ශ්‍රී ලංකා ඉතිහාස පොතෙහි මුල්ම පරිඡ්චේදය තුල අන්තර්ගත, නමුත් ඉන් එහාටද විහිදෙන ඉතාමත් ඉපැරණි මෙන්ම පෞරානික වටිනාකමකින් යුක්ත භූමියක් ලෙස තන්තිරිමලේ රජ මහා විහාරය හදුන්වා දිය හැකිය. ඉතාමත් ඉපැරණි මෙන්ම පෞරානික වටිනාකමකින් යුක්ත යැයි අද පිළිගනු ලබන සීගිරිය, දඹුල්ල, මහියංගනය වැනි ආගමික සිද්ධස්ථාන මෙන්ම මනා වූ උරුමයකට උරුමකම් කියන මෙම විහාරය වර්තමාන මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 366 ග්‍රාමනිලධාරී වසම තුල පිහිටා තිබේ.
පිහිටීම සහ හෙතිහාසික පසුබිම
පිහිටීම
පිහිටීම
තන්තිරිමලය යනු ශ්‍රී ලංකාවේ ඉපැරණි ජනාවාස වලින් එකක් පමණි.මහින්දාගමනයට පෙර සටම ශ්‍රී ලංකාවේ ජනාවාස පැවති බවට තන්තිරිමලය ප්‍රදේශය ශාක්ෂි දරයි.මුල්භාගයේ සිට අනුරාධපුර යුගයේ අගභාගය දක්වාම විහිදෙන දීර්ග කාල පරිඡ්චේදයකට අයත්වන,
කැටයම් සහ වාස්තු විද්‍යාත්මක නිර්මාණ
ශිලා ලේඛණ
චිත්‍ර හා මූර්ති
මිනිසුන් භාව්තාකල මෙවලම්
ආගමික නිර්මාණ
මෙහිදී දැක බලාගත හැකිය.ජනප්‍රවාද සහ ඓකිහාසික මූලාශ්‍ර අනුව මෙහි සිට වයඹදිග මුහුදු වෙරළ දක්වා සක්‍රිය ජනාවාස පැවති බවට සාධක පවති. අනුරාධපුර නගරයේ සිට කි.මි. 36 පමන වයඹ දෙසින් විල්පත්තුව ජාතික වනෝද්‍යානය නැගෙනහිර සීමාවට ලංව මල්වතු ඔය වම් ඉව්රේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයේ 366 ග්‍රාමනිලධාරී වසමට අයත් අක්කර 200 වඩා වැඩි ශිකර සහිත භූමි ප්‍රදේශයක් තුල පිහිටා තිබෙන තන්තිරිමලය පුරාණ රජමහා විහාරය ඉපැරණි භෞද්ධ සිද්ධස්ථාන අතර කැපී පෙනේ.
විජය කුමරු ශ්‍රී ලංකාවට ගෙඩබැස මල්වතු ඔය ඔස්සේ අනුරපුරයට පැමින එහි රාජ්‍ය පිහිටුවාගන්නා ලදි.ඔහු සමග පැමිණි සෙසු අමාත්‍ය වරුන්ටද විවිධ දිශාවන්ට ගොස් රාජධානි පිහිටුවා ගැනීමට උපදෙස් ලබාදුන්නේය.ඒ අනුව උපතිස්ස අමාත්‍යවරයා විසින් මල්වතු ඹයට කනදරා ඹය හමුවන ස්ථානයේ උපතිස්ස ග්‍රාමය පිහිටුවාගන්නා ලදි.වර්තමානයේ දී තන්තිරිමලය යනුවෙන් හදුන්වනු ලබන්නේ එම ප්‍රදේශය යැයි විශ්වාස කරයි. ශ්‍රී බු.ව. 3 වන සියවසේ දි දෙවැනිපෑතිස් රජු දවස තිවන්ක බමුණුගම යනුවෙන් හැදින්වූයේ මෙම ප්රදේශයයි. එකල මෙම ප්‍රදේශය තිවන්ක නම් බමුණකු යටතේ පැවත ඇත. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරපුරයට වැඩම කරවන ගමනේදී මෙම ස්ථානයේ එම පෙරහැර එක් දිනක් නවාතැන් ගෙන ඇත. සාලිය අශෝකමාලා දෙදෙනාගේ අසම්මත විවාහය නිසා ඔව්න් පිටුවහල් කල අවස්ථාවේ මෙම ප්‍රදේශයේ කලක් වාසය කළ බව කියැවේ. පසුව දුටුගැමුණු මහ රජතුම මේ දෙදෙනාට සමාව ලබාදුන් බවත් එම අවස්ථාවේ "තන්තිරිම" යන සමනල විශේෂයේ හැඩැති මාලයක් ත්‍යග වශයෙන් ලබාදුන් බවත් පසු කලෙක සාලිය කුමරු එම මාලය මෙම ප්‍රදේශවය් න්ධන් කල බවත් ඒ හේතුවෙන් මෙම ප්‍රදේශයට තන්තිරිමලය යන නම ලැබුණු බවටත් මතයක් පවතී. මෙම ප්‍රදේශය තන්තිරිමලය නමින් හැදින්වීමට වෙනත් කරුනත් මුල් වු බවට තවත් විස්වාසයක් පවතී එනම්, "පූජණීය පිරිස නවාතැන් ගත් ස්ථානය" යන අරුත දෙන දමිල වචනය වන "තන්ගෛතිරුමලේ" යන දමිල විවහාරය පසුව "තන්තිරිමලය" බවට පත් වූ බව අනිත් ජනප්‍රවාදයයි.
සිංහලේ මහා වන්ශකතාව විජය කුමරුගේ ආගමනයත් සමග ඇරබිණැයි මහාවන්ශයේ සදහන් වුවත් ඊට පෙර සිටම ස්වදේශීය ගෝත්‍රික ජන කොටස් ජීවත් වූ බවට විවිධ ප්‍රදේශ වල කල කැණීම් වලින් අනාවරනය වී ඇත. එසේ ඉපැරණි ජනාවාස පිළිබඳ සාධක හමුවන ස්ථානයක් ලෙස තන්තිරිමලය පුන්‍ය භූමිය හදුන්වාදිය හැතිය. ක්‍රි. ව. 1909 දි පමන ජෝන් ස්ටීල් මහතා විසින් මෙම ප්රදේහවය් කළ පර්යේශන මගින් ඉතා ඉපැරණි ගෘහ නිර්මාණ හිල්පයට අයත් ශේශ වු කොටස් විශාල ප්‍රමානයක් විශාල ගල් ලෙනක තිබී සොයාගන්නා ලඳි. එම අවශේශ පරික්ෂාකොට ඔහු විශේශ ප්‍රකාෂයක් කර ඇත. ප්රාග් ඓතිහාසික යුගයේ දි