බදාදා, 18 මාර්තු 2020 08:21

තවත් ඉතාලියානුවන් 345 ක් මියයයි ! මිලියනයකට සිටින රෝගීන් ගණන 500 දක්වා ඉහළට !!

මේ වනවිට නිකුත්ව ඇති නවතම වාර්තාවලට අනුව ලොවපුරා කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් මියගිය ප්‍රමාණය 7,893 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන්ගේ ප්‍රමාණය 194,515 ක් වන අතර දැනටම ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රමාණය 105,537 කි. එම සංඛ්‍යාවෙන් 6,730 අසාධ්‍ය තත්වයේ පසුවන රෝගීන් වේ.

අවසන් පැය 24 තුළ ඉතාලියෙන් මරණ 345 ක්, ස්පාඤ්ඤයෙන් 168 ක්, ඉරානයෙන් 135 ක් වාර්තා වී තිබෙනවා.

මේ වනවිට ඉතාලියෙන් වාර්තා වන සමස්ත මරණ ප්‍රමාණය 2,503 කි. ඒ අනුව ඉතා නුදුරේදීම මියයන පුද්ගලයන් ප්‍රමාණයෙන් ඉතාලිය චීනයද අභිබවා යාහැකි බවයි විචාරකයන් පවසන්නේ. චීනයේ මෙතෙක් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 3,226 ක් වන අතර ඊයේ දිනයේදී මියගොස් තිබෙන්නේ චීන ජාතිකයන් 13 දෙනෙක් පමණි.

ඉතාලියේ වන වෛරස් ආසාදිතයන් 2,503 ක් හමු වී ඇති අතර මේ වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 31,506 කි. ඉතාලිය මුහුණ දී ඇති බරපතලම ගැටලුව වන්නේ සෙසු රටවලට සාපේක්ෂව වෛරසය ආසාදනයවූවන්ගෙන් සුවය ලබන ප්‍රමාණය අතිශය පහළ අගයක් ගැනීමයි.

මීට අමතරව රටේ ජනගහනයට සාපේක්ෂව වැඩිම ආසාදිතයන්ගේ ඝනත්වයක් ඇත්තේද ඉතාලිය තුළයි. එහි ජනගහනයෙන් මිලියනයකට වාර්තා වන වෛරස් ආසාදිතයන් ප්‍රමාණය 521 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සරළව කිවහොත් එරට ජනගහනයෙන් මිලියනයක් තුළ සිටින ආසාදිතයන් ගණන 521 කි. මෙම අගය ඊයේ වනවිට පැවතියේ 462 ක් ලෙසයි.

සෙසු රටවල් සලකා බැලීමේදී ඉතාලියට ආසන්නතම අගය වන 316.8 වාර්තා වන්නේ ස්විට්සර්ලන්තයෙනි. මීට අමතරව නෝර්වේහි එම අගය 267.8 ක් ලෙසයි ස්පාඤ්ඤයේ 244 ක් ලෙසත් සටහන් වේ.

ඉතාලියේ ඇතැම් පළාත්වල රෝගීන්ට ප්‍රතිකාර සිදු කිරීමට අවශ්‍ය අවම පහසුකම් හෝ නොමැතිවීම බරපතල ගැටලුවක් වී තිබෙනවා. විශේෂයෙන් බරපතල තත්වයේ පසුවන රෝගීන්ට අවශ්‍ය පහසුකම් නොමැති අතර ජීවිත වැඩි ප්‍රමාණයක් අහිමිවීමට මෙම තත්වය බලපා තිබේ.

මේ වනවිට වෛරසය බහුල ලෙස ව්‍යාප්තව තිබෙන පළාත්වල නගර සම්පූර්ණයෙන් වසාදමා ඇති අතර විදෙස් රටවල සිට ඉතාලියට පැමිණෙන සියලු පුද්ගලයන්ට ස්වයං නිරෝධායනය අනිවාර්ය කර තිබෙනවා.

(LNW)

World News

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website