බදාදා, 15 පෙබරවාරි 2023 10:11

පළාත් පාලන ඡන්දය කල් යන ලකුණු! Featured

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් බරපතල අවිනිශ්චිත තත්ත්වයක් මතුව ඇතැයි මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

මාර්තු 09 වැනිදා පැවැත් වීමට සැලසුම් කළ පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා නිකුක් කිරීම හෙට දිනයේදී (පෙබරවාරි 15) සිදු කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව අද නිවේදනය කළේය.

මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් තොර, නොවැළැක්විය හැකි හේතුවක් මත එම තීරණය ගැනීමට සිදු වූ බව අදාළ නිවේදනයේ දැක්වේ.

මෙවැනි පසුබිමක් තුළ පළාත් පාලන මැතිවරණය ද කල්යාමේ අවදානමක් ඇති මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

මුදල් ගෙවීමකින් තොරව පළාත් පාලන මැතිවරණයේ මුද්‍රණ කටයුතු සිදු කළ නොහැකි බවට රජයේ මුද්‍රණාලයේ අධිපතිනිය මැතිවරණ කොමිසමට දැනුම් දීමෙන් පසු ඇති වී තිබෙන තත්ත්වය ගැන මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර සාකච්ඡාවක් අද (පෙබරවාරි 14 ) කොළඹ දී පැවැත්වුණි.

මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය කඩදාසි මසකට පෙර ගේනවා ඇති බවත්, රජයේ මුද්‍රණාලයේ අධිපතිනිය සහ නීතිපතිවරයා මැතිවරණ කොමිසමට අවශ්‍ය සහය නොදෙන බවත් සාකච්ඡාවෙන් පසු පක්ෂ ලේකම්වරු පැවසුහ.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසුවේ බංකොලොත් රාජ්‍යයක් රනිල් වික්‍රමසිංහට භාර දී ඔහුගෙන් මුදල් ඉල්ලීම නිවැරදි නොවන බවයි.

336 x 200 Sinhala

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website