World News

උතුරු කොරියාවේ සංචාරයක නිරතවන ලෙස එරට නායක කිම් ජොං උන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආරාධනා කර තිබේ. එම ආරාධනය ලිපියක් මගින් පසුගිය අගෝස්තු මාසයේ ට්‍රම්ප් වෙත යොමු කර ඇති බව වාර්තා වේ‍.

අගමැති බොරිස් ජොන්සන් විසින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවනු ලැබීම නීතියට පටහැනි බව ස්කොට්ලන්තයේ ඉහළම සිවිල් අධිකරණය (The Court of Appeal in Scotland ) තීන්දු කළේය.

අගමැති බොරිස් ජොන්සන් විසින් පාර්ලිමේන්තුව සති පහකට අත්හිටුවනු ලැබීමට එරෙහිව බ්‍රිතාන්‍ය දේශපාලන පක්‍ෂ කිහිපයකට අයත් කණ්ඩායමක්,ස්කොට්ලන්තයේ ඉහළම සිවිල් අධිකරණය ඉදිරියට ගිය අතර, එම නෛතික අභියෝගය විභාගයට ගත් ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය 'අගමැතිවරයාගේ ක්‍රියාව නීතියට පටහැනි' බව පිළිගනිමින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

බ්‍රිතාන්‍ය යුරෝපා හවුළෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය (Brexit) ඉදිරියේ තිබියදී 'ආණ්ඩුව පාර්ලිමේන්තුවට වගකීමේ බැඳීම වැලැක්වීමේ අටියෙන්' එවැනි පියවරක් ගෙන ඇති බව අධිකරණයේ නිගමනය වේ.

වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුව අත්හිටුවීම නීති විරෝධී බව ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලා සිටිමින් පෙත්සම්කරුවන් හැත්තෑ නව (79) දෙනෙක් ස්කොට්ලන්ත අධිකරණය ඉදිරියේ පෙත්සම් ගොනුකර තිබූ අතර ඔවුන්ගෙන් හැත්තෑ අට (78) දෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වූහ.

බ්‍රිතාන්‍ය යුරෝපා හවුලෙන් ඉවත්වීම සම්බන්ධයෙන් විධිමත් සලකා බැලීමක් සඳහා අවශ්‍ය කාලය ලබා ගැනීම වළක්වාලමින්, ආණ්ඩුව පාර්ලිමේන්තුව අත්හිටුවන මෙන් රැජිනට උපදෙස් දීම නෛතික වලංගුභාවයක් නොමැති පියවරක් ලෙස (inter alia declaratory) ප්‍රකාශයට පත් කරන ලෙස එම පෙත්සම්කරුවෝ ඔවුන්ගේ පෙත්සම් මගින් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එම ඉල්ලීමට එකඟවෙමින් ස්කොට්ලන්තයේ ඉහළම සිවිල් අධිකරණය විසින් දෙන ලද තීන්දුවට එරෙහිව බ්‍රිතාන්‍ය උපරිමාධිකරණයටඅභියාචනයක් ඉදිරිපත් කරන බව බ්‍රිතාන්‍ය ආණ්ඩුව පවසයි.

පාර්ලිමේන්තුව අත්හිටුවීම නීති විරෝධී වන බව පවසමින් ස්කොට්ලන්ත අධිකරණයකට තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණත් "අගමැති ජොන්සන් නීතිය උල්ලංඝනය කර නොමැති" බව එම අධිකරණයේ තීන්දුව විය.

එම පළමු පැමිණිල්ල විභාගයට ගත් විනිසුරු ඩොහර්ති සාමිවරයාගේ (Lord Doherty) නිගමනය වූයේ "අගමැති ජොන්සන් විසින් පාර්ලිමේන්තුව අත්හිටුවනු ලැබීම මගින් නීතිය උල්ලංඝනය කිරීමක් සිදුව නැති අතර,අගමැතිවරයාගේ ක්‍රියාවන් විනිශ්චය කරනු ලැබීම අධිකරණයේ කාර්යයක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඡන්දදායකයන් වෙත පැවරෙන කාර්යයක්" වන බවය,

එහෙත් බදාදා (සැප්තැම්බර් 11) ස්කොට්ලන්තයේ ඉහළම සිවිල් අධිකරණය (The Court of Appeal in Scotland ) විසින් දෙන ලද තීන්දුවත් සමඟ එකී පූර්ව අධිකරණ තීන්දුව බලරහිත වේ.

"මෙම අත්හිටුවීම පාර්ලිමේන්තුව අඩාල කර දැමීමේ උපායක් වන හෙයින්" විනිසුරු ඩොරති සාමිවරයාගේ (Lord Doherty) කලින් තීන්දුව සමඟ තමන් එකඟ නොවන බව ස්කොට්ලන්තයේ ඉහළම සිවිල් අධිකරණයේ (The Court of Appeal in Scotland) ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කියා සිටියහ.

කෙසේවුවද, අඟහරුවාදා (සැප්තැම්බර් 10 ) උදෑසන පටන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මේවනවිටත් අත්හිටුවනු ලැබ ඇති අතර, ස්කොට්ලන්තයේ නව අධිකරණ තීන්දුව මගින් එම අත්හිටුවීම සම්බන්ධයෙන් වහාම බලපෑමක් ඇති නොකෙරේ..

ඊට හේතුව ලන්ඩන් උපරිමාධිකරණය (Supreme Court of London) ඉදිරියේ ලබන සතියේ පූර්ණ විභාගයක් ආරම්භ වීමට නියමිතව ඇති හෙයින්, පාර්ලිමේන්තුව අත්හිටුවනු ලැබීම අවලංගු කරන මෙන් ස්කොට්ලන්ත අධිකරණය නියෝග කර නොමැති හෙයිනි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවීම ගැන දැඩි විරෝධයක්
දැනට බල පැවැත්වෙන අත්හිටුවීම අනුව මන්ත්‍රීවරුන්ට ලබන ඔක්තෝබර් දාහතර (14) වෙනිදා දක්වා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට අවස්ථාවක් නොමැත.

බොරිස් ජොන්සන් ආණ්ඩුවේ පාර්ලිමේන්තු සැලසුම් ඇතුළත් 'රැජිනගේ කතාව' (Queen's Speech) එදින පැවැත්වෙනු ඇත.

බ්‍රිතාන්‍යය ඔක්තෝබර් තිස්එක් (31)වෙනි දින යුරෝපා හවුලෙන් ඉවත්වීමට නියමිතය.

සිය තීන්දුව සංක්ෂේපණය කරමින් ප්‍රකාශයක් කළ ස්කොට්ලන්ත අධිකරණයේ විනිශ්චය මණ්ඩලය, අගමැති බොරිස් ජොන්සන් "පාර්ලිමේන්තුව අවහිර කිරීමේ විෂම චේතනාවෙන්" ක්‍රියාකර ඇත යන්න තම ඒකමතික විශ්වාසය වන බව කියා සිටියහ.

විනිසකරුවන්ගේ තීන්දුවේ මෙසේත් දැක්වේ.

"අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුව අත්හිටුවන ලෙස රැජිනට දෙන ලද උපදේශයෙහි නෛතික වලංගුභාවයක් නොමැති අතර, එබැවින් එය 'ශුන්‍ය' සහ 'බලපෑමක් නැති' ක්‍රියාවක් ලෙස අධිකරණය ප්‍රකාශයට පත් කරයි"

ස්කොට්ලන්ත අධිකරණය ඉදිරියට ගිය පාර්ලිමේන්තු සහ සාමි මන්ත්‍රීවරුන්ගෙන් හැත්තෑවකට අධික සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යය යුරෝපා හවුල තුළ දිගටම රැඳී සිටිය යුතුය යන මතයේ සිටින්නෝ වෙති.

එම නෛතික අභියෝගය ඉදිරිපත් කිරීමෙහිලා නායකත්වය දෙන ලද්දේ ස්කොට්ලන්ත ජාතික පක්‍ෂයේ (SNP) පාර්ලිමේන්තු මන්ත්‍රීනි ජෝනා චෙරී (Joanna Cherry) විසිනි.

ස්කොට්ලන්ත අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් සැණින් ප්‍රකාශයක් කළ මන්ත්‍රීවරිය "වහාම පාර්ලිමේන්තුව කැඳවන" මෙන් ඉල්ලීමක් කළාය.

ස්කොට්ලන්ත සිවිල් උපරිමාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයේ එක් සාමාජිකයකු වන බ්‍රෝඩි සාමිවරයා (Lord Brodie) මෙසේ පවසයි.

"මෙම ආණ්ඩුවේ බල අධිකාරීන්ගේ ක්‍රියාකලාපයට අදාළව පොදුවේ පිළිගනු ලබන ප්‍රමිතීන් සමඟ අනුගත වීමෙහිලා පැහැදිලිවම අපොහොසත් වූ අදහාගත බැරි තරමේ අසාර්ථක භාවයකි"

පාර්ලිමේන්තුව අත්හිටුවනු ලැබීම සඳහා 'වලංගු හේතුවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අපොහොසත් වූ' බව ඩෲනන්ඩ් යන්ග් (Lord Drummond Young) සාමිවරයා පවසයි.

"පවතින තත්ත්වයන් සහ විශේෂයෙන්ම පාර්ලිමේන්තු අත්හිටුවීම බල පැවැත්වෙන දීර්ඝ කාලය අනුව ආණ්ඩුවේ අරමුණ අදාළ කරුණු සියුම්ව පරීක්ෂා කර බලනු ලැබීම වළක්වාලීම බව පැහැදිලිව පෙන්නුම් කෙරෙනවා"

ස්කොට්ලන්ත විනිසකරුවන්ගේ තීන්දුව මගින් "බලාපොරොත්තු සුන් වූ" තත්ත්වයට පත් වූ බව බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.එම තීන්දුවට එරෙහිව උපරිමාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බවත් එම ප්‍රකාශකයා කියා සිටී.

අමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉලක්ක කර එල්ල වූ සැප්තැම්බර් 11 ප‍්‍රහාරයට අදට (11) වසර 18 ක් සපිරෙනවා. ඒ වෙනුවෙන් විශේෂ සැමරුම් රැසක් සංවිධානය කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

දකුණු කොරියාවේ කාන්තාවන්, සිය ඇඳුම්වලට යටින් තනපට නොඅඳින බව දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළකිරීමට පටන්ගෙන ඇත.

‘‘ෆැක්සෙයි’’ නම් ප‍්‍රබල සුළි කුණාටුවකින් ජපානයේ ජන ජීවිතයට බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ පැයට කිලෝ මීටර් 210 ක පමණ වේගවත් වූ සුළං ධාරා සහ දැඩි වර්ෂාවක් ද සමගින් ෆැක්සෙයි, ටෝකියෝ අගනුවරින් රට තුළට ඇතුළු වන බවයි.

සිම්බාබ්වේ ප්‍රථම ජනාධිපති රොබට් මුගාබේ (06) සිංගප්පූරුවේදී අභාවප්‍රාප්ත වෙයි.

කේට් මිඩිල්ටන්ට හා මේගන් මර්කල්ට පස්වරු හයට පෙර දියමන්ති ආභරණ පැළඳීමට අවසර නැති බව වාර්තා වේ.

යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය ගිවිසුමකින් තොරව සිදුකිරීමට අදාළ යෝජනාව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වී තිබේ.

තුවක්කුකරුවෙක් 'ටෙක්සාස්' ප්‍රාන්තයේ සිදු කළ වෙඩිතැබීමකින් පස් දෙනෙක් මියගොස් තවත් කිහිපදෙනෙක් තුවාල ලබා ඇතැයි ඇමෙරිකාවෙන් වාර්තා වේ.

වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවන මෙන් අගමැති බොරිස් ජොන්සන් කළ නිර්දේශය එලිසබත් රැජින විසින් පිළිගනු ලැබීමෙන් අනතුරුව අගමැතිවරයාගේ ක්‍රියාමාර්ගයට එරෙහිව බ්‍රිතාන්‍ය දේශපාලන සමාජය තුළ දැඩි කෝපය පළවෙමින් පවතී.

Page 4 of 189

World News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website