මහභාරකාර දෙපාර්තමේන්තුව පිහිටුවන ලද්දේ 1930 නොවැම්බර් මස 22 වැනි දා ය. දෙපාර්තමේන්තුව 1931 දී සිය මෙභෙයුම් කටයුතු හය දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් ඇතුව ආරම්භ කළේ ය. එම කාර්යමණ්ඩලයට මහභාරකාරතැන, ගැසට් කරනු ලැබූ නිලධාරීහු දෙදෙනෙක් එක් ලිපිකරු නිලධාරියෙක් සහ පියන්වරු දෙදෙනෙක් ඇතුළත් වූහ. ඒ කෙසේ වුවද බූදල් සහ භාර 54 කට වැඩි සංඛ්‍යාවක් ඔහුගේ පරිපාලනය යටතට පත් විය. සංඛ්‍යාවෙන් කුඩා වුවත් මෙම භාර සහ බූදල් සතු සුවිශාල ධන සම්භාරයක් තිබිණි. ඉන්පසු මේ දක්වා, මෙරට විසූ ධනවත් පුද්ගලයෝ ස්වකීය ධනය ජාති,ආගම්, කුල භේද නොතකා පුණ්‍ය කටයුතු වෙනුවෙන් වැය කිරීමට මෙම දෙපාර්තමේන්තුව වෙත පවරා තිබේ. මෙම පරිත්‍යාගශිලීන් අතර සුප්‍රකට ජනහිතකාමීන් වන අනගාරික ධර්මපාල, ශ්‍රීමත් ඩී.බී.ජයතිලක, ඒ.ඒ.ද.අල්විස්,මුහන්දිරම් ජයවික්‍රම,ලෙනාඩ් රූපසිංහ, ශ්‍රීමත් චන්ද්‍රසේකර, සිල්වා විජේසිංහ මුදලි සහ ජෝශප් හෝක් වැනි අය වූහ.
මහා භාරකාර තැන වූ කලී 1922 අංක 1 දරන මහා භාරකාර ආඥා පනතින් ඇති කරන ලද සංස්ථාපිත ආයතනයකි . ශ්‍රී ලංකාවේ මහා භාරකාර තැන නමින් හැඳින්වෙන නිලධාරියකු අවිච්ඡින්නව පත් කිරීම සඳහා මෙම නීතිය විධිවිධාන සලසයි. මෙම ධූරය දරන්නා එම ධූරයෙන් ඉවත් වුවහොත් එම ධූරයෙන් අනුප්රාප්තිකට එම නිල දේපල භාර වෙයි. මේ අනුව මහා භාරකාර තැනගේ රාජකාරිය, ධූරය දරන්නාත් අනුප්‍රාප්තිකයාත් එකම තැනැත්තා සේ සලකා අනුප්‍රාප්තිකයා අඛණ්ඩව ඉටු කරයි