සදුදා, 23 මාර්තු 2020 09:51

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 14,600 ඉක්මවයි !

අද (23) උදෑසන වනවිට ලොව පුරා වාර්තා වී ඇති කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයින්ගේ මරණ සංඛ්‍යාව 14,616ක් දක්වා ඉහළ නැඟ තිබේ.

ආරම්භයේ පටන් මෙතෙක් වාර්තා වූ කොවිඩ් - 19 රෝගීන් සංඛ්‍යාව 336,838ක් වන අතර ඉන් 97,636 දෙනෙකු සුවය ලබා සිටිති.

දැනට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 224,586ක් වන අතර ඉන් 10,640 දෙනෙකු පමණ බරපතළ හෝ අසාධ්‍ය තත්වයෙහි පසුවන බවයි වාර්තාවලින් දැක්වෙන්නේ.

ඊයේ දිනය තුළ ද ඉතාලියෙන් 651ක්, ඇමරිකාවෙන් 117ක්, ස්පාඤ්ඤයෙන් 375ක්, ඉරානයෙන් 129ක්, ප්‍රංශයෙන් 112ක්, එංගලන්තයෙන් 48ක් යනාදී වශයෙන් මරණ වාර්තා වී තිබිණි.

(LNW)

World News

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website