බ්‍රහස්පතින්දා, 19 මාර්තු 2020 07:56

ඉතාලිය හාන්සියි, අද තවත් 475 ක් බිළිවෙයි !

ඉතාලියේ කෝවිඩ් අවදානම තවදුරටත් ඉහළ දමමින් අද දිනයේදී පුද්ගලයන් 475 ක් මියගොස් තිබෙනවා. ඒ අනුව ඉතාලිය තුළ මියගිය සමස්ත ප්‍රමාණය 2978 ක් දක්වා ඉහළ යයි.

අද දිනයේදී වාර්තා වූ මරණ ප්‍රමාණය එක් දිනකදී එක් රටක වාර්තා වන ඉහළම ප්‍රමාණය වන අතර ඒ අනුව බොහෝදුරට හෙට දිනයේදී චීනය ද අභිබවා යන මරණ ප්‍රමාණයක් ඉතාලියෙන් වාර්තා වීමේ අවදානමක් මතුව තිබෙනවා.

අද තහවුරු වී ඇති නව ආසාදිතයන් ප්‍රමාණය 4207 ක් වන අතර මෙතෙක් වාර්තා වූ සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 35,713 කි.

එරට Lombardy පළාතේ Bergamo නගරයේ පවුලේ වෛද්‍යවරුන් 118 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර එය එම නගරයේ සමස්ත පවුලේ වෛද්‍යවරුන්ගෙන් 20% කට ආසන්න ප්‍රමාණයකි. ඊයේ එක් වෛද්‍යවරයෙකු මියගිය අතර අද දිනයේදී තවත් වෛද්‍යවරයෙකු මියගොස් තිබේ. මේ අනුව එරට සෞඛ්‍ය බලධාරීන්ද දැඩි අවදානමක කටයුතු කරයි.

මේ අතර ඉතාලිය තුළ ජනගහනය මිලියනකට සිටින රෝගීන් ප්‍රමාණය අද වනවිට 591 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය ඊයේ සටහන් වූයේ මිලියනයකට රෝගීන් 521 ක් ලෙසයි.

ඉතාලියේ නවතම වාර්තා නිකුත්වීමත් සමග ලොවපුරා මෙතෙක් සිදුව ඇති මරණ ප්‍රමාණය 8,787 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය 212,789 කි. ඉන් 6,636 ක් අසාධ්‍ය තත්වයේ පසු‍වන රෝගීන් වේ.

මේ වනවිට සමස්ත යුරෝපා කලාපයම දැඩි අවදානමක පසුවෙයි. ඉතාලියට අමතරව අද දිනයේදී ස්පාඤ්ඤයෙන් මරණ 90 ක් වාර්තා වී තිබේ. මීට අමතරව මහා බ්‍රිතාන්‍යය (33), නෙදර්ලන්තය (15), ස්විට්සර්ලන්තය (06), බෙල්ජියම (04), නෝර්වේ (03) යන රටවල අවදානම දිනෙන් දින ඉහළ යමින් තිබේ.

(LNW)

World News

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website