සදුදා, 29 අප්‍රේල් 2024 10:22

දුම්රියේ ඉඩම් නියමානුකූල කරයි Featured

විධිමත් බදු ගිවිසුමක් නොමැති, දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් සහ ගොඩනැඟිලි පරිහරණය කළ නොහැකි බැවින් දුම්රිය ඉඩම් පරිහරණකරුවන් සහ නව ඉල්ලුම්කරුවන් අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි විය

යුතු බව දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා සිටී. https://pms.railway.gov.lk යටතේ මේ සඳහා ලියාපදිංචි විය හැකිය. මෙම වසරේ ජූලි 15 වෙනිදාට පෙර මේ සඳහා ලියාපදිංචිය අනිවාර්ය බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඉන් පරිභාහිරව දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් හෝ ගොඩනැඟිලි විධිමත් බදු ගිවිසුමකින් තොරව පරිහරණය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බැවද, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් මෙම වසරේ ජුලි 15 වෙනිදාට පෙර මේ සඳහා ලියාපදිංචි නොවන පුද්ගලයන්ට එරෙහිව 1979 අංක 7 දරන රජයේ ඉඩම් (සන්තකය ආපසු ලබා ගැනීමේ) පනත යටතේ නිත්‍යනුකුලව ක්‍රියාකරන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටි.

DMN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website