තේමාව
විශ්වසනීය පුද්ගල අනන්‍යතාවය ජාතික හැඳුනුම්පතයි
දැක්ම
සෑම ශ්‍රී ලාංකික පුරවැසියකුටම තහවුරු කරන ලද අනන්‍යතාවක්
මෙහෙවර
සිය දේශය තුළදී සියලුම ශ්‍රීලාංකික පුරවැසියන්ගේ මානව, සමාජ , ආර්ථික , දේශපාලනික සහ නීතිමය අයිතිවාසිකම් සුරැකෙන අයුරින්ද ,සිය දේශයෙන් බැහැර වූ අවස්ථාවල ආරක්ෂාව සැලසෙන අයුරින්ද, ඔවුන්ගේ තොරතුරු ඇතුළත් කොට ජාතික පුද්ගල දත්ත පද්ධතියක් සකස් කිරීම, කිසියම් පුරවැසියකුගේ අනන්‍යතාවය තහවුරු කර ගතයුතු අවස්ථාවල දී ජාතික හා අනෙකුත් ආයතනවලට තොරතුරු සැපයීම සහ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට හා සංවර්ධනයට සහයවීම.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට අදාළ නීතිමය පසුබිම
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතින් හා ඒ යටතේ පනවන ලද විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පිහිටුවා ඇත. දෙපාර්තමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය නීතිමය පසුබිම සැලසී ඇත්තේ පහත සඳහන් පනත්, නියෝග, නියමයන් හා නිවේදන මගින් ය.
පනත්
1968 අංක 32 දරණ පුද්ගලයන්ලියාපදිංචිකිරීමේපනත.
1971 අංක 28 දරණපුද්ගලයන්ලියාපදිංචිකිරීමේ (සංශෝධන) පනත.
1971 අංක 37 දරණපුද්ගලයන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත.
1981 අංක 11 දරණ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත.
නියෝග
1971.12.30 දින අංක 14991 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද 1971.12.16 දිනැති නියෝග.
1990.11.20 දින අංක 637/6 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද 1990.06.25 දිනැති නියෝග.
2005.03.29 දින අංක 1386/17 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2005.03.23 දිනැති නියෝග.
නියමයන්
1971.04.01 දිනඅංක 14952 දරණ ගැසට්පත්රයේපළකරනලද 1971.03.28 දිනැති 2 වන වගන්තිය යටතේ නියමය.
1972.02.18 දින අංක 14998 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද 1972.01.28 දිනැති 7වන වගන්තිය යටතේ නියමය.
නිවේදන
1980.04.23 දින අංක 85/04 ගැසට් පත්‍රයේ පළ කරන ලද 1980.04.22 දිනැති 9(2)(ආආ)(i) වගන්තිය යටතේ නිකුත් කළ නිවේදනය.
1972.02.18 දින අංක 14998 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද 1972.01.28 දිනැති 36(2) වගන්තිය යටතේ නිකුත් කළ නිවේදනය.
1983.09.23 දින අංක 264 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද 1983.08.31 දිනැති 16(2)(ආ)(i)වගන්තිය යටතේ නිකුත් කළ නිවේදනය.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට පැවරී ඇති බලතල, කාර්යයන් හා කර්තව්‍යයන්
1968 අංක 32 දරණ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතේ පූර්විකාවේ සඳහන් වන අන්දමට,
ශ්‍රී ලංකාව තුළ සිටින නිශ්චිත තැනැත්තන් ලියාපදිංචි කිරීම.
එසේ ලියාපදිංචි කරනු ලැබූ තැනැත්තන්ට හැඳුනුම්පත් නිකුත් කිරීම සහ,
ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාර්යයන් පිළිබඳව,
විධිවිධාන සැලසීම පිණිස මෙම පනත පනවනු ලැබ ඇත.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත 1971 අප්‍රේල් මස 05 දින සිට බලපවත්වන පරිදි ක්‍රියාත්මක වේ. පනතේ විධිවිධාන ක්‍රියාත්මක කරනු පිණිස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ස්ථාපනය කොට ඇත.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත යටතේ පහත සඳහන් බලතල, කාර්යයන් හා කර්තව්‍යයන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාට පවරනු ලැබ, නියම කරනු ලැබ, හා වෙන් කොට දෙනු ලැබ ඇත.
මෙම බලතල, කාර්යයන් හෝ කර්තව්‍යයන් ක්‍රියාත්මක කිරීමේදී, ඉටු කිරීමේදී හෝ කිරීමේදී කොමසාරිස්වරයා විසින් අමාත්‍යවරයාගේ සාමාන්‍ය හෝ විශේෂ විධානයට යටත්ව කටයුතු කළ යුතුය. (පනතේ 4වන වගන්තිය)
කොමසාරිස්වරයා විසින් 51වන වගන්තිය යටතේ තමන්ට පැවරී ඇති බලතල හැර අනෙකුත් බලතල, කාර්යයන් හෝ කර්තව්‍යයන් ක්‍රියාත්මක කිරීමේ, ඉටු කිරීමේ හෝ කිරීමේ බලය යම් නියෝජ්‍ය කොමස