සිකුරාදා, 10 පෙබරවාරි 2023 10:41

මිට්ෂුබිෂි ශ්‍රී ලංකාවේ අතහැර යන්න යයි..  Featured

ජපානයේ ප්‍රධාන පෙලේ සමාගමක් වූ මිට්ෂුබිෂි සමාගම ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

 ජපානය විසින් මෙරට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති කිහිපයක් අවලංගු කිරීමත් සමග එම සමාගම ද මෙම තීරණය ගෙන ඇතැයි සඳහන්ය.

 ජපානය හා ශ්‍රී ලංකාව අතර පැවැති මිත්‍රත්වය බිඳ වැටී ඇති බවත් එය යළි ගොඩනගා ගැනීමට නම් ශ්‍රී ලංකාව දැඩි වෙහෙසක් දැරීමට සිදුවනු ඇති බවත් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය පවසා ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අමතරව ජපාන සමාගමකින් අල්ලස් ඉල්ලූ බවට ද අමාත්‍යවරයකුට චෝදනා එල්ල එල්ල වී තිබූ අතර එය රාජතාන්ත්‍රික මට්ටමේ ගැටලුවක් දක්වා වර්ධනය වී තිබිණ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website