පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා පාර්ලිමේන්තුවේ ප්‍රධාන විධායක නිලධාරියා වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ එකඟත්වය ඇතිව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබේ. පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය ව්‍යවස්ථානුකූලව ආරක්ෂිත තනතුරකි. පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ එක් ප්‍රධාන කාර්යයක් වන්නේ පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටිය, පනත් කෙටුම්පත්වල ව්‍යවස්ථාපිතභාවය, ස්ථාවර නියෝග, වරප්‍රසාද සහ පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වයට අදාළ වෙනත් කරුණු සම්බන්ධයෙන් කථානායකවරයාට සහ අනෙකුත් මූලාසන නිලධාරීන්ට උපදෙස් දීමයි. පාර්ලිමේන්තු මහලේකම්වරයාට ඔහුගේ/ඇයගේ වගකීම් ඉටු කිරීමේදී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයා සහ සහකාර මහ ලේකම්වරයාගේ සහාය ලැබේ. මහලේකම්වරයා පාර්ලිමේන්තුවේ ප්‍රධාන පරිපාලක සහ ගිණුම්කරණ නිලධාරියා ද වේ. පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ කාර්ය මණ්ඩලය පත් කරනු ලබන්නේ කථානායකවරයාගේ අනුමැතිය ඇතිව මහලේකම්වරයා විසිනි. මහලේකම්වරයා හෝ ඔහු/ඇය විසින් නම් කරන ලද තැනැත්තා පාර්ලිමේන්තුව විසින් පිහිටුවන ලද සියලුම කාරක සභා සඳහා ලේකම් ලෙස කටයුතු කරයි.