සෙනසුරාදා, 18 ජනවාරි 2020 11:55

අලුත් චීන වෛරසය ගැන ලොවම අවධානයෙන්

පුද්ගලයන් දෙදෙනෙකුට මරු කැඳවමින් මේ වනවිට චීනය පුරා ව්‍යාප්ත වෙමින් පවතින අභිරහස් වෛරසයක් පිළිබඳව සමස්ත ලෝකයේම වෛද්‍ය විශේෂඥයන්ගේ අවධානය යොමුව තිබෙනවා. චීනයේ වූහාන් ප්‍රාන්තය කේන්ද්‍ර කරගෙන ව්‍යාප්ත වූ මෙම වෛරය හඳුනාගෙන තිබෙන්නේ පසුගිය වර්ෂයේදීය.

සාස් ප්‍රභේදයට අයත් මෙම වෛරසය බලාපොරොත්තු නොවූ අයුරින් ව්‍යාප්ත වෙමින් පවතින බවයි බ්‍රිතාන්‍ය වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

ගෝලීය බෝවන රෝග පිළිබද ලන්ඩන් රාජකීය ආයතනයේ මහාචාර්ය නීල් ෆර්ගර්සන් කියා සිටින්නේ වෛරසය අවම වශයෙන් 1700කට ආසාදනය වී ඇති බවයි. මේ වනවිට තායිලන්තය, ජපානය යන රටවලින්ද මෙම වෛරසය ආසාදිතවූවන් වාර්තා වී ඇති බවත්, ඒ අනුව ගෝලීය වශයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව ඔහු පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් විද්‍යාගාර පර්යේෂණවලින් සනාථ වී ඇත්තේ මෙම වෛරසය ආසාදනය වී ඇති පිරිස 41 කට සීමා වී ඇති බවයි.

ඇමරිකාව මේ වනවිටත් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සූදානම් වෙමින් සිටී. මේ වනවිට ඇමරිකාවේ සැන් ෆැන්සිස්කෝ, ලොස් ඇන්ජලීස්, නිව්යෝර්ක් යන ගුවන් තොටපුලවල මෙම වෛරසය ආසාදනයවූවන් හඳුනා ගැනීම සඳහා පහසුකම් ස්ථාපිත කර තිබේ.

(LNW)

Last modified on සෙනසුරාදා, 18 ජනවාරි 2020 11:57

World News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website