World News

මේ වසරේ සෞදි අරාබියේ මැකා නුවර හජ් වන්දනාව සඳහා සහභාගි වීමට විදෙස් වන්දනාකරුවන්ට අවසර නොදීමට එරට රජය තීරණය කර තිබේ.

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර හජ් වන්දනාව විදේශිය වන්දනාකරුවන්ට තහනම් කිරිමට සෞදි අරාබි රජය තීරණය කර තිබෙනවා.

විදේශීය ශ්‍රමිකයින්ට අමෙරිකාවට ඇතුල්වීම සඳහා ලබා දෙන වීසා පහසුකම් අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. ඒ අතරට ග්‍රීන් කාඩ් ලොතරැයි අනුව එරටට ඇතුල්වීමට අවකාශ හිමි කාණ්ඩ කිහිපයක්ද ඇතුලත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

කොවිඩ් 19 පරීක්ෂණ අඩුකරන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට සෞඛ්‍ය අංශවලට උපදෙස් දී තිබේ.

ලොවපුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද (22) වනවිට ලක්‍ෂ 90 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව ලෝකයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව අනූ ලක්‍ෂ 37,950 ක්. කෙසේවෙතත් ඉන් ලක්‍ෂ 48 කට ආසන්න පිරිසක් දැනටමත් පූර්ණ සුවය ලබා අවසන්.

චීනය භාරයේ සිටි ඉන්දියානු හමුදා සෙබළුන් 10 දෙනෙකු චීනය මගින් නිදහස් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසනවා. ඒ, දෙපාර්ශ්වය අතර වර්ධනය වී ඇති ගැටුම්කාරී පසුබිම තුළයි.

ඉරානය විසින් නවතම කෘස් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා. ගොඩබිම සිට එල්ල කරන ලද මිසයිලයෙන් මුහුදේ ඇති නෞකාවක් විනාශ කරන අයුරු රැගත් වීඩියෝවක් එරට IRNA රූපවාහිනි සේවය මගින් විකාශය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඉන්දු - චීන දේශ සීමාවේ ඇතිවූ ගැටුම්කාරී සිදුවීමෙන් ඉන්දීය යුධ හමුදා සාමාජිකයින් 20 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස මියගොස් ඇති හමුදා සාමාජිකයින් අතර හමුදා කර්නල්වරයෙක් ද සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ. මෙම ගැටුමෙන් චීන යුධ හමුදාවේ සාමාජිකයින් 43 දෙනෙකුටද තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කොරෝනා වෛරසය වැළඳී අසාදිතව ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා ලබා දිය හැකි අඩු මිලැති වෙළෙඳපොළේ බහුලව ඇති ඖෂධයක් පිළිබඳ ව තොරතුරු වාර්තා වේ.

කොරෝනා වෛරසයට එරෙහි සටනින් පළමු ජය ලැබූ බව ප‍්‍රංශය පවසනවා. ජනාධිපති එමානුවල් මැක්රන් පවසන්නේ මේ හේතුවෙන් අද (15) සිට මෙතෙක් පනවා තිබූ දැඩි සීමා රැසක් ලිහිල් කරන බවයි.

World News

Image

Stats

There are 28761 listings, 883 categories and 103 owners in our website