බදාදා, 26 පෙබරවාරි 2020 10:19

ඉරානයේ නි.සෞඛ්‍ය ඇමැතිට කොරෝනා

ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි.

ටෙහෙරාන් න් හි පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය ඇමැති ඉරාජ් හරිර්චි කහිමින් දහඩිය දමමින් සිටින දක්නට ලැබුණු අතර ඒ ආසන්නයේ ඉරාන රජයේ ප්‍රකාශක අලි රබෙයි ද විය.

නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉරානයේ ශුද්ධ නගරයක් ලෙස සැලකෙන කුම් නගරයේ 50 දෙනකු මරණයට පත්ව ඇති බව ද එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පසුගිය ඉරිදා ප්‍රකාශ කළේය.

ඉරාන කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය සහ ආසාදනය වූවන් පිළිබඳ තොරතුරු සඟවන්නේ යැයි ද එම මන්ත්‍රීවරයා චෝදනා කරයි.

එම මන්ත්‍රීවරයා කරන ලද ප්‍රකාශවලට පිළිතුරු දීමා සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා සහ රජයේ ප්‍රකාශ එලෙස තෙහ්රාන් අගනුවරදී පෙරේදා (24) එම මාධ්‍ය හමුව පැවැත්වූහ.

(Dinamina)

World News

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website