සෙනසුරාදා, 02 මාර්තු 2024 08:28

බංග්ලා­දේ­ශයේ සාප්පු සංකී­ර්ණ­යේ ගින්නෙන් 46ක් මරුට Featured

බංග්ලා­දේ­ශයේ සාප්පු සංකී­ර්ණ­යක හට­ගත් ගින්න­කින් අවම වශ­යෙන් පුද්ග­ල­යන් 46 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත් වී ඇතැයි ද, තවත් පුද්ග­ල­යන් විශාල පිරි­සක් තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඩකා අග­නු­වර පිහිටි මහල් 6කින් සම­න්විත සාප්පු සංකී­ර්ණයේ මේ ගින්න හට­ගෙන ඇති අතර, ගිනි නිවන භට­යන් පැය දෙක­කට අධික කාල­යක් සිදු කළ මෙහෙ­යු­ම­කින් පසුව ගින්න මැඬ පැවැ­ත්වී­මට හැකිවූ බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. කෙසේ වුවද ගින්න පාල­නය කිරී­මට ගිනි නිවන භට­යන් උත්සාහ කර­මින් සිටි­යදී එම සාප්පු සවා­රියේ නිර­තව සිටි වැඩි දෙනකු ගින්නෙන් බේරීම සඳහා කවු­ළු­ව­ලින් බිමට පැන ඇති අතර, මිය ගිය පුද්ග­ල­යන් සංඛ්‍යාව වැඩි ­වී­මට සහ තුවාල ලැබූ පිරිස වැඩි විමට එය හේතු වී ඇතැයි වාර්තා වේ.

ගින්න හට­ගෙන ඇත්තේ එම සාප්පු සංකී­ර්ණයේ පළමු මහලේ පිහිටි බිරි­යානි අව­න්හ­ල­කදී බවත්, පසුව සෙසු මහ­ල්ව­ලට ගින්න පැතිරී ගිය බවත් වාර්තා වේ. ගෑස් කාන්දු­ව­කින් හෝ උදු­න­කින් ගින්න හට­ග­න්නට ඇති බව ගිනි නිවන හමු­දාවේ ප්‍රධා­නි­යකු ප්‍රකාශ කර ඇත.

gjtyuu6

DMN

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website