World News

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර හදිසි විදුලිය බිඳ වැටීමක් නිසා උමං දුම්රිය පද්ධතිය සම්පූර්ණයෙන්ම පාහේ අඩපණ වී තිබේ.

නැගෙහිර ඇෆ්ගනිස්තානයේ විවාහ මංගල උත්සවයකදී කුඩා දරුවෙකු යොදා සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාරයකදී පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 40 දෙනෙකු තුවාල ලබා තිබේ.

ජාතිවාදී අදහස් පැතිරවීම තුන්වන ලෝකයේ රටවලට පමණක් නොව දැන් බ්‍රිතාන්‍ය ඇමරිකාව සහ යුරෝපයේ රටවලද ඉහළ යමින් පවතින බව වාර්තා වෙනවා.

ගල්ෆ් මුහුදේ යාත්‍රා කරන බ්‍රිතාන්‍ය නෞකා සම්බන්ධයෙන් වූ අවදානම් මට්ටම උපරිමයට ගැනීමට බ්‍රිතාන්‍ය කටයුතු කර තිබේ.

පුද්ගලයෙකු, නයගරා දිය ඇල්ලෙන් ඇදවැටීමේ පුවතක් විදෙස් වාර්තා පවසයි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය විවේචනය කළ ඊමේල් පණිවුඩ කිහිපයක් හෙළිවීම හේතුවෙන් එරට බ්‍රිතාන්‍ය තානාපති සර් කිම් ඩිරාක් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

බ්‍රිතාන්‍ය තානාපති ශ්‍රීමත් කිම් ඩෙරාක් සමඟ තවදුරටත් රාජකාරී සබඳතා පවත්වාගන්නා බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව යළිත් තහවුරු කර තිබේ.

අමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍ය අතර මේ දිනවල දැඩි මතභේදාත්මක තත්ත්වයක් උද්ගතව තිබේ.

ලන්ඩන් හි පැවැති සමරිසි සහ සංක්‍රාන්ති ලිංගික අයිතීන් සැමරීමේ පා ගමනට (Pride Parade) මිලියන 1.5ක  පමණ පිරිසක් සහභාගි වූ බව වාර්තා වේ. ලන්ඩන් නගරාධිපති සදික් ඛාන් පවසන්නේ මෙතෙක් ලන්ඩන් හි පැවැති  විශාලතම 'ප්‍රයිඩ්' පාගමන මෙය ලෙස තමන් විශ්වාස කරන බවයි.  

එළඹෙන සැප්තැම්බරයේ දී වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට භාජනය වන බව ගායක ස්ටීව් වොන්ඩර් නිවේදනය කරයි. මේ වන විට වකුගඩු පරිත්‍යාගශීලියකු මුණ ගැසී ඇති බවත් ශල්‍යකර්මයට පෙර තවත් සංදර්ශන තුනක් පැවැත්වෙන බවත් පවසන මෙම ගායකයා තමන් ඉතා හොඳින් සිටින බව තම රසිකයින් වෙත දැනුම් දෙයි.

(දිනමිණ)

World News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website