සෙනසුරාදා, 27 අප්‍රේල් 2024 09:15

වෘත්තිකයන් රට හැර යෑමෙන් ආර්ථිකය රත් වෙලා – ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුත්ම වාර්තාවෙන් හෙළි කරයි Featured

ජනගහනය වයස්ගත වීම මධ්‍යයේ ඉහළ නිපුණතා සහිත වෘත්තිකයන් ඇතුළු මානව ප්‍රාග්ධනය රටෙන් ඉවතට ගලා යෑම ආර්ථිකය යථාතත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය සඳහා පවතින ප්‍රධාන අවදානමක් බව මහ බැංකුව පවසයි.

නව මහ බැංකු පනත අනුව ප්‍රථම වරට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද ‘වාර්ෂික ආර්ථික විවරණය – 2023’ නම් වාර්තාවේ මේ බව දැක්වේ.

ආර්ථිකයේ විභවතාව වෙත ගමන් කිරීමේදී දුර්වල ආර්ථික විවිධාංගීකරණය තවදුරටත් බාධකයක් වන බවද එහි සඳහන් වේ.

මේ වසරේ (2024) දී ආර්ථිකය සියයට 3කින් වර්ධනය වනු ඇති බවට එම වාර්තාව මගින් පුරෝකථනය කර ඇති බවත් ආර්ථිකය යථාතත්ත්වයට පත්වීම ඉදිරි කාලපරිච්ඡේදය තුළ දී අඛණ්ඩව සිදුවනු ඇති බවත් එහි තවදුරටත් සඳහන් වේ.

නව මහ බැංකු පනත අනුව ප්‍රථම වරට නිකුත් කළ 2023 වර්ෂයේ වාර්ෂික ආර්ථික විවරණය සහ මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් 2023 වාර්තාව පෙරේදා (25 දා) ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මුදල් ඇමතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වන ලදී.

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා, මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරු වන ඉවට් ප්‍රනාන්දු සහ නෙළුමානී දවුලගල යන මහත්මීන් සහ මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය බන්දුනාත් අමරසේකර මහතා ඇතුළු තවත් මහ බැංකු උසස් නිලධාරීහු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website