Saturday, 24 August 2019 10:18

ඇමසන් වනාන්තරයේ ගින්න ගැන ලෝක නායකයන්ගේ අවධානය

ඇමසන් වනාන්තරයේ ඇති වී තිබෙන ගින්න ලොවටම බලපාන බැවින් ලොව සියලු රටවල් එක්‌ව ඊට පිළියම් යෙදිය යුතු බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් පවසා තිබේ.



ලොව ඔක්‌සිජන් අවශ්‍යතාවෙන් සියයට විස්‌සක්‌ නිපදවන්නේ ඇමසන් වනාන්තරයෙනි.

එය ගිනිගැනීම මුළුලොවටම තර්ජනයක්‌ බව පවසන ප්‍රංශ ජනාධිපතිවරයා මෙවර ඨ-7 සමුළුවේ ප්‍රධාන ප්‍රශ්නය ලෙස එය සාකච්ඡා කළ යුතු බව කියා සිටී.

ඇමසන් වනාන්තරයේ ගිනිගැනීම් මේ වසරේ සියයට අසූවකින් ඉහළ ගොස්‌ තිබේ.

මෙම ගිනිගැනීම්වලින් සියයට අනූනවයකටම හේතු වී ඇත්තේ මිනිසාගේ විවිධ ක්‍රියාකාරම්ය.

ලොව විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් වනාන්තරය ලෝක ජෛවීය විවිධත්වයේ සියයට දහයකට වැඩි ප්‍රමාණයකට හිමිකම් කියයි.

පසුගිය වසරේ එහි වර්ග කිලෝමීටර් 769 ක්‌ එළිපෙහෙළි කර තිබේ.

ඇමසන් වනාන්තරය පෘථිවියේ පෙණහලු ලෙස හඳුන්වනු ලබයි.

(Divaina)

World News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website