සිරි සම්බුදු පාද පද්ම පහස ලද උතුම් භූමියක පිහිටියා සේම බෞද්ධයාගේ මාහැගි පුජනිය වෙහෙර වහන්සේ පිහිටි පිංබිමකි. මන්ද ගෞතම සම්‍යක් සම්බුදු තිලෝ අග ශාන්ති නායකයන් වහන්සේගේ විශාලම ධාතූන් වන ලලාට ධාතුන් නිදන්කොට නිර්මාණය කරණ ලද ඓත්යයය රාජයානම් වහනසේගේ පිහිටිම හේතු වෙනි. ධාතූන් මෙම ස්ථානයේ පිහිටුවිම සම්බන්ධයෙන් ,බුදුරජුන් ජිවාමාන කාලය තෙක් ඈත අතිතයකට දිවයන්නකි සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධතවයට පැමිණිමෙන් පසු අට වන වසරේහි තුන්වැනි වරටත් ලක්දිව කැළණියට රහන්වහන් වහන්සේලා පන්සිය නමක්ද සමගින් වැඩමවුවාට පසුව, මහවැලි ගඟ දකුණු තෙර සේරුනම් විල්තෙර කෙළවර පිහිටි වරාහසොණ්ඩනම් ගල්කෙමිය අසබඩ පිහිටි මෙම පිංබිමට වැඩමකළ වස්ථාවේදි භූමියේ රැස්වසිටි නාග වංශිකයින් හා නාරාජවරුන්ට”මේ භූමියෙහි කුසඳ, කෝනාම, කාශ්‍යප යන තුන් බුදුවරයන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා නිදන්කොට ඇති බවත්, පිරිනිවිමෙන් පසු මාගේ ලලාට ධාතූන් පිහිටුවා අනාගතයේදි මේ රටේ රජකරණ කාවන්තිස්සනම් රජතුමා විසින් මහැඟි දාගැබක් කරවන්නේය”යනුවෙන් තාගතයන් වහන්සේ විවරණය අනුදැන වදහල සේක. නාග වංශිකයන්හට මෙම ප්‍රදේශය ආරක්ෂාක කිරිමට වදහල සේක.
සියලු සත්වයින් කෙරෙහි පතල අනුකම්පාවකින් යුතු ධර්ම මෙහෙවරක යෙදුනු උන්වහන්සේ වසර තිස්පහකට පසුව පිරිණිවන් පෑ සේක. අනතුරුව ආදහනයේන් ශේෂ වු ධාතූන් වහන්සේලා දෝන බමුණා විසින් රජවරුන් අට දෙනෙකු අතරේ බෙදාදෙන ලදි.ලලාට ධාතුන් වහන්සේ අයත් වුයේ මල්ල රජවරුන්ටය, මහා කාශ්‍යප තේරුන් වහන්සේ මල්ල රජවරුන්ට බුදුරජාණන් වහන්සේගේ ජිවාමාන සමයෙහි අනුදැන වදහළ ලලාට ධාතුන් වහන්සේ අනාගතයේදි ලංකා ද්විපයට භාරදිය යුතු බව පහාදාදුන් සේක. අනතුරුව කාශ්‍යප තේරුන් වහන්සේ භාරයට පත් ලලාට ධාතුන් වහන්සේ, මහානන්ද තේරුන් භාරයට පත්කොට බුදුරජාණන් වහන්සේ ජිවාමාන සමයෙහි අනුදැන වදහළ ලලාට ධාතුන් වහන්සේ අනාගතයේදි ලංකා ද්විපයට භාරදිය යුතුයැයි වදාලා එතෙක් විශාලා මහනුවර කූටාගාර ශාලාවේ, බුදුන්වහන්සේ විසුගන්ද කුටියට වඩා පුජා පවත්වන ලෙස දේශණ කළසේක. නන්ද තේරුන්ගේ පිරිණිවන් පෑ මෙන් අනතුරුව පිළිවෙළින් චන්ද්‍රගුප්ත තෙරුන්වන්සේ ඉසිපතනාරාමයේදි ද, ජයසේන තෙරුන්වන්සේ වේළුවනාරාමයේදි ද , සංඝරක්ඛිත තෙරුන්වන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි ද පුද පුජා පවත්වන ලදි.අනතුරුව මහාදේවනම් තෙරුන්වන්සේ ධාතූන් වහන්සේ අහසින් වැඩමවා ගෙන පැමිණ දේවනම්පිය තිස්ස රජුගේ බාල සොයුරකු වන මහානාග රජු මාගම පුරවරයේ රාජප්පාත්රවි සිටි අවදියේ ,මාගම රාජධානියේ ගිණිකොණ දිශාවේ පිහිටි හක්තොට්ඨ හෙවත් කෝට්ටම ජනපදයේහි කුක්කුටගිරි වර්ථමානයේහි කැකුලූවාගල පර්වයේ මහා සල්ගසක් මුල බැස සිටිසේක. මුලන්ම මහා කාලාම කෙළිම්ඹ් පුත්‍රයා ධාතූන් වහනසේට පුජා පවත්වමින් ධාතූන් වහන්සේ ආරක්ෂාකමින් මාහදේව තේරුන් සමගින් විසියසේක. අනතුරුව මහනාග රජතුමා ධාතූන් වහන්සේ ගැන දැන ගෙන මාගම පුරවරයට වඩම්මවා ධාතූන් වහනසේට පුජාකළේය. රජුගේ ඇවැමේන් යාඨල තිස්ස රජත් එම රජුගෙ ඇවෑමෙන් ගෝඨාභය රජුත් එම රජුගේ ඇවෑමෙන් පසු කාවන්තිස්ස රජතුමා ද පියා පැවසු පරිදි පුද පුජා පවත්වමින් විසිය.
මේතුමාගේ රාජ සමයේහි චුල්ල පිඩපාතික තිස්ස රහතන් වහන්සේ කාවන්තිස්ස රජතුමා හමුවි බුදුන්වහන්සේ ජිවමාන කාලයේදි අනුදැන වදහළහ පරිදි ”මහවැලි ගඟ දකුණු තෙර සේරුනම් විල්තෙර කෙළවර පිහිටි වරාහසොණ්ඩනම් ගල්කෙමිය අසබඩ පිහිටි භූමියෙහි කුසඳ, කෝනාම, කාශ්‍යප යන තුන් බුදුවරයන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා නිදන්කොට ඇතිබවත්, පිරිනිවිමෙන් පසු මාගේ ලලාට ධාතූන් පිහිටුවා අනාගතයේදි මේ රටේ රජකරණ කාවන්තිස්සනම් රජතුමා විසින් මහැඟි දාගැබක් කරවන්නේය”අන