Thursday, 11 July 2019 03:36

බ්‍රිතාන්‍ය තානාපති සමඟ තවදුරටත් රාජකාරී වැඩ කරන බව අමෙරිකාව තහවුරු කරයි

බ්‍රිතාන්‍ය තානාපති ශ්‍රීමත් කිම් ඩෙරාක් සමඟ තවදුරටත් රාජකාරී සබඳතා පවත්වාගන්නා බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව යළිත් තහවුරු කර තිබේ.

අමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපතිවරයා සමඟින් දිගින් දිගටම කටයුතු කිරීමට තමන් සූදානම් බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එහි ප්‍රකාශිකාවක් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ, ධවල මන්දිරයේ උපදෙස් ලැබෙන තුරු සිය සාමාන්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරීමට කටයුතු නොකරන බවයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපහාසාත්මක විද්‍යුත් ලිපි යැවූ බවට බ්‍රිතාන්‍ය තානාපතිවරයාට චෝදනා එල්ල වී තිබේ.

බ්‍රිතාන්‍ය තානාපතිවරයා මෙන්ම අගමැතිනී තෙරේසා මේ ද නිර්ධය ලෙස විවේචනය කිරීමට ට්‍රම්ප් කටයුතු කළේ ඊට ප්‍රතිචාර ලෙසයි.

මේ අතර ගැටලුවට මුල් වූ විද්‍යුත් ලිපි මාධ්‍යයට යොමුවූයේ කෙසේද යන්න සොයාබැලීමට බ්‍රිතාන්‍ය බලධාරීන් කටයුතු කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වන විමර්ශනයක් දැනටමත් ක්‍රියාත්මකයි.

(අද දෙරණ)

World News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website