World News

දේව අපහාසය නිසා පකිස්ථානයේදී මරණ දඩුවම නියමිතව වසර 8ක් තිස්සේ සිරදඩුවම් ලද ආසියා බීබී හට සිය රටේ පදිංචියට එන ලෙස ප්‍රංශ ජනපති එමෑනුවෙල් මැක්‍රොන් විසින් ආරාධනය කර සිටී. පසුගිය සිකුරාදා ප්‍රංශයේ පැරිස් නුවර එලිසී පැලස්හීදී ප්‍රංශ ජනපතිවරයා සහ ආසියා බීබී අතර හමුවක් පැවැතිවිණ. එහිදී පැවති සාකච්ඡාව අතර තුර ජනපතිවරයාකේ ආරාධනය පිිළිබදව ඇය පවසා සිටියේ තමන් සිය ජීවිතයේ ඉතිරි කාලය ගත කරනු ඇත්තේ කොහේදැයි යන්න පිළිබදව තවමත් තවමත් තීරණය කර නොමැති බවයි. පාකිස්ථානයේ සිරදඩුවම් විදීමෙන් පසු වසරක කාලයක් සදහා කැනඩාව විසින් ඇය විසින් එහි පදිංචිව සිටීමට අවසර ලබා දී තිබිණි.

සිරියාවේ අවසන් ISIS ත්‍රස්ත බලකොටුව වන ඉඩ්ලිබ් ප්‍රදේශය මුදවා ගැනීමේ මෙහෙයුම් වල යෙදී සිටින සිරියානු හමුදා විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඉඩ්ලිබ් ප්‍රදේශයේ සිටින ත්‍රස්තයන්ගේ සහයට පැමිණි තුර්කි හමුදාවේ සොල්දාදුවෝ 29 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

බදාදා, 26 පෙබරවාරි 2020 10:19

ඉරානයේ නි.සෞඛ්‍ය ඇමැතිට කොරෝනා

ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි.

සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව මලයාසියානු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් නිවේදනය කළේය.

දකුණු කොරියාවේ පළමු නව කොරෝනා ආසාදිත මරණය ද අද උතුරු ග්යොන්ග්සන්ග් පළාතෙන් වාර්තා වුණා. මෙලෙස මියගොස් ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයෙක්. මේ අතර ඬේගු නගරයේ දේවස්ථානයක පැවති දේව මෙහෙයකදී ඊට සහභාගී වූ පුද්ගලයින් 38 දෙනෙකුට කෝවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

බීජිං අගනුවරට ඇතුළුවන සියලූ දෙනා දින 14 ක නිරෝධායන කි‍්‍රයාවලියකට ඉදිරිපත් විය යුතු බව චීනය පවසනවා.

පාලනය කිරිමට දරන ක්‍රමවේදයන් අපොහොසත් වුවහොත් ලෝක ජනගහණයෙන් සියයට 60 කට නව කොරෝනා වෛරසය වැළදීමේ අවධානමක් ඇති බව හොංකොං රාජ්‍යයේ සෞඛ්‍ය ඒකකයේ ප්‍රධානියා වන මහාචාර්ය Gabriel Leung අනතුරු අඟවමින් ප්‍රකාශ කර සිටිනවා.

ජපන් මුහුදු සීමාවේ රඳවා තබා ඇති සුඛෝපභෝගී ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවේ සිටියදී හඳුනා ගැණුනු නව කොරෝනා ආසාධිතයින් ගණන 135 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම පිරිස අතර නෞකාවේ කාර්යය මණ්ඩල සාමාජිකයින් 05 දෙනෙකු ද වන බවයි නෞකාවේ කපිතාන්වරයා අද නිවේදනය කළේ.

තායිලන්තයේ නකොන් රචසිමා නගරයේදී පුද්ගලයන් විසි හය දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ හමුදා භටයා ආරක්ෂක අංශ විසින් මරා දමනු ලැබ ඇති බව එරට පොලිසිය පවසයි.

කොරෝනා වෛරසයෙන් පීඩා විඳිමින් සිටින චීනයට H5N1 කුරුලු උන වෛරසයෙන්ද පීඩා විඳීමට සිදුවී ඇති බව වාර්තා වේ. චීන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදනය කරන ආකාරයට චීනයේ මධ්‍යම ප්‍රදේශයේ ප්‍රාන්තයක් වන හුවාන් ප්‍රාන්තයේ ෂාවෝයැන්ග් නගරය ආශ්‍රිතව ඇති කුකුලු ගොවිපළ වල මෙම වෛරස ආසාදිත සතුන් දක්නට ලැබෙන බව පැවසේ.

World News

Image

Stats

There are 28559 listings, 863 categories and 102 owners in our website