සිකුරාදා, 03 මැයි 2024 09:55

සා.පෙළ සිසුන්ට ID කාර්යාලයෙන් දැනුම් දීමක් Featured

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් හෙට (04) දින පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, ගාල්ල, කුරුණෑගල, වවුනියා,ව මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල හෙට (04) පෙරවරු 8.30 සිට පස්වරු 1.00 දක්වා විවෘතව තැබේ.

මේ වන තෙක් ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත් ඉදිරිපත් නොකළ ඉල්ලුම්කරුවන් වේ නම් විදුහල්පති හෝ ග්‍රාම නිලධාරී විසින් සහතික කළ නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත් රැගෙන පැමිණිය යුතුය.

අදාළ තොරතුරු තහවුරු කිරීමේ ලිපිය www.drp.gov.lk වන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට පිවිස භාගත කර ගත හැකිය.

DMN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website