අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල විෂය පථයට අදාළව ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සැකසීම, ක්‍රියාත්මක කිරීම, පසු විපරම් කිරීම සහ ඇගයීම සඳහා මූලික වගකීම අමාත්‍යාංශය සතු වන අතර අමාත්‍යාංශයේ ප්‍රධාන අරමුණු වන්නේ සෘජු විදේශ ආයෝජන සහ පෞද්ගලික අංශයේ ආයෝජන ප්‍රවර්ධනය කිරීමයි. ශ්‍රී ලංකාවේ ආර්ථික විභවයන් ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රතිපත්ති සැකසීම, කලාපීය වෙළෙඳ සහ ආයෝජන සහයෝගිතාව වැඩිදියුණු කිරීම ඉලක්ක කරගත් උපාය මාර්ගික වැඩසටහන් සහ ආර්ථික සංවර්ධන කලාපය වේගවත් කිරීම සහ නියාමනය කිරීම.