බ්‍රහස්පතින්දා, 25 අප්‍රේල් 2024 10:16

ඉන්දියානු ගම්මාන 04ක්… Featured

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන 04ක් ලගදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කොළඹ, රත්නපුර, ත්‍රිකුණාමලය හා මොනරාගල දිස්ත්‍රික්ක වල ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු ගම්මාන මෙලෙස විවෘත කිරීමට නියමිතය.

ඉන්දියානු රජයේ ආධාර මත දිවයින පුරා ක්‍රියාත්මක ගම්මාන 101කින් ගම්මාන 07ක නිවාස ඉදිකිරීම් අවසන් කොට මේ වන විට ජනතා අයිතියට පත් කර තිබෙන බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මෙලෙස ජනතා අයිතියට පත් කර ඇත්තේ මඩකලපුව, යාපනය, ගම්පහ, මහනුවර, වව්නියාව, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ඉන්දියානු රජයේ ආධාර යටතේ ඉදිකළ ගම්මානයි.

 ඊට අමතරව තවත් ගම්මාන 90ක නිවාස 1,668ක ඉදිකිරීම් කටයුතු මේ වන විට කඩිනම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ මේ වන විට ඉදිකිරීම් අවසන් කර ඇති නිවාස 732කි.

 ඉන්දියානු රජයේ ආධාර යටතේ දිවයින පුරා නිවාස ව්‍යාපෘති 04ක් ක්‍රියාත්මකයි. දීපව්‍යාප්ත නිවාස වැඩ සටහන, ග්‍රාම ශක්ති නිවාස වැඩසටහන දකුණු පළාත, ග්‍රාම ශක්ති නිවාස වැඩසටහන උතුරු පළාත, ග්‍රාම ශක්ති නිවාස වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික්කය එම ව්‍යාපෘති 04යි. එක් ව්‍යාපෘතියකට නිවාස 600 බැගින් නිවාස 2400ක් මේ යටතේ ඉදිකිරීමට නියමිතය. ඉන්දියානු රජය මේ සදහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 2400කි. ඉන් රුපියල් මිලියන 807ක මුදලක් මේ වන විටත් ලබා දී ඇත. තවත් රුපියල් මිලියන 1592.7ක මුදලක් ඉන්දියානු රජයෙන් මෙරටට ලැබීමට නියමිත බවද ඇමතිවරයා සදහන් කරයි.

 මීට අමතරව අනුරාධපුර මහවිලච්චිය ඇලපත් ගම පූජ්‍ය මාදුරුවාවේ සෝභිත අනුස්මරණ ගම්මානය සදහා ද ඉන්දියානු රජයේ ආධාර ලැබී තිබේ. ඒ සදහා වෙන් කරන ලද මුදල රුපියල් මිලියන 450කි. මෙම ගම්මානය ඉදිකිරීමට යෝජිත නිවාස සංඛ්‍යාව 115කි. රජයේ අරමුදලින් නිවාස 25ක් අවසන් කර ඇති අතර ඉතිරි 90 ඉදිකිරීම මේ වන විට ආරම්භ කර ඇතැයිද ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

 මේ අතර ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක වතු නිවාස ව්‍යාපෘතියේ මූලික කටයුතුද මේ වන විට ක්‍රියාත්මකයි. ඒ අනුව වතු නිවාස 8445ක් ඉදිකිරීම සදහා ඉන්දියානු රජය රුපියල් මිලියන 23,646ක මුදලක් ලබා දෙන බවද ඇමතිවරයා සදහන් කරයි. වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙම නිවාස ඉදිකිරීම සිදු කරන බවද ඇමතිවරයා සදහන් කරයි.

 ප්‍රදීප් අනුර කුමාර

Last modified on බ්‍රහස්පතින්දා, 25 අප්‍රේල් 2024 10:17

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website