ඈත අතීතයේ සිට පැවත ආ අපගේ සංස්කෘතියේ සුවිශේෂී අනන්‍යතාවයන් හේතුවෙන් එදා ශ්‍රී ලංකාවේ ජීවත් වූ වැඩිහිටි ප්‍රජාව ස්වකීය නිවස තුළ ආරක්ෂා සහිතව ජීවත්වූහ. නමුත් පසුකාලීන ව අප සමාජයේ සිදු වූ විවිධ සිදුවීම් හේතුවෙන් මෙම තත්ත්වය වෙනස්වීමට භාජනය විය. මෙහිලා ප්රබලව බලපෑ කරුණු අතර න්‍යෂ්ටික පවුල් ක්‍රමය, දරුවන්ගේ විදේශ සංක්‍රමණය, තිස් වසරක් පුරා පැවති කුරිරු යුද්ධය, හා නාගරීකරණය යනාදිය ප්රමුඛ විය.
ඉහත තත්ත්වයන්හි නියත ප්‍රතිඵලය වශයෙන් 2015 වන විට ශ්‍රී ලාංකික වැඩිහිටි ජනගහණය 25% වෙතැයි ගණන් බලා තිබේ. මෙලෙස සංවර්ධනය වන වැඩිහිටි ජනගහණය ඉදිරි කාලෙයේ දී නඩත්තු කිරීම සමස්ත සමාජයට ම බලවත් ගැටලුවක් වෙමින් පවතී. මෙම විෂය සම්බන්ධයෙන් වගකීම පැවරෙන ශ්‍රී ලංකා ජනරජයේ සුබ සාධන වැඩපිළිවෙල ද ඊට සරිලන පරිදි ප්‍රමාණවත් නැත. දැනට රජය යටතේ පවත්වාගෙන යනු ලබන්නේ වැඩිහිටි නිවාස සීමිත සංඛ්‍යාවකි. මීට අමතරව විවිධ ආයතන හා ස්වේච්ඡා සංවිධාන මගින්ද වැඩිහිටි නිවාස පවත්වාගෙන යනු ලැබේ. මේ අයුරින් රජය හා වෙනත් ආයතන විසින් පවත්වාගෙන යනු ලබන වැඩිහිටි නිවාස අපේක්ෂිත ප්‍රමිතීන්ට අනුව පවත්වාගෙන යාම ද දුෂ්කර කාර්යයක් වී තිබේ.
ඉහත සමාජ අවශ්‍යතාවය මැනවින් අවබෝධ කරගත් පුජ්‍ය හපුතලේ පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේ සහ දානපති බන්දුල වීරවර්ධන මැතිතුමන් හා එකතුව සහන උදය වැඩිහිටි විවේකාශ්‍රමය ගොඩනැංවීමට ක්‍රියා කළහ. මෙම වැඩිහිටි විවේකාශ්‍රමය මේ වනවිට දිවයිනේ සමස්ත වැඩිහිටි නිවාස අතරින් ප්‍රමුඛස්ථානය ලබාගැනීමට සමත්වී ඇත. මීට අමතරව මෙම වැඩිහිටි විවේකාශ්‍රමයේ අනුග්‍රහය යටතේ බස්නාහිර පළාතේ පිහිටුවා ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධාන ඵලදායි අයුරින් ක්‍රියාත්මක කරවීම සඳහා සුවිශාල කාර්යභාර්යක් සිදු කරයි.

අපගේ දැක්ම
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ප්‍රජාවට සුරක්ෂිත, සෞඛ්‍ය සම්පන්න හා ප්‍රීතිමත් දිවිපෙවතක් උරුම කර දීම.
අපගේ මෙහෙවර
දූවා දරුවන් හා ඥාතීමිත්රාදීන්ගේ රැකවරණය අහිමි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සැපයීම.
දේශීයත්වය සුරකිමින් සංස්කෘතිය හා සාරධර්ම අගයන දරුවන්ගේ රැකවරණය යටතේ දෙමාපියන් රැකබලාගන්නා වූ පවුල් පරිසරයක් ගොඩනැගීමට දායකවීම.
ග්‍රාමීය ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධාන මගින් වැඩිහිටි ප්‍රජාවට සැලසෙන සේවාවන් සඳහා අවශ්‍ය සහය ලබාදීම.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සුබ සාධනය ඉහළ නැංවීම.
නීත්‍යානුකූලභාවය
සහනෝදා පදනම යටතේ ක්‍රියාත්මකවන සියලුම ව්‍යාපෘති හා වැඩසටහන් ශ්‍රී ලංකා රජයේ වලංගු අණ පණත් වලින් ආවරණය ලබා ඇත. ඒ අනුව මෙම ආයතනයේ නීත්‍යානුකූලභාවය වෙනුවෙන් පහත සදහන් ආයතන වල ලියාපදිංචිය ලබාගෙන තිබේ.
රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරිමේ හා අධීක්ෂණය කිරීමේ පනත යටතේ ලියාපදිංචිය.
සමාගම් ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ සමිති අඥා පනත යටතේ විශේෂයෙන් බලයලත් සමිතියක් වශයෙන් ලියාපදිංචිය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 2000 අංක 20 දරණ පනත මගින් සංස්ථාගත කිරීම.
2000 අංක 9 දරණ වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ 16 වන වගන්තිය යටතේ වැඩිහිටි තැනැත්ත