බ්‍රහස්පතින්දා, 26 මාර්තු 2020 09:07

කොවිඩ් 19: මරණ 20,000 ඉක්මවයි, ඉතාලියේ අද 683 යි

කොවිඩ් 19 වෛරසය පිළිබඳව නිකුත් වූ නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව ලොවපුරා සිදුව ඇති මරණ ප්‍රමාණය විසි දහස ඉක්මවා තිබෙනවා. අවසන් පැය 24 තුළ ඉතාලියේ සිදු වූ මරණ 683 ද සමගින් ලොවපුරා මෙතෙක් සිදු වූ මරණ සංඛ්‍යාව 20,494 කි.

අද සිදුව ඇති මරණ ප්‍රමාණයත් සමගින් ඉතාලිය තුළ මේ වනවිට පුද්ගලයන් 7503 ක් මියගොස් තිබේ. එරට සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 74,384 ක් වන අතර ඉන් 57,521 ක් මේ වනවිටත් ප්‍රතිකාර ලබමින් සිටී.
බොහෝදුරට හෙට දිනයේදී එරටින් වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය චීනය ද අභිබවා යනු ඇත.

ඉතාලියට අමතරව අවසන් පැය 24 තුළ ස්පාඤ්ඤයෙන් මරණ 443 ක් වාර්තා වන අතර ඉරානයේ පුද්ගලයන් 143 දෙනෙකු මියගොස් තිබේ.

ඉතාලිය තුළ මේ වනවිට ජනගහනයෙන් මිලියනයකට වාර්තා වන රෝගීන් ප්‍රමාණය 1230 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මිලියනයකට පුද්ගල මරණ 124 ක් වාර්තා වේ. මෙම තත්වය දිනෙන් දින සැලකිය යුතු ප්‍රමාණයකි ඉහළ යාම මෙහි ඇති භයානකම තත්වයයි.

සමස්ත ලොවපුරා අද දිනයේදී පුද්ගලයන් 29,629 කට වෛසරය ආසාදනය වී ඇති බවට තහවුරු කරගෙන ඇති අතර මරණ 1604 ක් වාර්තා වේ.

ඇමරිකා එක්සත් ජනපදය තුළ ද මරණයට පත්වන පුද්ගලයන්ගේ ප්‍රමාණය තවමත් එතරම් ඉහළ අගයක් නොගත්තද දිනෙන් දිනම වෛසරය ආසාදනය වන පුද්ගලයන්ගේ ප්‍රමාණය ඉහළ යමින් තිබේ. එරටින් මෙතෙක් ආසාදිතයන් 60,653 ක් වාර්තා වී තිබේ. එම ප්‍රමාණයට වඩා වැඩි ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ චීනයෙන් සහ ඉතාලියෙන් පමණි.

මේ අතර වෙනදා ඉතාලියේ සංඛ්‍යා ලේඛන ප්‍රකාශයට පත් කරන එරට මහජන ආරක්ෂණ එ්ජන්සියේ ප්‍රධානී ඇන්ජෙලෝ බොරෙල්ලි අද මාධ්‍ය හමුවට සහභාගි නොවූ අතර ඔහුටද වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරනවා. ඒ අනුව ඔහු මේ වනවිට අදාල පරීක්ෂණ සඳහා යොමු වී තිබේ.

(LNW)

World News

Image

Stats

There are 28559 listings, 863 categories and 102 owners in our website