2019 හා 2020 වර්ෂයන් හි අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සම්බන්ධ අභියාචනා 2023 පෙබරවාරි මස 28 දක්වා බාර ගැනීමට කටයුතු කර ඇත.
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ජන්ද ප්‍රකාශ කිරිමේ දිනය කල් තැබිමට විරෝධය පාමින් සමගි ජන බලවේගය සදුදා කොළඹ වටලන බව කුරුණැගල දිස්ත්‍රික් පා.ම (සජබ) නලින් බණ්ඩාර මහතා පැවසිය.
කොළඹ මහාධිකරණ විසින් හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු වන මයෝන් මුස්තාපාට මාස 06ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් හා වසර හතකට ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නියෝග කර ඇත.
විදුලි බල මණ්ඩලය විසින් විදුලි ගාස්තු ඉහල දැමීමට සාපේක්ෂව ජල ගාස්තු ඉහල දැමීමට නියමිතව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
එළඹෙන 22, 23, 24, 28 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබු පලාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
ප්‍රමාණවත් පරිදි මුදල් ලබා නොදීම මත සැලසුම් කළ දිනට මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමසාරිස්වරයා දැන්වූ බව. ජනතා සන්ධානය සඳහන් කරයි.
රාජ්‍ය මුද්‍රණාලයට අතිරේක ආරක්ෂාවක් ලබා දෙන්නැයි පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන් බව මැතිවරණ කොමිසම පවසයි.
සෞඛ්‍ය සේවකයින්ගේ අතිකාල ඇතුළු දීමනා 15% කින් කප්පාදු කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ (SAFF) කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට ලබා දී ඇති අතර, FIFA තහනම හේතුවෙන් ශ්‍රී ලංකාව කලාපීය තරඟාවලියෙන් ඉවත් කර ඇත.