News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website