සදුදා, 09 දෙසැම්බර් 2019 07:13

ඉන්දියාව: දූෂණ නඩුවට යන අතරමඟ දී ගිනි තැබූ තරුණිය මිය යයි

තමා දූෂණය කිරීම සම්බන්ධයෙන් පවරා තිබුණ නඩුවක් සඳහා සාක්‍ෂි දීමට යමින් සිටියදී පුද්ගලයන් කීපදෙනෙකු විසින් දූෂණය කරන ලදුව අසාධ්‍ය තත්වයේ පසු වූ ඉන්දීය තරුණිය මරණයට පත්වූ බව වාර්තා වෙයි.

පුද්ගලයන් දෙදෙනෙකුට එරෙහිව උත්හර් ප්‍රදේශ් ප්‍රාන්ත අධිකරණයක ගොනු කළ නඩුවේ විමසීම සඳහා යන මඟ ඇය මෙම සිද්ධියට මුහුණ දී ඇත.

හෘද ස්පන්දනය නැවතීමෙන් මියගිය ඇයගේ සිරුරේ 90%ක් පිළිස්සී තිබිණි.

ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් දූෂණ චෝදනා ඇති පුද්ගලයන් දෙදෙනා ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

දුම්රිය ස්ථානයට ගමන් කරමින් සිටි අතරතුර පුද්ගලයන් පිරිසක් ඇයට පහර දී අසල පිහිටි පිට්ටනියකට රැගෙන ගොස් සිරුරට ගිනි තබා ඇතැයි ඉන්දියානු මාධ්‍යය වාර්තා කර තිබේ.

ඇයට අවශ්‍ය වී තිබුණේ අදාළ පුද්ගලයන් දෙදෙනාට මරණ දඬුවම ලබා දීමට බව මියගිය කාන්තාවගේ සොහොයුරිය බීබීසී වෙත පැවසීය.

කෙසේනමුත්, සිය පවුලේ අය මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යන බව ද ඇය පැවසුවාය.

මෙය සිදුව ඇත්තේ මෑතක දී තවත් කාන්තා දූෂණ සිද්ධියක් වාර්තා වූ උන්නාඕ දිස්ත්‍රික්කයෙනි.

ඉන්දියාවේ වර්තමාන පාලක පක්ෂයට සම්බන්ධ නීති සම්පාදකයෙකු විසින් දූෂණය කළ බවට චෝදනා කළ තරුණියක රිය අනතුරකින් බරපතල තුවාල ලැබීමත් සමඟ පසුගිය ජූලි මස පොලිසිය මිනී මැරුම් සම්බන්ධ විමර්ශනයක් ආරම්භ කර ඇත.

අදාළ කාන්තාවගේ ඥාති කාන්තාවන් දෙදෙනෙකු මෙම සිද්ධියෙන් මියගිය අතර ඇයගේ නීතිඥවරයා තුවාල ලැබීය.

දින කීපයකට පෙර පශු වෛද්‍යවරියක සමූහ දූෂණය කර පුළුස්සා මරා දැමූ සිද්ධියේ උණුසුම පහව යෑමටත් පෙර සිදු වූ මෙම සිද්ධිය හේතුවෙන් ඉන්දියාව පුරා නොසන්සුන්තාවක් ඇති වී තිබිණි.

(BBC)

World News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website