බදාදා, 13 මැයි 2020 18:34

කොවිඩ් අවදානම හේතුවෙන් චීනයේ නගරයක් හුදෙකලා කරයි

චීනයේ ජිලින් නගරය හුදෙකලා කර තිබෙනවා. ඒ එම නගරයේ කොවිඩ් 19 වෛරසයේ අවදානම ඉහළ යාම හේතුවෙනි.

එම නගරයේ ජනතාවට නිවාසවලින් පිටතට පැමිණීම තහනම් කර ඇති අතර දැඩි සංචරණ සීමා පනවා තිබෙනවා.

වෛරසයේ අවදානම හේතුවෙන් වසා දැමුණු වූහාන් නගරය ඇතුලු ප්‍රදේශ රැසක් යළි විවෘත කිරීමට චීනය පසුගියදා කටයුතු කළ අතර ‍කෙසේ වෙතත් එරට තුළ අවදානම නැවතත් ඉහළ ‍‍‍ගොස් තිබේ.

පසුගිය දින කිහිපය තුළදීම නව ආසාදිතයන් එරටින් හමු වී ඇති අතර මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 82,929 කි.

මේ අතර එරට මාධ්‍ය වාර්තා කරන්නේ බීජි අගනුවර පාසල් සහ විශ්වවිද්‍යාල විවෘත කිරීම ලබන මාසය දක්වා තවදුරටත් කල් දමා ඇති බවයි.

(LNW)

World News

Image

Stats

There are 28559 listings, 863 categories and 102 owners in our website