සිකුරාදා, 10 පෙබරවාරි 2023 10:54

පුංචි ඡන්දයේ වියදමට මුදල් දෙන්නැයි කළ ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාර නැහැ - මැතිවරණ කොමිසම කියයි Featured

පළාත් පාලන මැතිවරණයේ පෙබරවාරි මාසයේ වියදම් සඳහා මුදල් ලබා දෙන්නැයි කළ ඉල්ලීමට මුදල් අමාත්‍යාංශයෙන් මෙතෙක් ප්‍රතිචාර නොලැබුණු බව මැතිවරණ කොමිසම පවසයි.

එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, මුදල් ලැබීම ප්‍රමාද වීමෙන් මැතිවරණය සඳහා මුදල් වැය කිරීමේ අර්බුදයක් මතුවිය හැකි බවයි.

පෙබරවාරි මාසයේ මැතිවරණ වියදම් සඳහා රුපියල් මිලියන 770ක් ලබා දෙන්නැයි පසුගියදා මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළේ ය.

මේ අතර , පළාත් පාලන මැතිවරණයට අදාළ සියලු සංවිධාන කටයුතු පැවැත්වීම වළක්වන නියෝගයක් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රමුඛ බලධාරින්ට නිකුත් කරන්නැයි ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්.එම්. ආර් විජේසුන්දර මහතා ගොනු කළ රීට් ආඥා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (10) යළි කැඳවයි.

එම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දීමකින් තොරවම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල් පීරිස් යන මහත්වරුන් මෙන්ම මැතිවරණය සැලසුම් කර ඇති පරිදි පැවැත්වීමට නියම කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන දයාසිරි ජයසේකර,ලක්ෂ්මන් කිරිඇල්ල, අනුර ප්‍රියදර්ශන යාපා,එම් ඒ සුමන්දිරම් යන මහත්වරුන් ගොනු කළ පෙත්සම ද නීතිඥ සුනිල් වටගල එරංග ගුණසේකර ,විස්වකේෂ චන්ද්‍රසේකරන් යන මහත්වරුන් ගොනු කර තිබූ අතරමැදි පෙත්සම් ද අද කැඳවීමට නියමිතයි.

මේ අතර, පසුගියදා මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් මැතිවරණයට අවශ්‍ය මූල්‍යමය පහසුකම් හා අනෙකුත් පහසුකම් සපයාදීමට අදාළ පාර්ශ්වයන්ට නියෝග කරන්නැයි දිවුරුම් ප්‍රකාශයක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේ ය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website