අඟහරුවාදා, 05 මාර්තු 2024 07:56

සතියේ පුවත් සම්පිණ්ඩනය !! පුලුල් කෝණයෙන්,... Featured

Rate this item
(0 votes)

කාර්ය බහුල කුටුම්භයන්ට දිනපතා පුවත්පත් කියවන්නවත් , බලන්නවත් වෙලාවක් නැහැ. සතියක් තුල ශ්‍රි ලංකාව වැනි කුඩා රටකත් සිදුවන, කියන කරන කාරණා අති විශාලයි.
ඒ සියල්ල කැටි කර සති අන්නතයේ ඔබට ඉදිරිපත් කරන සම්පිණ්ඩනයයි මේ !!!

පවතින ආණ්ඩුවට මැතිවරණ දිනන්න බැරිලු.

*** සතිය ආරම්භයේ බොහෝ මාධ්‍යයන්හි ප්‍රධාන
පුවතක් වූයේ ජනරජ පක්ෂයේ නායක පාඨලී චම්පිකගේ මෙම ප්‍රකාශය.

 ඉදිරි මැතිවරණයේ දී ආණ්ඩුව අනිවාර්යයෙන් පරාජයට පත් වන බවට එක්සත් ජනරජ පෙරමුණේ නායකයා අනාවැකි පළ කර තිබේ.

මීළඟ මැතිවරණයෙන් පවතින රජය අනිවාර්යයෙන්ම වෙනස් වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අවධාරණය කරන්නේ.

ජනතාව ක්ෂේත්‍ර රැසකින් පීඩනයට පත්ව සිටින බවත් එවැනි අවස්ථාවක වත්මන් රජයට ජනතා අප්‍රසාදය එල්ල වී තිබෙන බවයි ඔහු පවසන්නේ.

වර්තමානයේ දී පොදුජන පෙරමුණට පක්ෂපාත පිරිස 9% ක් පමණක් වුව ද පාර්ලිමේන්තුවේ 51% ක බලයක් ඔවුන් සතුය.
එය සාධාරණ නොවන බව මන්ත්‍රීවරයාගේ අදහසයි.

***** මන්ත්‍රිවරයා පවසන ආකාරයට පවතින රජය සම්පූර්ණයෙන්ම වෙනස්වීමට බලපාන ප්‍රධාන කාරණය තමයි අතලොස්සක් සියලු සැප සම්පත් විදින අතර සමස්ත ජනතාව ඉතා දැඩි ආර්ථික සහ සාමාජීය අර්බූදයෙන් පීඩා විදින බව. කෙටියෙන්
කිවහොත් 2022න් පසුව රටතුල ක්‍රියාත්මක වන ආණ්ඩුව මානුෂික එකක් නොවෙයි. හරියට රෝමය ගිනි ගනිද්දී වීනා වාදනය කල නීරෝගේ පාලනය වගෙයී.

ෙටෙටඒවහම

තවත් බෝහෝ දේශපාලඥයින්ගේ සහ රජයේ නිලධාරීන්ගේ ප්‍රකාශ
පාන් නැත්නම් කේක් කාපල්ලා කියලා කිව්ව
ප්‍රංශයේ ලුවී රජ බිසවගේ ප්‍රකාශයට සමානයි.

 

**** දේශපාලඥයන් කියන කතා........

ටටහමනට

සජබයේ එරාන් වික්‍රමරත්නට අනුව වර්තමානයේ ආර්ථීක අර්බුදයක් නැත.
ඇත්තේ නීතියේ ආධිපත්‍ය පිළිබඳ කඩා වැටීමක් පමණකි.
මහාචාර්ය ජී.එල්.පීරිස් කීවේ පළාත් පාලන ආයතන ක්‍රියක්මක නොවන වටපිටාවක බලය බෙදීමෙන් පලක් නැති බවය.
මාලිමාව නියෝජනය කරන නලින්ද ජයතිස්ස පවසන්නේ මැතිවරණ නොපැවැත්වීම පිළිබඳ මාලිමා අවනඩුව නැවත කියා පෑමට මෙම නිර්දේශපාලනික වේදිකාව පාවිච්ච කිරීම

 රටම දන්නා පරිදි 1987 වසරෙන් පසුව පළාත් සභා ආයතන සක්‍රියව පැවති වසර 37 ක් පුරා බලය බෙදීමට ගත් සියලු ප්‍රයත්නයන් පටු දේශපාලන උවමනා වෙනුවෙන් ආගම්වාදි ජාති වාදි සටන් පාඨ හරහා ව්‍යර්ථ කළ බවයි.

ඇත්ත තත්වයත් මෙය නොවේද ?

රටේ රාජ්‍ය පරිපාලනය බිංදුවට වැටී නැද්ද? සෞබ්‍යය සේවයේ දූෂණය සහ වංචා රටට හෙලි වූයේ
පවතින රජයේ හිටපු සෞඛ්‍ය ඇමතිවරායාත් අත්අඩංගුවට ගැනීමත් සමගය. මෙරට නිදහස් සෞඛ්‍ය සේවයෙන් යැපෙන දුප්පත් ජනතාව ඇපයට තබාගෙන වෘත්තීය සමිති ගෙන යන වැඩ වර්ජන ව්‍යාපාර කොතරම් සාධාරණ ද ?

ඩඉයයර
රාජ්‍යය පරිපාලනය කඩා වැටී ඇති බවට ඇති හොදම උදාහරණය මෙය නෙවේද ? මෙම තත්වය කවදා අවසන්වේද යන්න ජනතාව බලා සිටී. ජනතාව
තම කැකෑරෙන වේදනාව පිට කරන්න සූදානමින් සිටින බව පාලකයන්ට දැනෙන්නේ නෑ.

*** සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රමිතියෙන් තොර ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා සමන් රත්නායක මහතා අද (01) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
අත්අඩංගුවට ගත්තට ජනතාවට සාධාරණයක් ඉටු වෙයිද ? නැතිනම් මෙම සිද්ධියත් තවත් එක් නාට්‍යයක කොටසක්ද ?

* පරාටේ නීතිය අත්හිටුවයි. බැංකු සියල්ල නිශ්ශබ්දයි.

පරාටේ නීතිය ගැන වැඩියෙන්ම කතා කලේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ.
පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළත් රජය ගත් ඒ තීන්දුවට බැංකු පද්ධතිය
ප්‍රතිචාර දක්වා නොමැති බවක් පෙනෙන්නට ඇති බව විපක්ෂ නායකවරයා පවසනවා.

රජය යම් තින්දුවක් ගත්තෙ නම් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ බලය රජයට ඇති බවත් එසේ ක්‍රියාත්මක කරන්න බැරි නම් රජයේ කශේරුකාව ශක්තිමත් නැති බවට පවසන සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා, වහාම මෙම තීන්දුව සම්බන්ධයෙන් නිසි රාජ්‍ය සහ පෞද්ගලික මූල්‍ය ආයතන දැනුවත් කර එය රටේ ප්‍රතිපත්තියක් බවට පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි.

මෙරට දළ දේශීය නිෂ්පාදනයට 50%ක් සහ රැකියා නියුක්තියට 52% කට වැඩි දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සහ ව්‍යවසායකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වසර ගණනාවක් පුරා පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් හඬ නැගූ බවයි ඔහු පවසන්නේ.

ෙටෙයයඒ

එහිදී පරාටේ නීතිය හරහා සිදුවන අසාධාරණයට එරෙහිව අවස්ථා ගණනාවකදී රජය දැනුවත් කළ බවත් එහිදී බැංකු පද්ධතිය ආරක්ෂා වන ආකාරයට පරාටේ නීතියට තාවකාලික විරාමයක් ලබා දෙන ලෙස රජයෙන් සිදු කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර ලෙස දෙසැම්බර් මස වන තුරු පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළත් රජය ගත් ඒ තීන්දුවට බැංකු පද්ධතිය ප්‍රතිචාර දක්වා නොමැති බවටයි විපක්ෂ නායකවරයා චෝදනා කරන්නේ

** අරගලය අවස්තාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ගෙට පැන භාණ්ඩ සොරකම් කල දෙදෙනෙකුට දඩුවම්.
නීතීය වේගයෙන් ක්‍රියාත්මක වීම හොඳයි.

මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (29) කළ නියෝගයට අනුවය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට අයුතු ලෙස ඇතුළු වී නිවසේ තිබූ භාණ්ඩ සොරාගත්

පුද්ගලයින් දෙදෙනෙකුට දඬුවම් නියම කර තිබේ.

බටවයහඩබඩ

පසුගිය 2022 වසරේ ජූලි මස 9 වන දින ජනාධිපතිවරයාගේ නිවසේ බෝතලයක් තුළ තිබූ රුවල් නැවක ආකෘතියක් බොරලැස්ගමුව, ඇඹිල්ලවත්ත පාර
ප්‍රදේශයේ පදිංචි අයෙකු විසින් සොරකම් කර ඇති අතර, ඔහුට එරෙහිව නඩු පවරා වරද පිළිගැනීමෙන් පසුව අද (01) දින දඬුවම් නියම කර ඇත.

ඒ අනුව එම පුද්ගලයාට මාස 6ක බරපතළ වැඩසහිත සිරදඬුවම් අවුරුදු 5කට අත්හිටුවා තිබේ.

මේ අතර එදිනම ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසේ තිබූ ලෝහමය හක් ගෙඩියක් අබේරත්න මාවත, බොරලැස්ගමුව ලිපිනයේ පදිංචි අයෙකු විසින් සොරාගැනීමේ වරදට වසරක බරපතළ වැඩසහිත සිරදඬුවම් අවුරුදු 5කට අත්හිටුවා ඇත.

***** පසුගියදා අන්තර් විශ්ව විද්‍යාලයේ සහාපති ඇතුලු කණ්ඩායම් ජාතික ජන බලවේගය සමග සාකච්ඡාවක් පැවැත්වූවා.
එහිදී ඔවුන් සඳහන් කර සිටියේ ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් දේශපාලන වෙනසක් වනතුරු බලා සිටිය නොහැකි බවත් එබැවින් තමන් මෙම සාකච්ඡාවට පැමිණි බවත්ය.
පෙරටුගාමී පක්ෂය සමග කටයුතු කල අන්තරය ජාතික ජන බලවේගය සමග එකම සාකච්ඡා මේසයකට පැමිණීම ඉදිරියේ ඇතිවන පුලුල් සංධානයක පෙර නිමිත්තක්ද ??
මොනවද මේ ශිෂ්‍ය ප්‍රශ්න?

පොලිසිය කොහොමද මෙම ශිෂ්‍ය ප්‍රශ්නය දකින්නේ ???

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවකට මීට සුළු වේලාවකට පෙර ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කෙරුණා.

ඉෙයටයටඉබ

සිසුන් මහමඟ, සියලු සිසුන්ට නේවාසිකාගාර දියව් යන මැයෙන් ඔවුන් මෙම විරෝධතා පාගමනය සංවිධාන කර තිබුණා.

එම පාගමන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ කර හයිලෙවල් මාර්ගයට පිවිසෙමින් තිබූ අතර එය අවහිර කිරීම සඳහා පොලිසිය විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණා.

කෙසේ වෙතත්, සිසුන් නොනවැතී ඉදිරියට පැමිණීමත් සමග පොලිසිය විසින් මෙම ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කිරීමට පියවර ගනු ලැබුවා.
මෙම පහරදීම සිදුවුනේ සතිය ආරම්භයේදී.

ශ්‍රි ලංකන් සමාගමේ අර්බූදය.

පසුගිය සතිය ආරම්භ වූයේම කටුනායක ගුවන් තොටුපලේ ඉදිරි කාර්ය ( Ground staffs) මණ්ඩලය සිය සේවාවන් ස්ථානනවලින් බැහැර වීමයී.
කටුනායක ගුවන් තොටුපලේ
පවතින අසංවිධානාත්මක
මෙහෙයුම් ක්‍රියාවලිය දැනට මාස හයක සිට පවතින බව
ගුවන් තොටුපල කාර්ය මණ්ඩලය සහ ශ්‍රි ලංකන් කාර්ය මණ්ඩලය සඳහන් කරනවා.
ගුවන් ගමන් පමාවීම, ගුවන්
යානා හිගය , පුහුණු ගුවන් නියමුවන් රට හැර යාම
සහ ගුවන් යානා අමතර කොටස් හිගය යන කාරණා මෙම අසංවිධානාත්මක ගුවන් සේවාවේ කඩා වැටීමට හේතු වී ඇත.
ටෙටරරහ
මෙම තත්වය සහ ගුවන් තොටුපළ පිටතින් පවතින තත්වය පිළිබඳ මාධ්‍යය මගින් කොතරම් පෙන්වා දුන්නත් ශ්‍රි ලංකන් සභාපති සහ අමාත්‍ය වරයා කටයුතු කලේ බිහිරි අලියන් සේ. පසුගිය කාලය තුල ගුවන් ගමන් විශාල ප්‍රමාණයක් අවලංගු වූ අතර රටට ආදරයෙන් පැමිණෙන සංචාරකයින් නොයෙකුත් අපහසුතාවයන්ට පත් වුනා.
මෙම වැඩහැර යාම පිළිබඳ මාධ්‍ය හමුවේදී සභාපතිවරයා සඳහන් කර සිටියේ ගුවන් යානා තුලට මීයන් රිංගා සිටි බවයී.
අවසානයේදී ඇමතිවරයා සඳහන් කර සිටියේ ලබන සතියේ ගුවන් සමාගම විකුනා දැමීම සඳහා ලැයිස්තුගත සහාගම්වලට
වෙන්දේසියක් පවත්වා තරඟකාරී මිලට ගුවන් සහාගම පැවරීමට කටයුතු කරන බවයි. අලෙවියෙන් ඩොලර් මිලියන 500 ක් බලාපොරොත්තු වන අතර ශ්‍රි ලංකන් සමාගම මේ වන විට ඩොලර් බිලියන 1.5 ක් ණය වී ඇති බවයි.
ගුවන් සමාගමට දෙවියන්ගේම පිහිට ලැබී හොද ආයෝජයකු ලබා දෙන බවයි..

Lin news and current affairs.

 

Read 31 times

336 x 200 Sinhala

Images of Ceylon

Sri Lanka In Brief

sl 1

Sri Lanka in Brief

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website