සිකුරාදා, 10 පෙබරවාරි 2023 11:03

රටට ගෙනා කෑමට නුසුදුසු මිරිස් කන්ටේනර් 40ක් හරවා යවයි...ඇතැම් තොග මෙරටදී ම විනාශ කරලා Featured

පරිභෝජනයට නුසුදුසු මිරිස් කන්ටේනර් 40කට අධික සංඛ්‍යවක් පසුගිය මාස තුන ඇතුළත ප්‍රති නැව්ගත කිරීමට නිර්දේශ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ එම මිරිස් තොග ප්‍රති නැව්ගත නොකර මෙරටදී විනාශ කිරීමට ඇතැම් ආනයනකරුවන් කළ ඉල්ලීම් සලකා බලා ඔවුන්ට ඒ සඳහා පහසුකම් සැලසීමටද පියවර ගත් බවයි.

දිවයිනට ආනයනය කරන සෑම මිරිස් කන්ටේනරයක්ම වරායේදී පරීක්ෂා කිරීමට පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කළේ ය.

එබැවින් මෙරට අලෙවියට නිකුත් කෙරෙන සියලු වියලි මිරිස් තොග ප්‍රමිතියෙන් යුක්ත බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය පැවසුවේ ය.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website