සිකුරාදා, 13 දෙසැම්බර් 2019 10:06

බ්‍රිතාන්‍ය මහමැතිවරණය අවසන්

වසර 05ක් තුළ බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන තෙවැනි මැතිවරණය ඊයේ (12) පැවැත්විණි. උදෑසන 7.00 සිට රාත්‍රී 10. 00 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව එරට පුරවැසියන්ට හිමිවිය. එමගින් එරට පාර්ලිමේන්තුව සඳහා සභිකයන් 650 දෙනකු තෝරා ගැනීමට නියමිත අතර අගමැති බොරිස් ජොන්සන් සහ කම්කරු පක්ෂයේ නායක ජෙරම් කෝබින් මෙවර මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වූහ. මෙවර මැතිවරණය සඳහා මිලියන 46 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බව වාර්තා වේ. අවුරුදු 18ට වැඩි ලියාපදිංචි බ්‍රිතාන්‍ය පුරවැසියන්ට සහ පොදුරාජ්‍යයේ හෝ අයර්ලන්ත ජනරජයේ සුදුසුකම්ලාභී පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කළ හැකිය. මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලියාපදිංචිය සඳහා දී තිබූ කාලයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වූ මිලියන 3.1කට වැඩි පිරිසෙන් තුනෙන් දෙකක් වයස අවුරුදු 35ට අඩු බවත් ඔවුන්ගෙන් මිලියනයකට වැඩි පිරිසක් අවුරුදු 25ට අඩු බවත් වාර්තා විය. මෙවර මහමැතිවරණයට අපේක්ෂකයෝ 3,322ක් ඉදිරිපත්ව සිටිති. තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාවෙන් ආසන 326ක බහුතරයක් දිනාගත යුතුය.

මේ මැතිවරණය පැවැත්වෙන්නේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම (බ්‍රෙක්සිට් ක්‍රියාවලිය) සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් මතුව ඇති පසුබිමකය. බොරිස් ජොන්සන්ගේ විශ්වාසය වන්නේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් පමණක් රටක් ලෙස ඉදිරියට යා හැකි බවයි.

(Dinamina)

World News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website