ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ලේකම් ඊ එම් එස් බී ඒකනායක මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ලෙස රාජ්‍ය සේවයේ දීර්ඝ කාලීන අත්දැකීම් වලින් සන්නද්ධ වේ. ඔහු ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් ද, රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද, ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ඇත. ඔහු බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනයෙන් වෘත්තීය රාජ්‍යතාන්ත්‍රික හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ඩිප්ලෝමාවක් ද ලබා ඇත.