සෙනසුරාදා, 21 දෙසැම්බර් 2019 10:47

ලැව් ගිනි අතරතුර නිවාඩු ගත කළාට ඕස්ට්‍රේලියානු අගමැති සමාව ඉල්ලයි

ඕස්ට්‍රේලියාවේ හදිසි ලැව්ගිනි තත්ත්වයක් හටගෙන තිබියදී තම පවුලේ සාමාජිකයන් සමඟ හවායි දුපතේ නිවාඩුවක් ගත කිරීමට යාම පිළිබඳව එරට අගමැතිවරයා ජනතාවගෙන් සමාව ඉල්ලයි.

අදාළ කාලයේ හදිසි තත්ත්වයන් පිළිබඳ සියලු වාර්තා තමන්ට ලැබුණු බවද අගමැති ස්කොට් මොරිසන් ප්‍රකාශ කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ හටගත් ලැව්ගිනි හේතුවෙන් මේ වන විට වනාන්තර විශාල ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති අතර පුද්ගලයන් 08 දෙනෙකු මියගොස් ඇති බව ද වාර්තා වේ. පසුගිය දෙදින ඔස්ට්‍රේලියාවේ වාර්තාගත උෂ්ණත්වයක්ද සටහන් විය.

එවැනි තත්වයකදී අග්‍රාමාත්‍යවරයා රටේ නොසිටීම පිළිබඳ දැවැන්ත ජනතා විරෝධයක් එල්ල වී ඇති අතර අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවද විරෝධතාකරුවෝ පවසති.

(Dinamina)

World News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website