බ්‍රහස්පතින්දා, 28 නොවැම්බර් 2019 12:04

ධවල මන්දිරයේ නත්තල් ගස වොෂිංටනයට

නත්තලට ධවල මන්දිරයේ ආලෝකවත් කරන නත්තල් ගස වොෂිංටනයට ළඟා විය. එය රැගත් අශ්ව රථය අමෙරිකානු ජනපති ආර්යාව විසින් පිළගත් අඩි 16ක උසකින් යුත් එම නත්තල් ගස පෙනිසිල්වේනියාවේ පිට්මන්හි පිහිටා ඇති මහන්ටොංගෝ නිම්නයේ වනාන්තරයකින් ගෙනැවිත් තිබුණි.

මෙවර නත්තලේදී අගනගරයේ ප්‍රදර්ශනය කරන කැපිටල් නත්තල් ගසද පසුගියදා වොෂින්ටනයට ගෙන එනු ලැබූ අතර අඩි 60ක් උසැති එය ගෙනැවිත් තිබුණේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ කාර්සන් ජාතික වනාන්තරයෙනි.

පසුගිය 11 වනදා කැපිටල් නත්තල් ගස රැගත් රථය එක්සත් ජනපදය හරහා ගිය ගමනේදී මෙම රථය නැවතුම් ස්ථාන 24කදී ජනතාවට ප්‍රදර්ශනය කරනු ලැබීය.


(Dinamina)

World News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website