නිසි සැරිය ගැන
“නිසි සැරිය” යටතේ රාත්‍රී කාලයේ විශ්වාසනීය සහ විධිමත් පොදු බස් සේවාවක් සැපයීම දිරිමත් කිරීම අපේක්ෂා කෙරේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නගර මධ්‍යස්ථානවලින් පිටවන ප්‍රමාද වූ රාත්‍රී සේවා 56 කට ගමනේ ඉන්ධන පිරිවැයෙන් 50% ක් ප්‍රතිපූරණය කරමින් සහාය ලබා දී ඇත. මෙම වැඩසටහන යටතේ, ක්‍රියාකරුට මෙම හිමිකම සඳහා නිශ්චිත මාසයක ගමනෙන් අවම වශයෙන් 90% ක් ක්‍රියාත්මක කළ යුතුය. ව්‍යාපෘතියේ 2 වන අදියර යටතේ සේවා දහසයක් (16) හඳුනාගෙන ලංගමයට අනුයුක්ත කර ඇත. දැනට ලංගම සේවා 58 (බස්නාහිර, දකුණ සහ ඌව)
ඉලක්කය
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ශ්‍රී ලංගම සහ පෞද්ගලික ක්‍රියාකරුවන් සමඟ එක්ව “නිසි සැරිය” රාත්‍රී සේවා 100 ක් සැලසුම් කෙරේ.
සේවා අධීක්ෂණය
අපගේ වටිනා මගීන්ට, විශේෂයෙන් රාත්‍රී කාලයේ දී, උසස් ප්‍රමිතීන්ගෙන් යුත් සේවාවක් ඔබට සපයන බව සහතික කිරීම සඳහා, NTC ජංගම පරීක්ෂකවරු කාලසටහන් සහ ප්රමිතීන් සපුරාලීම සහතික කිරීම සඳහා බස් මාර්ග වරින් වර අධීක්ෂණය කරති.