අඟහරුවාදා, 10 දෙසැම්බර් 2019 04:25

800,000 මිනිසුන්ගේ රුධිරය පිසදා අවදි වූ අප්‍රිකාවේ පිරිසිදුම නගරය “කිගාලි”

රුවන්ඩාවේ අගනගරය කිගාලි යළි කිසිදාක පිබිදෙනු ඇතැයි ලොව කිසිවෙකුත් නිකමටවත් නොසිතීය. 1994 වසරේ ඇති වූ සුප්‍රසිද්ධ මානව සංහාරය මසක් තුළ 800000 මනුෂ්‍ය ඝාතන සිදුවූ නගරය රුවන්ඩාවේ කිගාලි ය.

එහෙත් අද ඉතා කෙටි කලක් තුළ කිගාලි යනු අප්‍රකානු මහද්වීපයේ සුපිරිසිදුම නගරය බවට පත් වී ඇත. එය අද ලෝකයේ තෙවන හරිත ගමනානන්තය ලෙස නම් කර ඇත. එමෙන්ම අප්‍රිකාවේ වඩාත් කාර්යක්ෂම රට වන්නේද අද වන විට උගන්ඩාවයි.

ජනසංහාරයක් හෝ යුද්ධයක් මතින් උගත් පාඩම් මුල් කරගනිමින් සිය දියුණූව උදා කරගත් රටවල් ලොව ඇත්තේ සුළු වශයෙනි. සැබෑ ලෙසම ප්‍රතිසංධානය වූ රාජ්‍ය්‍යන්ද ඇත්තේ සුළු වශයෙනි. නමුත් රුවන්ඩාව තමන් මුහුණ දුන් ජන සංහාරයේ පාඩම් බැරෑරුම් ලෙස සිතට ගෙන ලෝකය ඉදිරියේ අභීතව සිට ගනු ලැබීය.

නමුත් එකී කටයුත්ත පිටුපස සැඟවුණ කදුළු කථාද , විවේචනද , දුක්ඛාන්තයන්ද නැත්තේ නොවේ.

 

හරිත නගරය

බිහිසුනු අත් දැකීම් වලට මුහුණ දුන් ජනතාවක් මෙන්ම රටක් ප්‍රතිසංධාන ගත කිරීමේ එක් පියවරක් ලෙස හරිත නගර සංකල්පය ක්‍රියාත්මක කිරීම සිදු විය. ඒ සදහා ප්‍රධාන නගරය කිගාලි පළමු ව්‍යාපෘතිය බවට පත් කරගනිමින් 2008 වසරේදී රුවන්ඩාව දිරාපත් නොවන සියළු ප්ලාස්ටික් සහ පොලිතින් සිය රාජ්‍ය තුළ තහනම් කරන ලදී. එය එසේ මෙසේ නීතියක් නොවන්නේය රටට ඇතුළු වන ගුවන්තොටුපළ ආදී පිවිසුම් ස්ථානයන් සෑම එකකම පාහේ පොලිතින් නීති විරෝධී ද්‍රව්‍යක් බවට අනතුරු හැගවීම් පුවරු පෙන්වා ඇති අතර ප්ලාස්ටික් බෑග් එකක් හෝ සමග රට තුළට ඇතුළු වන ඕනෑම පුද්ගලයෙකුට රටට ඇතුල්වීමට අවසර නැත. කිසිවෙකු සමග ප්ලාස්ටික් බෑගයක් සොයා ගත හොත් ඔහුට මාස 12ක් දක්වා සිර දඩුවම් විදීමට සිදු වේ.

එකී තහනම දැඩි ලෙස පවත්වාගෙන ගිය රුවන්ඩා රජය ඊට අමතරව සෑම සතියකම සෙනසුරාදා දින දිවයින පුරා සිටින පොදු ජනතාව පාරිසරික තත්ත්වයන් හා රටේ පොදු අවකාශය වැඩි දියුණූ කිරීම අරමුණු කරගත් උමුගුණ්ඩා නමින් හදුන්වන ලද ව්‍යාපෘති ගණනාවක් දියත් කරන ලදී, උමුගුන්ඩා යන්නෙහි සරළ අර්ථය පොදු අරමුණක් සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් එක්ව කටයුතු කිරීමයි. මෙම ව්‍යාපෘති සදහා වයස අවුරුදු 18ත් 65ත් අතර සෑම පුරවැසියෙකුම සම්බන්ධ විය යුතුය. මම දින‍යේදී ජනපති පෝල් කගාම් ද පිරිසිදු කිරීමේ කටයුතු වලට සහභාගී වන බව එරට මාධ්‍ය පවසයි.

අගනුවර කිගාලීහී වාතාශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු සදහා රුවන්ඩා රජය විසින් මෝටර් රථ සඳහා තහනමක් පනවා ඇත එම ප්‍රතිපත්තියට අනුව කුඩා බස් රථ සහ මෝටර් රථ සදහා නගර මධ්‍යයට ඇතුළු වීමේ අවසරයක් නැත. ඒ අනුව නගර වැසියන් සිය ගමනාගමනය සදහා යොදා ගත යුතු වන්නේ පොදු ප්‍රවාහන සේවයයි.

තාවකාලික විසදුමකට එහා ගිය සදාහරිත සංකල්පයක් යොදා ගනිමින් පරිසර හිතකාමී නගරයක් ප්‍රවර්ධනය කිරීමට රුවන්ඩාව දැරූ උත්සහය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 208 වසරේදී කිගාලි නගරය වෙත ගෞරව සම්මානයක් පුද කර සිටියේය. 1998 වසරේදී කිගාලි නගරයට අහිමි වූ තේජස යළිත් ලබා ගැනීමේ අරමුණ ඇතිව ගෙන ගිය ක්‍රියාමාර්ගයන් කිහිපයක්ම සාර්ථක ඒවා බවට පත්ව ඇත. කසළ ප්‍රතිචක්‍රියකරණයට මෙන්ම කසල එකතු කිරීමටද රජයේ මූලිකත්වය ගෙන ඇත.

 

TO GO WITH AFP STORY BY HANNAH MCNEISH

Residents of the village of Mbyo, in Rwanda’s Eastern Province, take part in the monthly “Umuganda” (coming together for a day of community work) on March 12, 2014. The village was established as a project to foster reconcilliation between victims and perpetrators of the genocide, mixing families next door to each other. AFP PHOTO/PHIL MOORE (Photo credit should read PHIL MOORE/AFP via Getty Images)

ඒ නමුත් කිගාලී අද පත්ව ඇති සුන්දරත්වයට පිටුපසින් සැඝවුණ කදුළු කථාවක් පිළබදව ලෝක මානව හිමිකම් සංවිධානවල දැඩි අවධානයට ලක් වී ඇත.

අලංකාර නගරයක් දකින කිගාලිවලට පැමිණේනන් හට නොපෙනෙන කදුළු කථාවක් ගැන එම මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි.

හියුමන් රයිටිස් වොච් සංවිධානය රුවන්ඩා පොලිසීය විසින් කිගාලි හී වාසය කළ දූගී, යාචක , පැල්පත් වාසී අහිංසකයික් රදවාගෙන ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය ඔවුන්ට අහිමි කර ඇති ආකාරය පිළබදව පෙන්වා දෙයි. කිගාලිහි වීදි පිළිවෙලට තබා ගැනීමේ අරමුණින් වීදි වෙළෙන්දන්, ගණිකාවන්, සුළු අපරාධකරුවන්, යාචකයින් සහ වීදි ජනයාට යන එන මං නැතිවූවන් සේ සර කර තැබීමට රුවන්ඩා රජය කටයුතු කර ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

හියුමන් රයිට්ස් වොච් සංවිධානය “මෙම ස්ථානය බන්ධනාගාරයක් ලෙස නොකියන්නේ ඇයි?” යන මාතෘකාවෙන් යුතුව වාර්ථාවක් සකසමින් රුවන්ඩා පොලිසිය විසින් නීතිවිරෝධී ලෙස රඳවාගෙන හා අයුතු ලෙස සැලකූ දුප්පතුන් හා අවදානමට ලක් වූ පුද්ගලයින් 57 දෙනෙකුගේ අත්දැකීම් වාර්තා කරයි.

 

නගරයට අයත් නොවන්නන් පුද්ගලියින් සිර කර ඇති ලෙස විශාල ගබඩාවක් ලෙස විස්තර කර ඇති ස්ථානයක ප්‍රමාණවත් ආහාර, ජලය හෝ වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව මිනිසුන් රඳවා තබා ඇති බව එම වාර්ථාව පෙන්වා දෙයි. රුවන්ඩා පොලිසිය සහ සමහර විට ඔවුන්ගේ සෙසු රැඳවියන් ද ඔවුන්ට පහර දෙනු ලබයි.

මානව හිමිකම් සංවිධාන රුවන්ඩා රජයෙන් ඉල්ලා සිටියේ 2005 සිට ක්‍රියාත්මක වන ගිකොන්ඩෝ නම් රැඳවුම් මධ්‍යස්ථාන වසා දමන ලෙසත්, වැරදිකරුවන්ට චෝදනා කිරීමට සුදුසු නාලිකා භාවිතා කරන ලෙසත් ය. සංවිධානයට අනුව, ගිකොන්ඩෝ හි භාවිතයන් රටේ ව්‍යවස්ථාවට මෙන්ම වෙනත් ජාත්‍යන්තර හා කලාපීය ප්‍රතිපත්තිවලට පටහැනිය.

කෙසේ හෝ වේවා වසර කිහිපයකට පෙර මළ මිනිසුන්ගේ සොහොනක්ව පැවති කිගාලි අද අප්‍රිකාවේ පිරිසිදුම නගරය බවට පත්ව ඇත. ඒ සඳහා රජය විසින් ගන්නා ලද ක්‍රියාමාර්ගයන් සේම හරිත පැහයට මූලිකත්වය දීමද කැපී පෙනෙන ලක්ෂණයකි.

(LNW)

World News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website