අඟහරුවාදා, 26 දෙසැම්බර් 2023 07:15

ඖෂධ ගෙන්වීම සහ බෙදාහැරීම සම්බන්ධව ප්‍රගතියක් Featured

ඖෂධ ගෙන්වීම සහ බෙදාහැරීම සම්බන්ධව ප්‍රගතියක්

  • ඩෙංගු රෝගීන් වාර්තාවීමේ යම් අඩුවක්

සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද පාලිත මහීපාල මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඖෂධ ගෙන්වීම සහ බෙදාහැරීම සම්බන්ධව පසුගිය සති දෙකක කාලය තුල යම් ප්‍රගතියක් සහ පසුගිය සතිය තුල ‌ඩෙංගු රෝගීන් වාර්තාවීමේ යම් අඩුවක් පෙන්නුම් කරන බවයි.

මාධ්‍ය වෙත අදහස් දැක් වූ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පසුගිය කාලය තුල ජනතාවගේ ප්‍රතිකාර සේවා සදහා අත්‍යාවශ්‍ය වන ඖෂධ සැපයීම පිළිබදව යම් යම් ගැටළු බාධක ගැටළු රාශියක් තිබුන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය විවිධ කමිටු පත්කරමින් සහ විවිධ සමාලෝචනයක් සිදු කරමින් ඖෂධ ගෙන්වීම සහ බෙදාහැරීම පිළිබදව වැඩි අවධානයක් යොමු කරනු ලැබු බව ද පැවසීය.

පසුගිය සති දෙකක පමණ කාලය තුල දිවයිනේ විවිධ රෝහල් මුලික කරගෙන සිදු කළ විමර්ෂණ වලදි ඒ පිළිබද යම් ප්‍රගතියක් දැකගත හැකි වූ බවත්, මාතර, කඹුරුගමුව, පෙරාදෙණිය, මහනුවර, රාගම සහ ළමා රෝහලේ විවිධ අවස්ථාවලට තිබෙන ඖෂධ ප්‍රමාණය සහ ලැබෙන ඖෂධ ප්‍රමාණය, ඖෂධ බෙදාහැරීම පිළිබදව ඉතාම කිට්ටුවෙන් සමීක්ෂණයක් අධීක්ෂණයක් කරනු ලැබූ බවත්, එහිදි මෙම රෝහල්වල ඒ සම්බනධව යම් ප්‍රගතියක් ඇතිවී තිබෙන බව දැකගත හැකි වූ බව ද පැවැසීය.‍

යම් යම් ඖෂධ වල හිඟයක් තිබෙන බවත්, එම ඖෂධ ඒ ඒ ප්‍රදේශයෙන් මිලදී ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබාදී තිබෙන බව ද සෞඛ්‍ය ලේකම්වරයා පැවැසීය.

ඩෙංගු රෝගය පිළිබදව අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ පසුගිය කාලය තුල දේශගුණික වෙනස්වීම් සිදු වූ බවත්, මේ වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 84807 ක් වාර්තා වී තිබෙන බවයි. වැඩිපුරම රෝගීන් වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවත්, කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්ක වලින් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන බව ද පැවැසීය. වැඩිම රෝගීන් ප්‍රමාණයක් මැයි මාසයේ වාර්තා වී තිබෙන බවත්, පසුගිය සති තුන හතරක කාලය තුල මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ ජනතාව දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විවිධ පාර්ශ්ව සමග එක්ව මදුරු මර්දන වැඩසටහන් රාශ්‍රියක් ක්‍රියාත්මක කළ බවත්, මේ සියළු කාරණාවල ප්‍රතිඵලයක් ලෙස පසුගිය සතිය තුල ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීමේ අඩුවක් පෙන්නුම් කරන බව ද පැවැසීය.

පසුගිය දින කිහිපය තුල ළමා රෝහල, පේරාදෙණිය රෝහල, රාගම ශික්ෂණ රෝහල සහ නාවලපිටිය රෝහල වැනි රෝහල් කිහිපයක තමන් සංචාරය කළ බවත්, එහිදී ඩෙංගු රෝගීන් රෝහල්ගතවීමේ යම් අඩුවීමක් තිබෙන බව දැක ගත හැකී බව ද පැවැසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝකය පුරාම රෝගීන්ගේ ඉහළයාමක් සහ  ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානමක් ප්‍රකාශයට පත් කර තිබෙන බවත්, රටවල් 84  ක ලෝක සෞඛ්‍ය සංවිධානයේ කළාප 5 ක ඩෙංගු රෝගීන්ගෙන් වැඩිවීමක් ප්‍රකාශයට පත් කර තිබෙන බව ද කීය. වැඩිපුරම  රෝගීන් වාර්තා වී තිබෙන්නේ ඇමරිකානු කළාපය තුල දකණු ඇමරිකානු රටවල්වල බවත්, මිලයන 5  ක් පමණ රෝගීන් ජනවාරි මස සිට වාර්තා වී තිබෙන බවත්, මරණ 5000 ක් පමණ වාර්තා වී තිබෙන බව ද පැවසීය. මෙයට ප්‍රධාන හේතු වශයෙන් දේශගුණික විපර්යාසය, උෂෟණත්වයේ ඉහළයාම, වර්ෂාපතනය වැඩිවීම සහ ආර්ද්‍රතාවයේ වැඩිවීම පෙන්වා දිය හැකි බව ද වැඩිදුරටත් පැවැසීය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website